භාණ්ඩාගාර කොල්ලය කලේ හිරේ ඉන්න චීන්නුදැයි සොයයි..


මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන
2.5ක මුදලක් අවභාවිත වීමේ සිද්ධිය සහ මෙරට රැඳී සිටිමින් අන්තර්ජාල මුදල් වංචාවල නිරත වූ විදේශිකයන් 120 දෙනෙකු අතර සම්බන්ධයක් පවතීද යන්න පිළිබඳව වැලිකඩ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා ඉදිරියේ කරුණු දක්වමින් පොලිසිය මේ බව අනාවරණය කළේය.

රාජගිරිය, මැද වැලිකඩ පාරේ පිහිටි සත් මහල් නිවාස සංකීර්ණයක දැඩි ආරක්ෂිත රැකවල් මැද්දේ අන්තර්ජාල වංචාවල නිරතව සිටි විදේශිකයන් පිරිසක් පසුගිය 02 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.

රටවල් පහකට අධික ප්‍රමාණයක විදේශිකයන් 120 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට පත් වූ අතර, රුපියල් කෝටි 15කට ආසන්න වටිනාකමකින් යුත් මුදල්, පරිගණක සහ තවත් උපකරණ තොගයක් පොලිස් භාරයට ගැනුණි.

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක වංචාවට මෙම පිරිස සම්බන්ධ දැයි සැකයක් පවතින බැවින්, ඒ පිළිබඳව විමර්ශන අවසන් වන තෙක් ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වැලිකඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම පුද්ගලයන් මෙරටට පැමිණ අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ලද මූල්‍ය වංචාවල වපසරිය සහ ඔවුන් ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව දැනටමත් දීර්ඝ විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය.

මෙම විදේශික පිරිස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ මෑතකදී සිදුවූ මහා පරිමාණ මූල්‍ය වංචා හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් අතර ඇති සබඳතාව තහවුරු කර ගැනීම සඳහාය.

9 Comments

  1. gon katha ahala athiwela


    yako oka approve kale kawda

    ReplyDelete
  2. පැලවට්ටෙ ඉන්න ඕස්ට්‍රේලියන් පකයෙක් තමයි කොල්ලකරු.

    ReplyDelete
    Replies
    1. අනුර කුමාරMay 7, 2026 at 5:54 AM

      මම ඒ හැකරා කා බැලුවේ නැත.

      Delete
  3. Maha molakaru kauda?

    ReplyDelete
    Replies
    1. කලු කොට මිනිහෙක්.

      Delete
  4. නූගත් වහල් හීනමානසික මීහරක් උපාදි පට්ටංඅැතුවද රටට බරක්,.May 6, 2026 at 11:55 PM


    තිරිසනුන්ට පහත් ලෝක සෟබ්‍යසංවිධාන ඹෟෂධ මාපියාවේ මුදලට,වරදානවලට යටවී සමස්ථ රටක මහජනයා ලෙඩුන් බවට පත්කර දමා මීහරකුන් ලෙසින් සමස්ත සෟබයම උලා කන,.
    උගත් යැයි සිතනා,තිරිසනුන්ට පහත් නීතිව්‍රෘතීයේ යෙදෙනා වහල් මීහරක් නීසා රටකට නීතිය වල්වැදී සමස්ථ සමාජයකට නිදහස අහිමිවී සවභාදහමේ නීතියට පවා අභියෝගකරනා තිරිසනුන් වැනි සමාඡයක් බිහිවී අැති මොහොතක,.
    දේශපාලනයට පැමිණි මීහරක්,රාඡ්‍යක ස්වාධිපත්‍ය භෟමිකඅඛණ්ඩතාවය, විණාශකිරීමට බලශක්තිය,අාහාරසුරකෂිතභාවය වලපල්ලට දමා බටහිරටම ගැතිව අසල්වාසී රටවල පරගැත්තන් ලෙස රජ්‍යය් හතරකොන, මහජනයා උගසට තබා ණයටම කන, මදිවට පාඩුවට හොරා කන රටක් උලාකන,ඉතිහාසයක් සංස්කෘතියක් ඉතිහාසග දැනුමක් පිලිබදව වගේ වගක් නොමැතිව බලයට වරදාන සදහා , හීනමානසික කපටි නරියන් ලෙසටම පොරකන, සමස්ථය රවටා දශක අටකට අාසන්න කාලයක් මීහරකුන් ලෙසට උලාකන රටක් රාඡ්‍යයක් වේනම් නූතන ලංකාව අංක ඵක,.!

    ReplyDelete
    Replies
    1. කොට අනුරMay 7, 2026 at 5:42 AM

      මෙව්ව රටවල්ද? මෙව්ව හුන්ඩු!

      Delete
  5. Oka Kare Wenakawruth newei Bandagara LEkama , Oka computer Master Mid ekak , okage compamien thami Oya Highway eke salli gevana system eka kaleth , mu dual citizen oka chanda poronduwak AKD ge Ausi waladi wechcha , Oka Chinise la ta dala yata ganda epa case eka

    ReplyDelete
  6. චතුරංග අබේසිංහ කියන වෙස බල්ලා තමයි ලංකාවේ කොල්ලන්ට Fake අකවුන්ට් හදල රුපියල් 2,000 ගානේ ගෙවලා JVP එකේ එවුන්ගේ ගොබ්බයන් කරන ගොබ්බ වැඩ හෝදන ව්‍යාපාරය පටන්ගත්තෙ. මෙ වෙස බල්ලා හිරේ දාන්ඩ ඕනේ.

    ReplyDelete
Previous Post Next Post