"ලස්සන දන්සල " මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී හා සියලුම පළාත් මධ්‍යස්ථානවල දී පැවැත් විය.
වෙසක් උත්සවය නිමිත්තෙන් සමාජ සත්කාරක වැඩසටහනක් හා පාඨමාලා ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස එය ක්‍රියාත්මක විය.
දකුණු පළාත් දන්සැල මාතර පුහුණු මධ්‍යස්ථානයේදී ද, ඌව පළාතෙහි හල්දුම්මුල්ල පුහුණු මධ්‍යස්ථානයේදී ද, සබරගමුව පළාතෙහි ඇඹිලිපිටිය පුහුණු මධ්‍යස්ථානයේදී ද, උතුර පලාතෙහි වවුනියාව පුහුණු මධ්‍යස්ථානයේදී ද, උතුරු මැද පළාතෙහි අනුරාධපුර යොවුන් නිකේතනයේදී ද, වයඹ පළාතෙහි හලාවත පුහුණු මධ්‍යස්ථානයේදී ද, මධ්‍යම පළාතෙහි පොල්ගොල්ල පුහුණු මධ්‍යස්ථානයේදී ද, නැගෙනහිර පළාතෙහි අම්පාර පුහුණු මධ්‍යස්ථානයේ දී ද පැවැත් වූහ.
මෙහි ප්‍රධාන වැඩසටහන බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් මහරගම තරුණ සේවා සභාවේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ දී තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් හා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්යක්ෂ ජනරාල් නීතීඥ සුපුන් විජේරත්න මහතාගේ සහභාගීත්වයෙන් පැවැත් වුණි.
ජාතික තරුණ සේවා සභාවේ වෘත්තීය පුහුණු වැඩසටහන් හරහා රූපලාවණ්‍ය ක්ෂේත්රයේ පුහුණුව ලැබූ තරුණ තරුණියන් විසින් සත්කාරයන් සිදු කළ අතර, මෙහිදී කාන්තා පිරිමි කොණ්ඩ කැපීම, හිස සම්බාහනය. සම විශ්ලේෂණය හා උපදේශන සේවාව, ඇහි බැම සැකසීම, ක්ලීන්අප් කිරීම, ඇස් වටා සමට සත්කාර කිරීම, මෙහෙන්දී ඇඳීම යනාදි සේවාවන් සිදු කෙරුණි.
මෙහි විශේෂත්වය වූයේ වැඩිහිටි නිවාසවල සිටින වැඩිහිටියන් සඳහා මෙහිදී විශේෂ සේවාවක් ක්‍රියාත්මක වීමයි. ඔවුන් ලස්සන දන්සල පැවැත්වෙන ස්ථානයට රැගෙන විත් කොණ්ඩා කැපීම, හිස සම්බාහනය වැනි සේවාවන් වැඩිහිටියන් සඳහා ලබාදීම සිදු කෙරුණි.

ජෙප්පො බුද්ධාගම කෝලමකට අරගෙන තියෙනවා. ඉස්සර ඔලුබක්කො නැටුවා. දැන් පිස්සු නටනවා.
ReplyDeleteඉතින් උඹට පාන්ද? වෙන දෙයක් බලාගෙන පැත්තකට වෙලා හිටපන් බයියා. උඹලගේ කාලෙ ඉවරයි දැන්.
DeleteWhat a shame ?
Deleteusing wesak for publicity purpose
ekek awurudda kiyala buriya uda natuwa
Deleteane manda
What a JOKE.. Is this to celebrate Vesak?
ReplyDeleteMassage parlour එකකුයි brothel එකකුයි දැම්මනම් අංගසම්පූර්ණයි.
ReplyDeleteමෝඩ චූන්, ගොන් ආතල්.
ReplyDeleteබුද්ධාගම බිඳ දමන්න නිරාගමික ජෙප්පන්ගේ කුමන්ත්‍රණයක්.
ReplyDelete