මල්වානේ නිවස, ඉඩම හරිනිට පටවයි..


 මල්වාන ප්‍රදේශයේ පිහිටි, මීට පෙර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බවට ප්‍රකාශ වූ සහ දැනට රජය සතු කර ඇති නිවස සහ ඉඩම සම්බන්ධයෙන් පවතින ගැටලුවට අවසන් විසඳුමක් ලබාදීම අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය වෙත පවරා තිබේ.

අදාළ දේපළ බලෙන් අත්පත් කරගෙන සිටින බව කියන විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සහ අග්‍රාමාත්‍යවරියගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් දෙදෙනෙකු අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (15) සවස අධ්‍යාපන අමාත්‍යාංශයේදී පවත්වා ඇත.

මෙම භූමිය සහ නිවස රජයේ විශ්වවිද්‍යාල පද්ධතියට අනුයුක්ත කළ යුතු බව සිසුන් මෙහිදී ඒකමතිකව අවධාරණය කර තිබේ.

සිසුන් ඉදිරිපත් කළ ඉල්ලීම සම්බන්ධයෙන් තනිව තීරණයක් ගැනීමට තමන්ට බලතල නොමැති බව සම්බන්ධීකරණ ලේකම්වරුන් ප්‍රකාශ කර ඇති අතර, ඒ පිළිබඳ අවසන් තීරණය විෂය භාර අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය වෙත යොමු කළ යුතු බව ඔවුන් පෙන්වා දී ඇත.

නිලධාරීන්ගේ මෙම ප්‍රකාශයත් සමඟ විශ්වවිද්‍යාල සිසුන් සාකච්ඡාව අතරමග නතර කර ඉන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

මෙම දේපළෙහි ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය ගන්නා තීරණය ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.

6 Comments

  1. මේ සතියෙ කඩවත වසන්ත සමරසිංහගෙ මාලිගාව හෙලිදරව් කරන්න හිටියා විපක්ෂෙන්.
    ඒක කඩාකප්පල් කරන්න තමයි මේ නාඩගම..

    ReplyDelete
    Replies
    1. NADAGAMA

      JVP ------------------------JVP

      SAKACHCHA

      Delete
  2. හරිනිගෙ දේපල ගැනත් හොයපල්ලා. මුන්ගෙ නාඩගම්. මිනිස්සු බඩ ගින්නෙ. ඩොලර් එක 332. ලංකාවෙ මෝඩ මිනිස්සු වගේ නෙවෙයි බංගලි දේසේ වැඩිහිටියො. ඔය දැන් ලස්සනට රට කරන්නෙ. වැඩිහිටියොන්ගෙ අවවාද ජෙන් සී ල පිලිගත්ත. රට ගොඩ ගියා.

    ReplyDelete
  3. GMOA professionals were bitterly neglected than these Anthare.

    ReplyDelete
  4. මාලිමා අන්තරේ සම්පුර්ණ අයිතිය තියෙන්නේ හරිනි නෝනටනේ.ඉතින් ඵ්ක ඵයාගේ වැඩක් තමයි.මේ රාජ්‍ය දේපළ අයුතු ලෙස පරිහරණය මාලිමා ජෙප්පන්ට ප්‍රශ්ණයක් නැත්නම් පොලීසියට නඩුකාරතුමන්ලට අවුලක් නැත්නම් අපි මොකටද ප්‍රශ්ණයක් කරගන්නේ?අපට තියෙන්නේ කට වහගෙන වෙන දෙයක් බලාගෙන ඉන්න ඵකටයි.

    ReplyDelete
  5. හරිණිගේ අමුතු ගේම්. ඕකට වහල්ලු ටිකක් කඩේ යවන්න ඕනද? කෙලින්ම පවරගන්න තිබුනනේ. විශ්ව විද්‍යාල නොගිය උන්ටත් තේරෙනවනේ මල්වනේ ඉඳල ලඟම තියන කැළණි විශ්ව විද්යලෙටත් තියන දුර.

    ReplyDelete
Previous Post Next Post