ලොකු පුටුවකට අලුත් කෙනෙක් ලග ලගම එනවා..


 ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු පත් කිරීමේ ක්‍රියාවලිය මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම ඉහළම තනතුර සඳහා අයදුම් කළ අපේක්ෂකයින් කණ්ඩායම් කිහිපයක් කිහිප වටයකදීම ඇගයීම් සහ පරීක්ෂණවලට භාජනය කර ඇති බවයි. ඒ අනුව, සුදුසුකම් සපුරා ඇති අවසන් අපේක්ෂකයින් කිහිපදෙනෙකු පමණක් මේ වන විට තේරීම් ලැයිස්තුවේ ඉතිරිව සිටින බව හෙතෙම පැවසීය.

"එලෙස තේරී පත්ව සිටින අවසන් අපේක්ෂකයින් අතරින් ඉතා ඉක්මනින්ම නව ප්‍රධාන විධායක නිලධාරියෙකු තෝරා ගැනීමට නියමිතයි" යැයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

එසේම ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා නව සභාපතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් පවතින සාකච්ඡා ද සාර්ථක මට්ටමක පවතින බව අමාත්‍යවරයා අනාවරණය කළේය.

මෙම තනතුර සඳහා මීට පෙර ද නම් කිහිපයක් යෝජනා වී තිබුණ ද, විවිධ හේතුන් මත එම නිර්දේශයන් සැලකිල්ලට ගැනීමට නොහැකි වූ බව ද ඔහු සිහිපත් කළේය.

කෙසේ වුවද, මේ වන විට ඒ සඳහා ඉතා ශක්තිමත් සහ සුදුසු නව යෝජනාවක් ඉදිරිපත්ව ඇති බැවින්, ඉදිරි සති එකක් හෝ දෙකක් ඇතුළත නව සභාපතිවරයා ශ්‍රීලංකන් ගුවන් සේවා සමාගම සමඟ සම්බන්ධ වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද අමාත්‍ය කරුණාතිලක මහතා වැඩිදුරටත් විශ්වාසය පළ කළේය.

4 Comments

  1. සුපිරි. රට දවසින් දවස ඉස්සරහට යනවා දකිනකොට මේ දියුණු රටවල් වල ඉන්න අපිට ආඩම්බරයක් දැනෙනවා මේ අපිත් මුල් වෙලා කරපු වෙනස නිසා නේද කියලා ♥️

    ReplyDelete
    Replies
    1. උඹේ පක තමයි. තෝ ඉන්නෙ මොන දියුණු රටේද ගොන් නාම්බො?

      Delete
    2. ඔහෙටම වෙලා හිටු

      Delete
  2. 😁😁😁😆

    ReplyDelete
Previous Post Next Post