දෙනියායේ උණ රෝගය ජයග්‍රාහී ලෙස මර්දනය කලා..- මාලිමා මන්ත‍්‍රී


දෙනියාය අධ්‍යාපන කලාපය තුළ පැතිර ගිය උණ රෝගී තත්ත්වය මේ වන විට ජයග්‍රාහී ලෙස මැඩ පැවැත්වීමට  හැකි වී ඇති බවත්, එමගින් කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැති බවත් ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ කොටපල සහ පිටබැද්ද යන අධ්‍යාපන කලාපවල දරුවන් අතර මෙම රෝගය ව්‍යාප්ත වූ බවයි.

රෝගය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන්, වෛද්‍යවරුන්, අධ්‍යාපන නිලධාරීන් සහ දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීම මත පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බව ඔහු සඳහන් කළේය. මේ යටතේ පාසල් පිරිසිදු කිරීමේ කටයුතු ද අඛණ්ඩව සිදු කෙරිණි.

වසංගත රෝග විද්‍යා අංශය මගින් සිදු කළ විමර්ශනවලට අනුව, මෙම උණ රෝගය ජලය මගින් බෝ වන බවට තහවුරු වී ඇත. ඒ අනුව, ජල සම්පාදන මණ්ඩලය සහ ප්‍රජා ජල ආයතන වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇති අතර, ඉදිරි කටයුතු සඳහා විශේෂ මාර්ගෝපදේශ සංග්‍රහයක් ද නිකුත් කර තිබේ.

මෙම රෝගී තත්ත්වය පාලනය කිරීමේදී මුල් අවධියේදී යම් ප්‍රමාදයක් සිදු වූ බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම පාසල් හතරක් වසා දැමීමට තීරණය කළේ සිසුන් 175ක් පමණ රෝගාතුර වීමෙන් පසුව බවත්, එවැනි අවස්ථාවක ආණ්ඩුකාරවරයාගේ බලතල පාවිච්චි කර එම තීරණය ගැනීමට සිදු වූ බවත් ඔහු පැවසීය.

තවදුරටත් අදහස් දැක්වූ ලාල් ප්‍රේමනාත් මහතා අවධාරණය කළේ, රෝගී තත්ත්වයක් වාර්තා වූ වහාම බලධාරීන් කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බවයි.

ජනතාව අනවශ්‍ය ලෙස කලබල වීම වැළැක්වීමට සහ රෝග ව්‍යාප්තිය අවම කිරීමට රාජ්‍ය නිලධාරීන් නිරන්තර අවධානයෙන් සිටිය යුතු බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය

7 Comments

  1. ප්‍රාදේශීය ජෙප්පෝ කියන්නේ හොරු මිනීමරුවෝ කොල්ලකාරයෝ ත්‍රාඩයෝ .......ජාතික ජෙප්පෝ කියන්නේ කෝටි ගනනින් මගඩි කරන උන් කන්ටේනර් පිටින් උස්සන උන්......ඩෝබිලාට පෑලවත්තෙන් දෙන දෙයක් විතරයි ...

    ReplyDelete
  2. Man of the match 🤣

    ReplyDelete
  3. යූ ආර් මයි මෑන් ඔෆ් ද මැච්. යූ ආ ගුඩ්. යූ ඩිස්ටෝයිඩ් ෆීවර් ජර්ම්ස්. අයි හෑව් නෝ වර්ඩ්ස් වට් ටු සේ. යස් යස් යූ කිල්ඩ් ද ෆීවර් ස්ප්රෙඩින් වයිරස්. යූ සේව්ඩ් ඕල් දෙනියාය පීපල්. යූ ආ ඒ නයිස් මෑන්.

    ReplyDelete
  4. ඩොලර් එක උඩ යන එකත් මර්දනය කරල පෙන්නුවොත් තොට තෑග්ගක් දෙනවා. Iphone 17 pro.

    ReplyDelete
  5. අමු බුරු වේසිගෙ පුතෙක්

    ReplyDelete
  6. උබලගෙ මූනු ප්‍රසිද්ද කරගන්නැතුව හිටපල්ල පාපිස්සො. ගුටිකන කාලෙ වැඩි ඈතනෑ.

    ReplyDelete
  7. කක්ක පැකට් වලින් ගහල වෙන්න ඇති

    ReplyDelete
Previous Post Next Post