ගල්අඟුරු ආනයනය කිරීමේදී සිදුව ඇති අක්‍රමිකතා සෙවීම සඳහා පත්කළ ජනාධිපති විශේෂ කොමිෂන් සභාවේ ස්වාධීනත්වයට සහ එහි සිටින විනිසුරුවරුන්ගේ ආත්ම ගෞරවයට ටිල්වින් සිල්වා මහතා සිදුකළ ප්‍රකාශය මගින් බරපතළ ගැටලුවක් මතු කර ඇති බව එම කොමිෂන් සභාවේ ලේකම් බන්දුල සේන මහතා පවා පිළිගත් බව නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර මහතා පවසයි.
ගල්අඟුරු ආනයනයේදී සිදුවූ වංචා දූෂණ සෙවීම සඳහා අප්‍රේල් 17 වනදා ජනාධිපතිවරයා විසින් පත්කළ මෙම කොමිෂන් සභාවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු, අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු සහ මහාධිකරණ විනිසුරුවරයෙකු ඇතුළත් වන අතර එයට පූර්ණ අධිකරණ බලය හිමිව තිබේ.
එසේ තිබියදී, ටිල්වින් සිල්වා මහතා තංගල්ලේ පැවැති මැයි දින වේදිකාවකදී මෙම කොමිසම පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස් දක්වමින්, මාස තුනකින් මෙහි වාර්තාව නිකුත් වන බවත්, ඉන් ආණ්ඩුව නිදහස් වී විපක්ෂයේ කිහිප දෙනෙකුට හිරේ යාමට සිදුවන බවත් ප්‍රකාශ කර ඇති බවත් ජනාධිපතිවරයා විසින් මාස හයකින් වාර්තාව ලබා දීමට නියම කර ඇති කොමිසමක වාර්තාව මාස තුනකින් ලැබෙන බවත් එහි ප්‍රතිඵලයත් ටිල්වින් සිල්වා මහතා කලින්ම පවසන්නේ කෙසේදැයි සුගීශ්වර බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.
මේ සම්බන්ධයෙන් කොමිසමේ ලේකම් බන්දුල සේන මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සුගීශ්වර බණ්ඩාර මහතා ඉල්ලා සිටින්නේ 2024 අංක 8 දරන අධිකරණයට අපහාස කිරීමේ පනත යටතේ ටිල්වින් සිල්වා මහතාව වහාම අත්අඩංගුවට ගෙන ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙසයි.
ටිල්වින් සිල්වා මහතාගේ මෙම ක්‍රියාව අධිකරණයට කළ බරපතළ අපහාසයක් බවත්, මේ වන විට රටේ විධායකය, ව්‍යවස්ථාදායකය මෙන්ම අධිකරණය වැනි ස්වාධීන ආයතනවලට පවා ඔහු බලපෑම් කරමින් සිටින බවත් බණ්ඩාර මහතා වැඩිදුරටත් චෝදනා කරයි.
මෙම කොමිෂන් සභාව තවදුරටත් ස්වාධීන බව තහවුරු කිරීමට නම් ටිල්වින් සිල්වා මහතා සම්බන්ධයෙන් වහාම පියවර ගත යුතු බවත්, එසේ නොමැති වුවහොත් මෙම කොමිසම ද විපක්ෂය මර්දනය කිරීම සඳහා ජනාධිපතිවරයා යොදාගන්නා තවත් එක් උපක්‍රමයක් පමණක් බව ජනතාවට ඒත්තු යනු ඇති බවත් ඔහු අනතුරු ඇඟවීය.

මුන්ට බලය දරාගන්න හරි අමාරුයි.
ReplyDeleteඑහෙමම නෙමේ මහත්තය, අසූචි කාපු බණ්ඩාරගේ මහ උන් කම්බස් වෙන්න ළඟ නිසා ඔය වැඩිපුර කට කියවන්නෙ.
Deleteඉස්සර අපේ ආත කියනව, යන ගී කියනවලු හරි හයියෙන් මැරෙන්න ඉන්න එකා, තමන් කරපු එව්වයින් ගැලවීමක් දැන් නම් නැති බව දැනගෙන
මුන්ට බලය දරාගන්න හරි අමාරුයි.
ReplyDelete