සුපර් ඩීසල්, සුපර් පෙට‍්‍රල් හිගයක්...


ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් දිවයින පුරා පිහිටි පිරවුම්හල් රැසක ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් සහ සුපර් ඩීසල් හිඟයක් නිර්මාණය වී ඇති බව ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

වර්තමානයේ භාවිත වන නවීන පන්නයේ වාහන සඳහා අත්‍යවශ්‍ය වන මෙම ඉන්ධන වර්ග ද්විත්වය වෙළෙඳපොළෙන් ඉවත් වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ පවතින අවම ලාභ පරතරයයි.

මෙම ඉන්ධන තොගයක් මිලදී ගැනීම වෙනුවෙන් පිරවුම්හල් හිමියන්ට රුපියල් ලක්ෂ තිහකට අධික විශාල මුදලක් ආයෝජනය කිරීමට සිදුවේ.

එතරම් විශාල ආයෝජනයක් සිදු කළද, සංස්ථාව විසින් පිරවුම්හල් වෙත ලබාදෙන මෙහෙයුම් ලාභාංශය රුපියල් 45,000 ක වැනි මුදලකට සීමා කර ඇත.

පිරවුම්හල්වල මෙම ඉන්ධන වර්ගවල දෛනික අලෙවිය ලීටර් 500 සීමාවට වඩා අඩු මට්ටමක පවතී. මේ හේතුවෙන් මිලදී ගන්නා තොගයක් සම්පූර්ණයෙන් විකිණී අවසන් වීමට සති දෙකකට වඩා වැඩි කාලයක් ගතවේ.

සති දෙකක් තිස්සේ රුපියල් ලක්ෂ 30 ක් සිරකර තබාගෙන ලබන රුපියල් 45,000 ක වට්ටම් මුදල, පිරවුම්හල් සේවකයන්ගේ වැටුප් ගෙවීමට පවා ප්‍රමාණවත් නොවන බව බෙදුම්කරුවෝ පෙන්වා දෙති. 

ඛනිජ තෙල් සංස්ථාවට සාපේක්ෂව මෙරට ක්‍රියාත්මක විදේශීය තෙල් සමාගම් තම බෙදුම්කරුවන් වෙනුවෙන් දෙගුණයකටත් වඩා වැඩි වට්ටම් ප්‍රතිශතයක් ලබා දීමට කටයුතු කරයි.

එම සමාගම් පාරිභෝගිකයන්ගෙන් ඉහළ මිලක් අය කළද, උපරිම සිල්ලර මිලට අනුපාතිකව සියයට 3 ක (3%) ඉහළ වට්ටම් ප්‍රතිශතයක් තම බෙදුම්කරුවන් වෙත පිරිනමයි. මේ හේතුවෙන් විදේශීය සමාගම් සතු පිරවුම්හල්වල මෙම ඉන්ධන හිඟයකින් තොරව පවතී. 

සංස්ථා පිරවුම්හල්වල මෙම තීරණය හේතුවෙන් වඩාත්ම පීඩාවට පත්ව ඇත්තේ කොළඹින් බැහැර දුර බැහැර ප්‍රදේශවල වෙසෙන ජනතාවයි.

එම ප්‍රදේශවල පිරවුම්හල් තුළ ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් සොයා ගැනීමට නොමැති වීම නිසා නවීන වාහන හිමියන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි. 

6 Comments

  1. සිල්ලර කඩයක්වත් කරලා නැති මිනීමරු ජෙප්පන්ට රට බාර දීපු 68 ගොන් බූරුවන්ට දැන්වත් තේරෙනවද දන්නෑ කරපු මෝඩකම.

    ReplyDelete
  2. බයවෙන්ඩ එපා. අපි ගබඩා ටැංකි පුරවලා තියෙන්නෙ...හිකිස්

    ReplyDelete
  3. හුණ්ඩුකුමාර රට පනින්න බෑග් එහෙම ලෑස්ති කර ගනින්.

    ReplyDelete
Previous Post Next Post