පුද්ගලයෙකු දරන දේශපාලන මතිමතාන්තර කුමක් වුවත්, රට ගොඩනැගීම සඳහා අවශ්‍ය දක්ෂතාවය, හැකියාව සහ කැපවීම ඇත්නම් එවැනි අවංක පුද්ගලයන් සංවර්ධන ක්‍රියාවලියට එකතු කර ගැනීමට රජය කිසිවිටෙකත් පැකිලෙන්නේ නැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා අවධාරණය කළේ පසුගිය කාලසීමාව තුළ ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරයෙන්ම, වත්මන් රජය ද මේ සම්බන්ධයෙන් ඉතා විවෘත ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.
යම් පුද්ගලයෙකු රජයට ඡන්දය ලබා නොදුන් අයෙකු වුවද හෝ වෙනත් දේශපාලන මතයක් දරන්නෙකු වුවද, ඔහු අවංකව රට වෙනුවෙන් කැපවීමට සූදානම් නම් එම දායකත්වය ලබා ගැනීමට රජය සූදානම් බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
විපක්ෂයේ ක්‍රියාකලාපය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, විපක්ෂයේ ඇතැම් පිරිස් රාත්‍රී කාලයේ සාකච්ඡා පවත්වමින් පුවත් මැවීමට උත්සාහ කරන්නේ තමන් දේශපාලන කරළියේ සිටින බව ජනතාවට පෙන්වීමට පමණක් බවයි.
රටේ සංවර්ධනයට දායක වීමට ඔවුන්ට වැඩපිළිවෙළක් නොමැති බවත්, රජයේ කටයුතු වලට බාධා කිරීමට ඔවුන් ගන්නා උත්සාහයන් සාර්ථක නොවන බවත් ඔහු පැවසීය.
එසේම, රජය සතුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, විපක්ෂයට කළ හැක්කේ රජය ගෙන එන සුභවාදී යෝජනා වලට තවත් දේ එකතු කරමින් ඒවා සංවර්ධනය කිරීමට සහාය වීම පමණක් බවද සඳහන් කළේය.
මෙය වෙනත් පක්ෂවල පුද්ගලයන් දේශපාලනිකව තමන් වෙත නතු කර ගැනීමක් නොව, රට ගොඩනැගීමේ පොදු ක්‍රියාවලියට දක්ෂයන් සම්බන්ධ කර ගැනීමක් පමණක් බවද ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

ඇයි උඹලට දක්ෂයො නැද්ද?
ReplyDeleteරෙද්දේ රීගන ඇඟ පුරා ගා ගෙන දැන් හෝදන්න වතුර හොයනවා.
ReplyDeleteඇයි ඒ කාලේ මහින්ද රාජපක්ෂ ගත්තෙ (අ) දක්ෂයො යූ.එන්.පී. එකෙන්: කරූ ජයසූරිය ගියා දෑත් ශක්තිමත් කරන්ඩ තව 17 දෙනෙකුත් එක්ක, එස්.බී. ව ගත්තා, රාජිත සේනාරත්න ව ගත්තා, ජේ.වී.පී. එකෙන්: වීරසංගිලි පේඬිගේ විමල් (නොහොත් විමල් වීරවන්ස - අර හොර පාස්පෝට් දුසිම් ගණන් තියාගෙන ඉන්න පුද්ගලයා, ස්ව්ස් මියුචුවල් ෆන්ඩ් එකක ඩොලර් මිලියන 400 කට වඩා තියාගෙන ඉන්න පුද්ගලයා) ව ගත්තා. මහින්ද කරපුව මේ ආණ්ඩුව කරන්ඩ ඕන නැද්ද.....?
ReplyDelete