ඕමාන් රාජ්‍යයේ අගනුවර වන මස්කට් නුවරට නාවික සැතපුම් 60ක් පමණ දුරින් මුහුදේදී නෞකාවක බාහිර පිපිරීමක් සිදුව ඇති බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් ආයතනය (UKMTO) පසුගිය අඟහරුවාදා නිවේදනය කළේය.
නෞකාවේ වම්පස, ජල මට්ටම ආසන්නයේ මෙම පිපිරීම සිදුව ඇති බව වාර්තා වේ.
කෙසේ වුවද, මෙම අනතුරෙන් නෞකාවට හෝ එහි සිටි කාර්ය මණ්ඩලයට කිසිදු අනතුරක් සිදුව නොමැති අතර, ඔවුන් සියලු දෙනාම ආරක්ෂිතව පසුවන බව UKMTO ආයතනය තහවුරු කරයි.
නෞකාවේ පසුපස වම්පස කොටසේ, ජල මට්ටමට සමීපව සිදුවූ මෙම පිපිරීම හේතුවෙන් ඉන්ධන කිහිපයක් මුහුදට මුදා හැරී ඇති බව නෞකාවේ කප්පිත්තා විසින් ප්‍රකාශ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අංශ වැඩිදුර විමර්ශන සිදුකරයි.
