ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම විදේශ විනිමය දත්තයන්ට අනුව, අද (22) දින ඇමරිකානු ඩොලරයක මිලදී ගැනීමේ අගය රුපියල් 342.67 ක් ලෙසත්, විකිණීමේ අගය රුපියල් 353.17 ක් ලෙසත් සටහන්ව ඇත.
මීට පෙර දිනයේ (21) ඩොලරයේ ගැනුම් අගය රුපියල් 342.63 ක් සහ විකුණුම් අගය රුපියල් 354.03 ක් වූ අතර, එය 2023 මාර්තු 02 වැනිදායින් පසුව වාර්තා වූ ඉහළම අගයන් බව මහ බැංකු දත්ත පෙන්වා දුන්නේය.
බලපත්‍රලාභී වාණිජ බැංකු අංශය දෙස බැලීමේදී, ඩොලරය විකුණනු ලබන මිල ගණන්වල සුළු අඩුවීමක් අද (22) දින නිරීක්ෂණය වේ. ඊයේ (21) ඇතැම් බැංකුවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 354.00 ක මට්ටමකට ඉහළ ගොස් තිබුණ ද, අද වන විට එම අගයන් රුපියල් 349 ත් රුපියල් 354 ත් අතර සීමාවක පවතී.

මහබැංකුව රුපියල් සහ රත්තරන් සංචිතය පාවිච්චි කරලා ඩොලර් මිලදී ගන්න ඇති.
ReplyDeleteබ්‍රිතාන්‍ය මහා රාජිනියගේ සිලෝන් නමැති යටත්විජිත දූපත් රාජ්‍යය නැවතත් ශ්‍රීලංකා නමැති නිවහල් දේශයක් බවට පත්කරගත්තේ මෙයට අවුරුදු පනස් හතරකට පෙර අද වැනි දිනකයි. ඒ සඳහා නායකත්වය දුන් ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජාතියේ වීර මාතාවකි. තමා මරාදැමීම සඳහා කුමන්ත්‍රණය කළ ත්රස්තවාදීන් නොමග ගිය තරුණයන් වශයෙන් සලකා පුනරුත්ථාපනය කිරීමට කටයුතු කළේ එම වීර මාතාවයි
ReplyDeleteඅද සිකුරාදා නේ , must see Monday
ReplyDelete