මං කලකිරුණා.. මෙහෙම ගියොත් රාජපක්‍ෂලාට වූ දේම වෙනවා.. නැවත වීඩියෝ දාන්නෑ.. සිවුරත් අරිනවා..- රාජාංගනේ හිමි


 තමන් මින් ඉදිරියට යූටියුබ් වෙත වීඩියෝ මුදාහැරීම නතර කරන බවත්, වත්මන් සමාජ ක්‍රමය සහ පාලනය පිළිබඳව තමන් දැඩි ලෙස කලකිරී සිටින බවත් රාජාංගනයේ සද්ධාරතන හිමියෝ පවසති. 

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ යූටියුබ් නාලිකාව හරහා විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමටත්, දූෂිත දේශපාලකයන් පලවා හැරීමටත් තමන් ඇතුළු පිරිස විශාල සහයෝගයක් ලබා දුන් බව උන්වහන්සේ මෙහිදී සිහිපත් කළහ. 

"මම නැත්නම් ඔය පොලිස්පතිලත් නෑ අද... මම ඇතුළු රටට ආදරය කරන තරුණ තරුණියෝ මේ රටේ හිටපු හොරු ටික එලවලා වෙනස්ම පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න උදව් කළා" යැයි පවසන උන්වහන්සේ, වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව සිය අප්‍රසාදය පළ කර සිටිති.

මිනිසුන් රැවටීමට කටයුතු කළහොත් රාජපක්ෂවරුන්ට සිදු වූ දේම වත්මන් ආණ්ඩුවට ද සිදුවනු ඇති බව උන්වහන්සේ අනතුරු අඟවති. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටට ආදරය කරන බව පෙනුනද, රාජ්‍ය නිලධාරීන් තවමත් දූෂිත බවත් ජනාධිපතිවරයාට තනියම රටක් සෑදිය නොහැකි බවත් උන්වහන්සේ පෙන්වා දෙති.

නීතිය සහ යුක්තිය පිළිබඳ කලකිරීම රටේ නීතිය ක්‍රියාත්මක වීමේදී පවතින අසමානතාවය පිළිබඳව ද උන්වහන්සේ දැඩි විවේචනයක් එල්ල කළහ. 

යුක්තිසහගත මිනිසුන් මැඩපැවැත්වීමට කටයුතු නොකරන ලෙස ඉල්ලා සිටින උන්වහන්සේ, තමන්ට එල්ල වන නින්දා අපහාස සහ නඩු හබ හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව සඳහන් කරති. 

තමන්ට එරෙහිව පවතින නඩු කටයුතු අවසන් වූ වහාම ශාසනයෙන් ද සමුගැනීමට තීරණය කර ඇති බවත්, "මට මේකත් එපා වෙලා තියෙන්නේ" යනුවෙන් පවසමින් උන්වහන්සේ සිය කලකිරීම ප්‍රකාශ කළහ.

අවසාන තීරණය තමන් මෙතෙක් ආ ගමනේදී සිදු වූ අඩුපාඩු වෙතොත් සමාව ඉල්ලා සිටින උන්වහන්සේ, හොරුන් පිරිසක් තමන් වීඩියෝ දමනවාට බියක් දක්වන බැවින් තමන් නිහඬ වීමට තීරණය කළ බව පැවසූහ. 

"මට දෙන්න පුළුවන් උපරිම වද දීලා ඉවරයි. හිරේ දැම්මා, මඩ ගැහුවා, පන්සලට ඇවිල්ලා යූටියුබ් උපකරණ විනාශ කළා" යැයි පවසන සද්ධාරතන හිමියන්, මින් ඉදිරියට කිසිදු වීඩියෝවක් පළ නොකරන බව ප්‍රකාශ කර සිටිති.

5 Comments

  1. මේකා හොර සිවුරු කාරයෙක්. හාමුදුරු නමක් නෙවෙයි. සිවුරු දා ගන්නේ සංසාරේ කලකිරුණු අය. මූ කලකිරෙන්නේ මූ පත් කරගත්ත ආණ්ඩුවට. අනෙක රාජපක්ෂලාට උන දෙයක් නෙමෙයිනේ. තොපියි තොපේ පච වලින් කරපු දෙයක් නේ. දැන් වීඩියෝ දාන්න බෑ රෙද්දක් ඇඳගෙන. දැම්මත් මිනිස්සුන්ගෙන් කුණු හරුපනේ අහගන්න වෙන්නේ. හොඳ වැඩේ මේකට. මක බෑවිලා පල.

    ReplyDelete
  2. සිවුරු අරින්න දෙයක් නෑ. හොරට සිවුර පොරවගෙන ඉන්න ඩෝබිය

    ReplyDelete
  3. මෙයානේද ටික දවසකට ඉස්සෙල්ල කිව්වෙ ජනපති ආර්යාව ලඟදි මාව හම්බුවෙන්ඩ ආව. ඒතුමිය තරුන,කුලකාන්තාවක් කියල.

    ReplyDelete
  4. අනේ පල පොන්නයා . සිවුරුහොරා. ඩෝබියා. තෝ පොන්නයාට පුලුවන් කුනුහරුප වපුරන්න විතරයි. පල හුඋ..යන්න

    ReplyDelete
  5. ඔයැයි මහනවෙලාද හිටියෙ ලොක්කා.මම හිතුවෙ බස් වලට සෙනඟ පටවන ලෝඩ් කෙනෙක් කියලා.

    ReplyDelete
Previous Post Next Post