ලබන සතියේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද දින රැස් කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉල්ලීමක් කර තිබුණි.
කෙසේ වෙතත්, සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් එම ඉල්ලීම පාර්ලිමේන්තු සභාවේදී ප්‍රතික්ෂේප කරනු ලැබීය.
එවැනි සාකච්ඡාවක් පැවැත්වීම සඳහා මෙතෙක් කිසිදු සූදානමක් නොමැති බව සභානායකවරයා මෙහිදී අවධාරණය කළේය.
දේශපාලන පක්ෂ නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් රටේ වත්මන් තත්ත්වය පිළිබඳව දැඩි අවධානයකින් පසුවන වටපිටාවක මෙම ඉල්ලීම සිදු කරන බවත්, මේ පිළිබඳව විපක්ෂයේ සෙසු දේශපාලන කණ්ඩායම් අතර ද සාකච්ඡා වී ඇති බවත් ගයන්ත කරුණාතිලක මහතා පෙන්වා දුන්නේය.
මීට ප්‍රතිචාර දක්වමින් සභානායක බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ මීළඟ රැස්වීම ලබන ජූනි මාසයේ මුල් සතියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.
එමෙන්ම, රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය දින දෙකෙහිදීම සභාව තුළ දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවත්, වත්මන් ඩොලර් අර්බුදය විසඳීම සඳහා රජය මේ වන විටත් සක්‍රීයව මැදිහත් වෙමින් සිටින බවත් සභානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පඩත්තල කමේ සීමාවක් නැහැ. බාගෙට උපාධි අරගෙන, සමහරු හොර උපාධි අරගෙන අන්තිමට දන්නෙත් නැහැ, දන්න එකෙක්ට කරන්න දෙන්නෙත් නැහැ.
ReplyDeleteඋන් හොරකම් නම් භාගෙට කරන්නේ නැහැ.
Deleteකන්ටේනර් 323ක් එකපාර පැන්නුවේ.
අපි දැක්කා පෙරේදා අගරදගුරා ප්‍රමුඛ කොටි මහමොලකරුවො ටික එක්ක ජනාධිපති මන්දිරේ සාකච්චාවක් තියලා තිබුනා.
ReplyDeleteඋන් ටික දෙයියට කියලා මොකක් හරි අටවලා දෙයි. භය වෙන්න එපා.
සර්වබලදාරියට කරන්න බැරි ලබ්බක් නැහැනේ.
2009 මහින්ද ලොක්ක යුද්දෙ ඉවර කලාට පස්සෙ දැන් හරි කියල ඉන්නෙ නැතුව, සින්හල කොටි ටිකත් ඉවරකර කරල හරි නියපොතු ගලවල නොදාපු එකේ වැරැද්ද.
Deleteහොඳ වැඩේ විපක්ශේ පකයලටත් දෙන්න යනවට.
ReplyDeleteඑකපාරකුත් සජියා ඔය කුණු කතාව අහගත්ත නේ. ලැජ්ජ නෑනේ ඉතින්.
මේ ආණ්ඩුවට උදවු කරන ඒකත් පාපයක්.
ReplyDeleteමේ ආණ්ඩුවට උදවු කරන ඒකත් පාපයක්.
ReplyDeleteමූන් වගේ විපක්ශෙ රට කාලකන්නි කරන්න දගලන්නෙ නෑ. මුන් ගෝටබය❤මැතිතුම එලවල බලෙන් ගත්ත ආන්ඩුව කනෙන් ඇදල දොට්ට දාන්න ඕන වැඩ බැරි කුහක කාලකන්නි
ReplyDelete