අපි දිනෙන් දින පොහොසත් රටක ලස්සන ජීවිතයක් ලබා ගනිමින් ඉන්නවා..


 නොසිතූ මොහොතක සිදුවන සුළු සිදුවීම් පදනම් කරගනිමින් මුළු ආර්ථිකයම කඩා වැටෙන බව පවසන විපක්ෂය, ඉදිරියේදී දිනෙන් දින දේශපාලන වශයෙන් අභාවයට යනු ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා ප්‍රකාශ කරයි. 

ඔහු පෙන්වා දෙන්නේ විපක්ෂය එවැනි මත පැතිරවීමට උත්සාහ කළද, රජය විසින් රට දැවැන්ත සංවර්ධනයක් කරා ස්ථාවරව රැගෙන යන බවයි.

පොහොසත් රටක් සහ ලස්සන මිනිසුන් ලෙස දැවන්ත සංවර්ධනයක් අත්පත් කර ගැනීමේ අරමුණින් රජය ඉදිරියට යන බවත්, දිනෙන් දින රටත් ජනතාවත් එම සාර්ථකත්වය අත්පත් කරගනිමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය

Previous Post Next Post