මල්වානේ පිහිටි අක්කර 16ක භූමිය තුළ අඛණ්ඩව සිව්වන දිනටත් සිදුකරගෙන යන අරගලයෙන් ඉවත් වන්නේ නම්, ඒ සඳහා බලධාරීන්ගෙන් නිශ්චිත පොරොන්දුවක් ලැබිය යුතු බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණඩලයේ කැඳවුම්කරු සසිඳු පෙරේරා අවධාරණය කරයි.
බැසිල් රාජපක්ෂ මහතාට අයත් යැයි මුලින් පැවසූවද පසුව අධිකරණ අමාත්‍යංශය යටතට පවරා තිබෙන මෙම රජයේ දේපළ, විරෝධතාවය සඳහා බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට එරෙහිව මේ වන විට සමාජයේ විවිධ පාර්ශ්වයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
මෙම අරගලය ආරම්භ කරනු ලැබුවේ විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කරන ලෙස ආණ්ඩුවට පීඩනයක් ලබා දීමට බවත්, මේ වන විට ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද එකම පැත්තේ සිටගනිමින් ශිෂ්‍යයින්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කරමින් සිටින බවත් ඔහු පවසයි.
අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මේ සම්බන්ධයෙන් මැදිහත් වී ලබන අද දිනයේදී සාකච්ඡාවක් ලබා දී ඇති අතර, එහිදී මල්වාන භූමිය විශ්වවිද්‍යාල පද්ධතියට පවරා දීම සහ සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කිරීම සම්බන්ධයෙන් නිශ්චිත සහ සහතික කළ පිළිතුරක් ලබාදිය යුතු බව ඔහු සඳහන් කරයි.
"මෙතනින් ඉවත් වීමක් සිද්ධ කරනවා නම් ඉවත් වීමක් සිද්ධ කරන්නේ නිශ්චිත බලධාරීන් ඇවිල්ලා මේ සම්බන්ධයෙන් නිශ්චිත පොරොන්දුවක් අපිට ලබා දෙන්න ඕනේ" යැයි ඔහු පවසා සිටියි. එම සාකච්ඡාවේදී නිසි තීන්දුවක් නොලැබුණහොත් හෝ නැවත වතාවක් ශිෂ්‍යයන්ව "වටේ යවන" ක්‍රියාවක් සිදු වුවහොත්, දැනට තාවකාලිකව නවත්වා ඇති ක්‍රියාමාර්ග නැවත ආරම්භ කරන බවට ඔහු අනතුරු අඟවයි.
එවැනි අවස්ථාවකදී සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම ඒකරාශී කරමින් දැවැන්ත විරෝධතා රැලියක් සහ විවිධ මට්ටමේ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත්, මෙම ඉල්ලීම් දිනාගන්නා තෙක් සටන අත්නොහරින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි
හරි හරි... අපි රැවටුනා ඔන්න එහෙනම් ඈ...
ReplyDeleteආණ්ඩුව මේ කරන්නේ උන්ගේ ම මිනිස්සු දාලා රාජ්‍ය වට්ටන එක මේ ගැන අමෙරිකාව දැනුවත් කරන්න ඕන මොකද දැන් අමෙරිකාවේ ජනපති කොමියුනිස්ට් කාරයන් ට කැමති නෑ කොහෙද මෙවා කරන්න ඕන විපක්ශ නායක නමුත් මිනිහා ආණ්ඩුව ට බයයි
DeleteAPI HARAK
Deleteමම ඉන්නේ ඩුබායි වල. මගේ කුඩා නිවසක් එක්ක ගෙයක් තියෙනවා කැලණියේ. මේ දවස්වල කවුරුත් ගෙදර නැහැ. රටේ නීතියක් නැති නිසා බයේ බැහැ මේ ජල්තරේ පොන්සියෝ ටික ගිහින් ගේ අල්ලාගනියිද කියලා.
ReplyDeleteරතු කොඩි වගයක් එහෙම ඵල්ලලා අනුර හරිනි ටිල්වින්ගේ පුංච්යට ෆොටෝ එකක් එහෙම බිත්තිවල ඵල්ලලා පේන්න තියෙනවද කියලා අසල්වාසී කෙනෙක් ට කියලා හොයලා බලන්න කෝකටත්?
Delete
ReplyDeleteආරියතිලක
මෙම ඉඩමට නීත්‍යානුකූල හිමිකරුවෙකු නොමැති වීම නිසා එය අධිකරණ අමාත්‍යාංශය යටතට පවරා දී ඇත්තේ අධිකරණ තීන්දුවකිනි. අධිකරණ තීන්දුව උල්ලංඝනය කොට රාජ්‍ය සන්තක දේපොළකට බලහත්කාරයෙන් ඇතුලු වීම, බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම හේතුවෙන් පොදු දේපොළ පනත යටතේ මෙම අනීතික ක්‍රියාව කළ හා අනුබල දුන් සියලු දෙනාට ම නීතිය ක්‍රියාත්මක කළ යුතු ය.
ආණ්ඩුවට හා ආණ්ඩුවේ කිසිවෙකුට ද නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රථම, රාජ්‍ය සංතක දේපොළ බලහත්කාරයෙන් අල්ලා ගැනීමට උත්සාහ කළ කිසිවෙකු සමඟ ගිවිසුම් ගත වීමට හෝ ඔවුන්ට පොරොන්දු දීමට කිසිදු හිමිකමක් නැත්තේ ය. එසේ කිරීම රාජ්‍යයේ ගෞරවය, ජනතාවගේ පරමාධිපත්‍යයයේ ගෞරවය කෙලෙසීමක් ද වෙනවා ඇත. හොරු හා මංකොල්ලකාර පිරිසක් සමඟ ගිවිසුම් ගත වීම ,පොරොන්දුවලට බැඳීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි.
රටේ අධිකරණ බලයට බලහත්කාර කම් කරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කොට තහනම් කළ යුතු ය. එහි ක්‍රියා කාරීන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතු ය. රටේ පොදු නීතියට යටත් කළ යුතු ය. පොදු දේපොළ පනත ප්‍රකාරව ද
(දණ්ඩ නීති සංග්‍රහයේ නීති ප්‍රකාරව ද) නීතිය ක්‍රියාත්මක කළ යුතු ය.
මේ බලහත්කාර කම කළවුන්ට නීතීය ක්‍රියාත්මක නොකර ආණ්ඩුව ක්‍රියාකිරීමට කිසිදු හිමිකම්ක් ආණ්ඩුව නැත. හොරු අල්ලනවා යයි කියා නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කරනවා යයි කියා බලයට පත් වූ වත්මන් ජනාධිපතිවරයාගේ මැතිවරණ පොරුන්දු පුස්සක් වීම නොවැළැක්විය හැකි ය.
100% TRUE
Deleteපැලවත්ත නෙවෙයි මොකා කිව්වත් මේවගේ ලාමක ටින් ටින් වැඩ කරාම සමස්ථ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංහතියටම සවුත්තුව.
ReplyDelete