පවතින ඉන්ධන මිල සංශෝධනය හේතුවෙන් පෞද්ගලික බස් රථ හිමියන් දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්රකාශ කළේ, ගතවූ මාස දෙක තුළදී ඩීසල් ලීටරයක මිල අනුපිළිවෙලින් රුපියල් 10කින් සහ රුපියල් 15කින් වශයෙන් සමස්තයක් ලෙස රුපියල් 25කින් වර්ධනය වී ඇති බවයි.
බස් ගාස්තු සංශෝධනය එළඹෙන ජූලි මාසයේදී ක්රියාත්මක වීමට නියමිතව තිබුණද, ඉහළ ගිය ඩීසල් පිරිවැයට සාපේක්ෂව පමණක් ගැලපෙන පරිදි එළඹෙන අඟහරුවාදා දිනය වන විට තාවකාලික බස් ගාස්තු වැඩිවීමක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.
වාර්ෂික ගාස්තු නිර්ණය කිරීම සඳහා සාධක 12ක් සැලකිල්ලට ගන්නා බව පෙන්වා දුන් සභාපතිවරයා, මේ දිනවල පවතින ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් ටයර්, ටියුබ් සහ අනෙකුත් අමතර කොටස් ඇතුළු ඉන් කරුණු 11කම මිල ගණන් සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බවද පෙන්වා දුන්නේය.
"මෙවැනි අතුරු ගාස්තු සංශෝධනයක් නොලැබුණහොත් බස් රථ ධාවනය කිරීම ඇණහිටිනු ඇත."
මේ සම්බන්ධයෙන් වන නිල ඉල්ලීම හෙට දිනයේදී ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත ලිඛිතව ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේය.

We dont need conductor. and gemunu will save some money too..
ReplyDeletewe can assign officer to check ticket.
bus owners should move to electronic /qr based tiketing system
අර සීටීබී එකෙ ඒසී බස් දාපු වෙලෙ කිව්වා නේද අපි ඊට වඩා අඩුවට දුවනවා කියල. ලේලන්ට් ටික එහෙනම් ඔය ගානටම නාඩ දුවන්න. දැන් ඉන්නෙ ඉස්සර වගෙ ඔයාලට බය ආණ්ඩුවක් නෙවී. එහෙම කිව්වාට හෙට ඔයාලගෙ කීමට නැවෙන්න පුලුවන් එච්චර අපිට සුවර් නැ මෙයාලව..
ReplyDelete