අරගලයකින් ඉඩම් අයිතිය දිනාගත්තා..- හේවගේ


ශ්‍රී ලංකාවේ වර්තමාන ඉඩම් අයිතිය සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ආරම්භය නිකම්ම සිදු වූවක් නොව, එය අතීතයේ පැවති සක්‍රිය අරගලයන්ගේ ප්‍රතිඵලයක් ලෙස සමාජය දිනාගත් ජයග්‍රහණයක් බව නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා අවධාරණය කරයි.

උත්සව අවස්ථාවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, 1970 දශකයේ මුල් භාගය වන විට මෙරට ඉඩම් බෙදී යාමේ පැවති අසමමිතික භාවය හේතුවෙන් එක් පුද්ගලයෙකු සතුව අක්කර 500, 1000 සහ 2000 වැනි විශාල ප්‍රමාණයක් පැවති බවයි.

මේ හේතුවෙන් ඉඩම් නොමැති ජනතාව තුළ ඇති වූ පීඩනය 1971 අරගලය නිර්මාණය වීමට එක් ප්‍රධාන සාධකයක් වූ බවත්, එම අරගලයට විසඳුම් සෙවීමේ ක්‍රියාවලිය තුළ 1972 වසරේදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව පිහිටුවා ඉඩම් හිමිකාරිත්වය සඳහා සීමාවන් පැනවූ බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

ලංකාව වර්ග කිලෝමීටර 65,000ක සීමිත භූමි ප්‍රමාණයක් සහිත රටක් බවත්, නවතම වාර්තාවන්ට අනුව ජන ඝනත්වය වර්ග කිලෝමීටරයකට 349ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. මෙම සීමිත භූමිය පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම, නිවාස අවශ්‍යතා සපුරාලීම, කර්මාන්ත පද්ධතීන් පවත්වාගෙන යාම සහ පොදු අවශ්‍යතා සඳහා සමබරව කළමනාකරණය කිරීම රජය මුහුණ දී සිටින ප්‍රධාන ගැටලුවක් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

පසුගිය කාල පරිච්ඡේදය තුළ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විවිධ අක්‍රමිකතා හේතුවෙන් කළු පැල්ලමක් බවට පත්ව තිබූ බවත්, වර්තමාන රජය සහ එහි සභාපතිවරයා එම ආයතනය නිවැරදි මාවතට ගැනීමට වෙහෙස මහන්සි වී කටයුතු කරන බවත් හේවගේ මහතා ප්‍රකාශ කළේය. විශේෂයෙන්ම, වලහදුව වැනි ඉඩම් සම්බන්ධයෙන් ඇති වූ ගැටලු නිවැරදි කරමින්, ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබාදීමේ ක්‍රියාවලිය කිසිදු අනවශ්‍ය සංදර්ශනයකින් තොරව වේගවත්ව ඉටු කිරීමට රජය මැදිහත් වන බවට ඔහු සහතික විය

5 Comments

  1. අනේ ඵලයන් තොපේ අරගල

    ReplyDelete
    Replies
    1. Nio . it is good work..
      otherwise thug people takes all lands

      Delete
  2. සිරිමාවෝ කරපු වැරැද්ද ඉඩම් ප්‍රතිසංස්කරණ පණත ගෙනෙන්නැතිව ඒ අරගලේ කරපු එකෙක් නෑර මරල දැම්මෙ නැති එකයි.

    ReplyDelete
  3. අම්මගෙ රෙද්ද.

    ReplyDelete
  4. පක්ශේ කීමට කැම්පස් කොල්ලෙක්ව(බින්දුසාර) මරන්න ගිහින් ඉන්නකොට ඒ කොල්ලා කටින් ඇඟිල්ලක් කඩාගෙන බේරිලා ගිය වම් අත පොඩ්ඩක් පෙන්නපන්.

    ReplyDelete
Previous Post Next Post