ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) දූෂණ, වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ක්‍රියාකළ ආකාරය ජනතාවගේ දැඩි ආදරයට සහ ගෞරවයට පාත්‍රවිය. ඊට හැකි හොඳම උදාහරණය කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 2004 මහ මැතිවරණයේදී පළමුවරට පාර්ලිමේන්තුවට පත්වූ අනුරුද්ධ පොල්ගම්පලගේ ආසනය අහිමි කිරීමයි. ඒ 2008 සැප්තැම්බර් මාසයේදී සිදුවිය.
තම මන්ත්‍රී ධුරය අවභාවිත කරමින් යම් පුද්ගලයකු (කොඩිතුවක්කු ආරච්චිලාගේ රොහාන්) ජපානයට නීති විරෝධී ආකාරයට ඇතුළු කළ බවට චෝදනාවට ලක්වූ පොල්ගම්පල එම වරද පිළිගත් සැනින් ඔහුට අස්වීමට සිදුවිය. ජවිපෙ අති දූෂිත එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට (ශ්‍රීලනිප) අපූරු පාඩමක් ඉගැන්වීය. ජවිපෙ පොල්ගම්පල ඉවත් කිරීමට සති කීපයකට පෙර ජපානය අදාළ පුද්ගලයා පිටුවහල් කර තිබිණි.
ජවිපෙ පොල්ගම්පල සම්බන්ධයෙන් ක්‍රියාකළ ආකාරය මාධ්‍ය නැවත රටට මතක් කළේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා හිටපු මන්ත්‍රීවරයාව රාජ්‍ය දැව සංස්ථාව සභාපති ලෙස පත්කිරීමෙන් පසුවය. ඒ 2018 මැයි 4 වැනි දිනය. රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියසේන දිසානායක එවකට ජනාධිපති කාර්ය මණ්ඩලයේ ප්‍රධානි ටී. එච්. කේ. මහානාම රුපියල් ලක්ෂ 200 ක අල්ලසක් ගැනීමේදී අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.
පොල්ගම්පල දෙවරක් 2016 දී අත්අඩංගුවට පත්වූ අතර ඔහු 2000 දී සබරගමුව පළාත් සභාවට ඇතුළු වූයේ එජාපය බවද මතක් කළ දිය යුතුය. පසුව, ජවිපෙ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටු පක්ෂය) සහ මෛත්‍රිපාල සිරිසේන නායකත්වය දුන් ශ්‍රීලනිප කණ්ඩායම සමග ද කටයුතු කළ පොල්ගම්පල ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ද තරග කර ඇත. ඔහු තුන්වරක් ජනාධිපතිවරණයට තරග කළ අතර ඊට ඔහු සුදුසුකම් ලැබුවේ ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කළ නිසාය. පිළිගත් වරදකට තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම බාධාවක් වූයේ නැත. අදටත් එම අවාසනාවන්ත තත්ත්වයේ වෙනසක් නැත. ජනාධිපතිවරණයට තරග කිරීමට මන්ත්‍රීවරයකු වීම පමණක් සුදුසුකමක් ලෙස සලකන රටක් ඛේදවාචකයක් වීම පිළිබඳව පුදුම විය නැත.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා දැනට අධිකරණයේ විභාග වන නඩුවක තීන්දුව පිළිබඳව මැයි දින කළ ප්‍රකාශය අතිශය ආන්දෝලනාත්මකය. ජාතික ජන බලවේගය (ජාජබ) පක්ෂය මහරගමදී පැවැත්වූ ප්‍රධාන මැයි රැලිය අමතමින් එම පක්ෂයේ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේද (ජවිපෙ) නායක ජනාධිපතිවරයා මෙලෙස ප්‍රකාශ කළේය: “අප්‍රේල් 30 ඊයේ එකක් ඇහුවා. තීන්දුව දෙනවා කීවේ මැයි 25. ඊයේ ඇහුවා නඩුවක් තීන්දුව මැයි 25. බලාගෙන ඉන්න අත්පුඩි ගහන්න මැයි 25. එහෙමයි කරන්නේ.”
මහා භාණ්ඩාගාරයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 අතුරුදන් වීම රටට හෙළිදරව් කළ ‘නිදහස් නීතිඥවරු’ සංවිධානය, සමගි ජනබලවේගය (සජබ) මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් නීති විශාරද මහාචාර්ය ජී. එල්. පීරිස් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂයේ) මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ජනාධිපතිවරයා අධිකරණ ක්‍රියාවලියට ඍජු මැදිහත්වීමක් කරන බවට චෝදනා කළේය. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අවධානයට ලක් කළේය.
ඒ පිළිබඳව මෙම ලියුම්කරු අධිකරණ අමාත්‍ය හර්ශන නානායක්කාරගෙන් කළ විමසීමකට පිළිතුරු ලෙස නීතිඥවරයා අවධාරණය කළේ බංකොළොත් සුන්බුන් විපක්ෂය ජනාධිපතිතුමාගේ ප්‍රකාශය දේශපාලනිකව තමන්ට වාසිදායක ආකාරයට පාවිච්චි කිරීමට උත්සහ කරන බවයි. මොනයම්ම තත්ත්වයක් යටතේදිවත් ජනාධිපතිතුමා අධිකරණ ක්‍රියාවලියට මැදිහත් වී නොමැති බවත් ඉදිරි කාලයේදී ද එම ස්ථාවරය වෙනස් නොවන බවත් අවධාරණය කළේය. අධිකරණ ක්‍රියාවලියට බියවී ඇති විපක්ෂය ජනාධිපතිවරයාට සහ රජයට එරෙහිව චෝදනා නඟමින් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය කිරීමට උත්සහ කරමින් සිටින බව පැවසීය. පසුගිය සමයේ දූෂණ, වංචා සහ අක්‍රමිකතාවලට වගකිවයුතු දේශපාලන පක්ෂ සහ පුද්ගලයන් කලබල වීම පුදුමයට හේතුවක් නොවන බවත් පැවසීය.
අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනතාවගේ විශ්වාසය ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හේතුවෙන් ඛාදනය විය හැකි බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය කළ ප්‍රකාශය ජාජබ ආණ්ඩුවට කිසිසේත්ම නොසලකා කටයුතු කළ නොහැක.
මැයි 25 ට ඇත්තේ තව සති දෙකකි. ආණ්ඩු පක්ෂය, විපක්ෂය සහ ජනාධිපතිවරයාගේ මැයි දින අනාවැකිය පිළිබඳව උනන්දුවක් දක්වන සැමට අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරන තුරු ඉවසීමෙන් සිටීමට සිදුවේ. අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව භූමියේ තත්ත්වය තේරුම්ගත හැකිය.
සජිත් ප්‍රේමදාස 2020 වනතුරු නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) නායකත්වය දුන් ආණ්ඩු පක්ෂය අධිකරණයට කළ බලපෑම් පිළිබඳව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. මහාචාර්යවරයා එජාපයද අමාත්‍යවරයකු ලෙස නියෝජනය කළේය. අධිකරණය සම්බන්ධයෙන් එම ආණ්ඩුවල ප්‍රතිචාරය යහපත් නොවීය. එම පක්ෂ දෙකම නීතිපතිවරයා නොසලකා කටයුතු කළ බව රහසක් නොවේ.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නියමයෙන් ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක දෝෂාභියෝගකින් (2012-2013) ඉවත් කිරීම අධිකරණයට කළ දුෂ්ටම බලපෑමයි. අගවිනිසුරුවරිය ඉවත් කිරීම ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ අවසරයෙන් 1983 දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ නිවෙස්වලට පහර දීමටත් වඩා බරපතළය. අධිකරණය තමන්ට අවශ්‍ය ආකාරයට කටයුතු නොකිරීම ජනාධිපතිවරුන් දෙදෙනාටම දරාගත නොහැකි විය.
මැතිසබය හරහා බණ්ඩාරනායක මැතිනියට එරෙහිව ක්‍රියාත්මක කළ මෙහෙයුම, එහි පසුබිම සහ අනෙකුත් අතපෙවීම් නොසලකා අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම තේරුමක් නැත. එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) කළ එම අකටයුත්ත අවධාරණය කළේ දිසානායක ජනාධිපතිවරයා මැයි දින කළ ප්‍රකාශය සාධාරනීකරණය කිරීමට නොවේ. ජනාධිපතිවරයාගේ මැයි දින ප්‍රකාශය හුදකලාව සාකච්ඡා කළ නොහැක. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා (2023/2024) අධිකරණය සමග ඇතිකරගත් ගැටුම්කාරී තත්ත්වය රටට අමතක නැත.
ජනාධිපතිවරයා මැයි දිනයේදී කළ ප්‍රකාශය තමන්ගේ වාසියට හරවා ගැනීමට වෙර දරන විපක්ෂය එතුමා අධිකරණයට කරන බලපෑම පිළිබඳව පසුගියදා පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය බව කථානායකවරයාට දැනුම් දුන්නේය.
මැයි 25 දින ප්‍රකාශයට පත්කිරීමට නියමිත නඩු තීන්දුව සම්බන්ධයෙන් දිසානායක ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට අමතරව එතුමා අපරාධ චෝදනා සහිත නඩු පහක් ඇතුළුව නඩු 15 ක් මැයි මාසයේ අධිකරණය ඉදිරියේ බව අවධාරණය කළේය. දූෂණ, වංචා, අක්‍රමිකතා සහ පරිපාලන දුර්වලතා හේතුවෙන් බංකොළොත් වූ ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික – දේශපාලනික – සමාජීය අභියෝගය සුළුපටු නොවේ. දේශපාලන බලය තීරණය කිරීම දූෂණය සහ සම්බන්ධ කරුණු මත තීරණය වීම කනගාටුදායක තත්ත්වයකි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පලවා හැරීමට මූලික හේතුව වූයේ රටේ ආර්ථිකය කඩා වැටීමයි. රටට ඩොලර් සහ රුපියල් දෙකම නැතිවූ බව කීවත් වරදක් නැත. එම තත්ත්වය හේතුවෙන් සැපයුම් මාර්ග බිඳ වැටිණි. ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව සහයෝගය දුන් ‘අරගලය’ සාර්ථක වූයේ රජය ජනතාවගේ අවශ්‍යතා සපුරාදීමට අපොහොසත් වීම නිසා බව අද සමහරුන්ට මතක නැත.
‘අරගලයෙන්’ පසුව ජනතා ඡන්දයෙන් බලයට පත්වූ පළමුවන ආණ්ඩුව පිහිටුවූ ජාජබට එරෙහිව නැඟෙන දූෂණ චෝදනා ද සාකච්ඡා කළ යුතුය. දිසානායක ජනාධිපතිවරයා හෝ පෙර පැවති ආණ්ඩුවල දූෂණ චෝදනාවලට ලක්වී 2026 වසරේ අධිකරණ ක්‍රියාවලියට මුහුණදෙන හිටපු මැති ඇමැතිවරුන්ගේ නම් සඳහන් කළ සභානායක බිමල් රත්නායක මැයි දිනයේ විපක්ෂයට දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. අධිකරණ ක්‍රියාවලියේදී චෝදනාවලට ලක්වෙන පුද්ගලයන්ගේ සමාජ තත්ත්වය සහ ඥාති සම්බන්ධතා පිළිබඳව සැලකිල්ලක් නොදක්වන බවද අවධාරණය විය. එය එසේ විය යුතුමය. නමුත් ඔවුන් දෙදෙනාම ජාජබ ආණ්ඩුවට එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දැක්වූයේ නැත. ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විපක්ෂය කරන චෝදනාවලට මැයි දිනයේදී දුන් ඍජු පිළිතුර උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් රජයේ සහ පක්ෂයේ කිසිදු සැලකිල්ලක් නොමැති බව අවධාරණය කළේය.
2025/2026 සඳහා ගල් අඟුරු ප්‍රසම්පාදනය සහ මහා භාණ්ඩාගාරයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 අතුරුදන් වීම සම්බන්ධයෙන් ටිල්වින් සිල්වා කළ අදහස් දැක්වීම විපක්ෂයේ අවධානයට ලක් වූයේ නැත. එම අදහස් දැක්වීම දිසානායක ජනාධිපතිවරයා කළ ප්‍රකාශය තරම්ම බරපතළය. ජවිපෙ ප්‍රබලයා මෙලෙස ප්‍රකාශ කළේය: “ආනයනය කරන ගල් අඟුරු කවදත් තත්ත්වයෙන් බාලය. නමුත් කිසිදු වංචාවක් සිදුවී නැත. පක්ෂ සාමාජිකයන්ගේ (සහෝදරයන්ගේ) පිළිබඳව තමන් (පක්ෂය) ලෙසින් සහතික වන බවට ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා පොරොන්දු විය.
නමුත් ගල් අඟුරු ප්‍රශ්නය සරල නැත. ඒ සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විශේෂ වාර්තාව අනුව බලශක්ති අමාත්‍යාංශය අදාළ ටෙන්ඩරය පිරිනමා ඇත්තේ ටෙන්ඩර් ක්‍රියාවලියට ඇතුළත්කර ගැනීමට අනිවාර්ය කොන්දේසිය වන නියමිත ලියාපදිංචිය නොමැති සමාගමකි. එම ඉන්දීය සමාගම ගල් අඟුරු පැටවීම සහ ගොඩබෑමේදී පිළිපැදිය යුතු ක්‍රියාවලියට අනුකූලව ක්‍රියාකර ඇත. මෙය විපක්ෂයේ ප්‍රකාශයක් නොව ජාතික විගණන කාර්යාලය පෙන්වා දුන් කරුණකි.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංගය ජාජබ පාර්ලිමේන්තුවේදී කිසිදු ආයාසයකින් තොරව පරාජය කළත් අවසානයේදී අමාත්‍යවරයාට සහ බලශක්ති ලේකම් මහාචාර්ය උදයංග හේමපාලට ඉල්ලා අස්වීමට සිදුවිය. නොරොච්චෝලේ ලක්විජය බලාගාරය ක්‍රියාත්මක කළ දින සිට ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳව විමර්ශනය කිරීමට දිසානායක ජනාධිපතිවරයා ජනාධිපති කොමිසමක් පත් කිරීම කොමිසම් සභා කෝකටත් තෛලය බවට නැවතත් මතක් කර දුන්නේය.
ඊට අමතරව ජවිපෙ මහලේකම්වරයාගේ ‘ලේවලින් සහතික’ වන බවට කළ ප්‍රකාශය අනුව සමස්ත ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය මෙහෙයවා ඇත්තේ පක්ෂ සමාජිකයන්මය. නැතහොත් ජවිපෙ මහලේකම්වරයා කළේ මැයි දිනයට උචිත දේශපාලන ප්‍රකාශයක් පමණක් ද?
ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා මහා භාණ්ඩාගාරයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 අතුරුදන් වීම කළ අදහස් දැක්වීමද පුදුමාකාරය. “විදේශ රටකට මුදල් යවන විට යම් මුදලක් නැති වූවා. මිනිසුන් අතින් අතපසුවීම් වන අතර මහා භාණ්ඩාගාරයේ සිද්ධිය වංචාවක් හෝ හොරකමක් නොවේ. ඕකත් අපි සතියකින් ඉවර කරනවා.”
මහා භාණ්ඩාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසියට පැමිණිලි කර වැඩ තහනමට ලක්වී සිටි අප්‍රේල් 29 වන දින අභිරහස් ලෙස මියගිය පශ්චාත් මරණ පරීක්ෂණදී කැපුම් තුවාල ගණනාවකින් අධික ලෙස ලේ වහනය වීමෙන් මරණය සිදු වූ බව සහ බොහෝ විට සියදිවි නසා ගැනීමක් විය හැකි බවට නිගමනය කළ මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂක රංග නිශාන්ත මහතාගේ මරණය සම්බන්ධයෙන් සඳහන් කිරීමක් වූයේ නැත.
රංග නිශාන්ත ජවිපෙ සාමාජිකයෙක්ද? ඔහුගේ අවසන් කටයුතුවලට පක්ෂයේ දායකත්වයක් තිබූ බව පෙනුනේ නැත. නමුත් ඔහු පක්ෂයට දැඩි හිතවත්කමක් දැක්වූ අයෙක් බව රහසක් නොවේ. විපක්ෂය එම නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් සැක පහළ කළ අතර මහා බි්‍රතාන්‍යයේ පොලිසිය හරහා පූර්ණ විමර්ශනයක් කළ යුතු බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය.
රංග නිශාන්තගේ සැක සහිත මරණය අපට 2022 දෙසැම්බර් මාසයේ 15 වන දින බොරැල්ල කනත්තේ සිදුවූ අතිශය ආන්දෝලනාත්මක සිද්ධිය මතක් කළේය. ජනශක්ති ආයතනයේ ප්‍රධානියකු වූ දිනේෂ් ශාෆ්ටර් බොරැල්ල කනත්තේ දී හමුවූයේ බෙල්ලේ තුවාල සහිතවය. ඔහුගේම මෝටර් රථය තුළය. රියැදුරු අසුණේ සිටි ඔහුව සුක්කානමට ගැටගසා තිබිණි. නමුත් ඔහු මරණයට පත්වී නොතිබූ අතර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව එදින රාත්‍රියේ හෘදයාබාධයකින් මරණයට පත්විය. පශ්චාත් මරණ පරීක්ෂණය අනුව පළමුව තමන්ම ගෙල සිරකර ගැනීමෙන් මරණය සිදුකරගත් බවට ප්‍රකාශ විය. පසුව කළ වෛද්‍ය පරීක්ෂණවලට අනුව ඔහුගේ රුධිරයේ සයනයිඩ් ඇති බවට නිගමනය විය. එය මිනීමැරුමක් බවට අධිකරණය විසින් ප්‍රකාශයට පත් කළේය.
සතියකින් විසඳන බවට ප්‍රකාශ කළත් ජාජබ ආණ්ඩුවේ ඉදිරි කාලය තුළ මහා භාණ්ඩාගාරයේ ගැටලුවේ අවසානයක් දැකිය නොහැක. කලින් පාර්ලිමේන්තුව නියෝජනය කළ 2025 ජුනි සිට මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් ලෙස කටයුතු කරන හර්ෂන සූරියප්පෙරුම ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 තුන්වන පාර්ශ්වයකට ගෙවීමට කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවූ බව පක්ෂයේ ස්ථාවරයයි. එවැනි ස්ථාවරයක් තුළ නිදහස් සහ ස්වාධීන පරීක්ෂණයක් කිරීම දැඩි අභියෝගයක් බව අමුතුවෙන් කිවයුතු නැත.
ජවිපෙ මහලේකම්වරයා සතියකින් විසඳන බවට පොරොන්දු වූ දැවැන්ත විමර්ශනය සම්බන්ධයෙන් මැයි 7 වන විට 21 දෙනකුගෙන් පොලිසිය කට උත්තර ලබාගෙන ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. විමර්ශනය ප්‍රාථමික අදියරේ බව අවධාරණය කළ යුතුය. සැක සහිත මරණය අමතක කර පරීක්ෂණය කළ නොහැකි බව රජය පිළිගත යුතුය.
මහා භාණ්ඩාගාරයේ සිදුවීමට අවධානය යොමුකරමින් මූල්‍ය අපරාධකරුවන් එල්ල කරන තර්ජනය සම්බන්ධයෙන් මහාචාර්ය අනුරාධි හපුආරච්චි ‘දිවයින’ මූල්‍ය සහ ආර්ථික කර්තෘ ශ්‍යාම් නුවන් ගනේවත්ත සමග මෑතකදී සඑඩ නාලිකාවේ කළ සාකච්ඡාව රට මුහුණදෙන දැඩි අනතුරුදායක තත්ත්වය අවධාරණය කළේය. තාක්ෂණික කරුණු කාරණා සහ සයිබර් ආරක්ෂාව පිළිබඳව මැයි 2 වන දින විකාශය වූ එම සාකච්ඡාවේදී මූලිකව අවධානය යොමු වූ අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 අහිමි වීම රටට කළ හැකි ඍජු බලපෑම මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ (Massachusetts Institute of Technology) සහ ව්‍යාපාර පරිපාලනය පිළිබඳව ආචාර්ය උපාධිධාරී (කෘතිම බුද්ධිය) හපුආරච්චි අවධාරණය කළේය.
උද්ගතවී ඇති තත්ත්වය බරපතළ බව අවධාරණය කළ ලංකාවේ විශ්වවිද්‍යාල රැසකම ආරාධිත කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කරන ඇය අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට යුහුසුළුව කටයුතු නොකළහොත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය පවා පිටස්තරයන් හසුරුවන්න නැතහොත් මෙහෙයවන තත්ත්වයක් ඇතිවිය හැකි බවත් එය රටේ ආර්ථිකයට දැඩි තර්ජනයක් වන බවටත් අනතුරු ඇඟවීය.
මූල්‍ය සහ තාක්ෂණික සාක්‍ෂරතාවය වර්ධනය කිරීමේ අවශ්‍යතාව සමස්ත වැඩසටහන පුරාවට අවධාරණය කළ අතර රාජ්‍ය ආයතන මෙන්ම සාමාන්‍ය ජනතාව මූල්‍ය අපරාධකරුවන්ගේ ග්‍රහණයට හසුවන ආකාරය මහාචාර්යවරිය අපූරුවට පැහැදිලි කළේය. තමන් හොඳින් දන්නා හඳුනන නීතිඥවරුන් පවා ඉහළ පොලියක් ලබා ගැනීමේ චේතනාවෙන් විදේශවල සිට නොයෙකුත් පිරමීඩ ජාලා මෙහෙයවන පුද්ගලයන්ට රැවටී ඇති බව පෙන්වා දුන්නේය.
රටට අහිමිවූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 නැවත අත්පත් කර ගැනීමේ අවස්ථාව ඉතාමත් හීන බවත් මීට පෙර කිසිදු අවස්ථාවක මේ ආකාරයට මූල්‍ය අපරාධකරුවන්ට රටක මහා භාණ්ඩාගාරයක් විසින් මුදල් ලබා දුන් අවස්ථාවක් නොමැති බවත් පෙන්වා දුන්නේය.
මෙම මුදල අහිමි වීම නිසා රජයට බදු වැඩි කිරීමට සිදුවිය හැකි බවත්, එමෙන්ම විදේශයන්ට අනෙකුත් ගෙවීම්, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ විශ්‍රාමික වැටුප්ද ප්‍රමාද විය හැකි බවට අනතුරු ඇඟවීය. සමස්ත ඩිජිටල් බැංකු පද්ධතිය පිළිබඳව ප්‍රශ්න ඇතිවීම සහ එය සැකයට භාජනය වීම දැඩි ගැටලුකාරී තත්ත්වයක් බව ප්‍රකාශ විය.
මීට වසර 10 කට පෙර බංග්ලාදේශයට හිමි ඇමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් හැකර් වරුන් විසින් ඇමෙරිකානු බැංකුවකින් වෙනත් රටවල බැංකුවලට තැන්පත් කිරීමට කළ උත්සාහය පිළිබඳව මතක් කිරීමක් කළේය. හැකර්වරුන් කළ මැදිහත්වීමෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 101 පිලිපීනයේ (මිලියන 81) සහ ශ්‍රී ලංකාවේ (මිලියන 20) තිබූ ඔවුන්ගේ ගිණුම්වලට ලැබුණ අතර එම මුදලින් කොටසක් නැවත සොයා ගැනීමට හැකිවිය.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා බව පෙන්වා දුන් මහාචාර්යවරිය මහා භාණ්ඩාගාරයේ සිදුවීම හේතුවෙන් ඇතිවිය හැකි මහජන අවිශ්වාසය සහ අස්ථාවරත්වය පිළිබඳව ද අදහස් දැක්වීය. නිසි අධීක්ෂණයක් නොමැතිවීම තුළ තවදුරටත් තත්ත්වය උද්ගත වුවහොත් සමස්ත ඩිජිටල් බැංකු පද්ධතිය හරහා කරන ගනුදෙනුවලට බලපෑම් ඇතිවිය හැකි බව අවධාරණය විය. ඒ විශ්වාසය බිඳ වැටීම නිසා සමහරක් විට මුදල් ගනුදෙනු අවම කිරීම කරන්නත් පුළුවන් බව ඇය පැවසීය. එවිට බැංකු පද්ධතිය කඩා වැටෙන බව සඳහන් කළ එතුමිය මහජන මුදල් සුරක්ෂිත කිරීමේ වගකීම පෙන්වා දුන්නේය.
“ඩිජිටල්කරණය සහ සයිබර් ආරක්ෂාව ගසට පොත්ත මෙන්, පොත්තට ගස මෙන්,” බව ඇය අවධාරණය කළ අතර සමස්ත ක්‍රියාදාමය පිළිබඳව වහාම අවධානය යොමු විය යුතු බව ප්‍රකාශ විය.
ජාජබ ආණ්ඩුවේ අලුත්ම හපන්කම වූයේ අස්වැසුම ප්‍රතිලාභීන්ට අප්‍රේල් 2026 ට ගෙවීමට නියමිත මුදලට වඩා වැඩිපුර රුපියල් ලක්ෂ 5,000 (මිලියන 500) ගෙවීමයි. මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක් අතුරුදන්වීම රටට හෙළිදරව් කළ ‘ෆ්‍රී ලොයර්ස්’ (Free Lawyers) සංවිධානය වෙනුවෙන් රජිත් කීර්ති තෙන්නකෝන් පෙන්වා දුන්නේ අස්වැසුම ප්‍රතිලාභීන් වෙත දෙවරක්/වැඩිපුර මුදල් ගෙවීම අවධාරණය කළේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ අද ඇතිවී තිබෙන බිඳ වැටීම, වියවුල හා වගකීම් විරහිතභාවය බවයි. සංවරණ හා තුලන පද්ධතිය (Checks and Balances) ක්‍රමවේදයකින් තොරව සිදුවන රාජ්‍ය මුදල් පරිහණය අපරාධයක්, දූෂණයක් සහ වංචාවක් බවත් ඔහු අවධාරණය කළේය.
මේ ආකාරයට ඉතාමත් වගකීම් විරහිත ලෙස කටයුතු කළ බවට චෝදනාවට ලක්වූ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නොයෙකුත් කරුණු කාරණා ඉදිරිපත් කරමින් තම වරද පිළිගත්තේය. අවම වශයෙන් තම ආයතනය වරදක් කළ බව චෝදනාවට ලක්වී පැය 24 ක් යෑමට පෙර පිළිගැනීම කොළඹ වරායෙන් බහාලුම් ‘පැන්නවීම’, ගල් අඟුරු මගඩිය සහ මහා භාණ්ඩාගාර සිද්ධිය සම්බන්ධයෙන් ජාජබ ක්‍රියා කළ ආකාරය සමග සංසන්දනය කළහොත් සාධනීය තත්ත්වයකි.
ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු
Divaina

අප්පේ, දාර ඩෝබි පෝස්ට් එකක්. සාධනීයයිද ගල් අඟුරු හොරකම. රුපියල් කෝටි 10,000ක්.
ReplyDeleteලංකාවේ වෙච්ච විශාලම හොරකම. තවමත් ඒ සමාගමෙන් ගල් අඟුරු එනවා. ඩෝබියො හෝදනවා, අපි වැට්, ලයිට් බිල්, තෙල් බිල් වලින් හොරකමේ පාඩු ගෙවනවා.
බොරු චෝදනා වලට හිරේ දාපු අටමස්ථානේ හාමුදුරුවොන්ව එලියට දාපිය.
ReplyDeleteනැත්තන් අර දූශනය වුනා කිව්ව කොල්ලො ගණනාවක් එක්ක ඉඳල අහුවුන අමුතු චරිතයක් තිබ්බ ගෑණිව පෝල්රාජ් කියන කතෝලික ඇමැතිනිය විසින් වෙනම හිර කරගෙන ඉන්නෙ ඇයි කියලා පැහැදිලි කරන්න.
International dobiyek මේකත් ලියලා තියෙනවා.
ReplyDeleteමේකෙ කොහෙද පැලවත්තෙන් දුන්න පොරොන්දුව තියෙන්නෙ , හොයාගන්න බැරිනිසයි අහන්නෙ 🤔
ReplyDeletelanka c news sedum yanthranaye sodana ladi?????
ReplyDelete