මෙරට දේශීය අර්තාපල් ගොවීන් මුහුණ දෙන අලෙවිකරණ ගැටළු සඳහා කඩිනම් විසඳුම් ලබාදෙමින්, දේශීය අර්තාපල් අස්වැන්න සාධාරණ මිලකට මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් හෙට සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.
නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශයේ පිහිටි, සී/ස නුවරඑළිය කෘෂිකර්ම සමුපකාර සමිතියේ මිලදී ගැනීමේ මධ්‍යස්ථානයේදී,(10) මෙම කටයුතු ආරම්භ කරන අතර දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 220 ක සහතික මිලකට සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (CWE) හරහා මිලදී ගනිමින් ලංකා සතොස හරහා පාරිභෝගිකයාට සහන මිලකට ලබාදීමට කටයුතු කෙරේ.
එක් ගොවියෙකුගෙන් අර්තාපල් කිලෝ 1,000 ක උපරිමයකට යටත්ව මෙම මිලදී ගැනීම් සිදු කිරීමට නියමිතය.
ඒ අනුව ගොවීන්ට සිය අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාදීමටත්, පාරිභෝගිකයාට සහන මිලට දේශීය අර්තාපල් ලබාදීමටත් රජය සහ පෞද්ගලික අංශයේ වෙළෙඳ ජාලයන් ද එක්ව මෙම කටයුතු සිදු කරනු ඇත.
මේ පිළිබඳව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව මහතා දැක්වූ අදහස් යොමු කර ඇත.

වසන්තයාගේ වත්කම් දැන් කෝටි කීයද? ඔක්කොම ක්‍රිප්ටො කරල ඇති. ඒව ඉතින් හොයනව බොරු.
ReplyDeleteමාලිමාවේ උන් ඔක්කොම සාමාන්‍ය මිලට වඩා වැඩි මිලට ගන්නේ ඇයි? උන්ට එච්චරට සල්ලි තියෙනව නේ.
ReplyDeleteහොඳයි හොඳයි. පුන්නක්කු විතරයි මිල වැඩි නොවුනේ. ඇයි කියල අපිට තේරෙනව ඩෝබිලා තවම හෝදන හේදිල්ලෙන්.
ඇත්ත. වෙන්න ඕන අඩු මිලට පෝර, උපකරන වලට බදු අඩුකිරීම වගේ දේවල්.
Deleteගොවි ණය වල පොලී අඩු කිරීම. හැබැයි වෙන්නේ අල වල මිල වැඩි කිරීම. ඊට පස්සේ ආනයනය කරල තියෙන අල වල මිල වැඩි වෙලා වසන්තයා තවත් කෝටි 27ක් ගොයාගනීවි දවස් 7න්.