පිිවිතුරු හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
පෙරේදා දිනයේ පරිගණක වංචාකරුවන් වන විදේශිකයන් 157 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. මේක හුදෙකලා සිදුවීමක් නෙවෙයි. පසුගිය මාස හතර තුළ එවැනි සිදුවීම් ගණනාවක් වාර්තා වුණා. මාලිමා ආණ්ඩුව බලයට පැමිණියාට පස්සේ රට තුළ අත්අඩංගුවට ගත් විදේශීය පරිගණක අපරාධකරුවන් ගණන 1000කටත් වඩා වැඩියි. මේ අතර චීන ජාතිකයන්, ඉන්දියානුවන්, මැලේසියානුවන්, පිලිපීන ජාතිකයන් වගේම මියන්මාර ජාතිකයනුත් ඉන්නවා.
ඇත්තෙන්ම මේ විදේශීය පරිගණක අපරාධකරුවන් ලංකාවේ බහුල වීමේ ප්‍රතිඵලයක් විදිහට ශ්‍රී ලංකාව තුළ පරිගණක අපරාධ පිම්මේ වැඩෙනවා. පොලිස් වාර්තාවලට අනුව 2024දී පරිගණක වංචා පිළිබඳ පොලිස් පැමිණිලි 7210ක් වුණා. ඒක 2025දී 12,650 දක්වා ඉහළ නැගලා තිබෙනවා.
ඓතිහාසිකව පරිගණක වංචාකරුවන්ගේ තිප්පොළවල් බවට පත් වුණේ කාම්බෝජය සහ මියන්මාරයයි. නමුත් අවාසනාවකට පසුගිය වසර තුළ ඒක ක්‍රමයෙන් ශ්‍රී ලංකාව බවට පත් වෙමින් තිබෙනවා. සමහර විට පරිගණක අපරාධකරුවන්ගේ නැත්නම් හැකර්වරුන්ගේ ආණ්ඩුවක් ශ්‍රී ලංකාවේ පැවතීම නිසා අපේ පුරවැසියන් ලංකාවේ බලය අල්ලලා දැන් අපිට අපේ ජාවාරම කරගෙන යන්න ලොව තිබෙන හොඳම ස්ථානය ලංකාවයි කියන නිගමනයට ඔවුන් එළඹුණා වෙන්න පුළුවන්.
ඇත්තෙන්ම පසුගිය කාලයේ ආණ්ඩුව තුළ පරිගණක වංචාවන් ගණනාවක් වාර්තා වුණා. NDB බැංකුවේ කෝටි 1320ක වංචාවක් සිද්ධ වුණා. භාණ්ඩාගාරයේ සිදුවුණ වංචාව කෝටි 80කට වැඩියි. තැපැල් දෙපාර්තමේන්තුවේ කෝටි 20ක වංචාවක් සිද්ධ වුණා. මාර්ග සංවර්ධන අධිකාරියේ කෝටි 5ක වංචාවක් සිද්ධ වුණා.
පෞද්ගලික අංශය ගත්තොත් කොමර්ෂල් බැංකුවේ කෝටි 600ක වංචාවක් සිද්ධ වුණා. කාගිල්ස් බැංකුවේ ටෙරාබයිට් දෙකක දැවැන්ත දත්ත සොරකමක් සිද්ධ වුණා.
ඒ නිසා පරිගණක වංචාකරුවන් ලංකාවට පැමිණීමේ රස්නය දැන් සමස්ත රටටම දැනෙමින් තිබෙනවා කියන එක අපි ආණ්ඩුවට මතක් කරනවා. ලංකාවේ වරින් වර නිරන්තරයෙන් විදේශීය පරිගණක අපරාධකරුවන් අත්අඩංගුවට පත්වීම මේ වන විට නිරන්තරයෙන් ජාත්‍යන්තර ප්‍රවෘත්තියක් බවට පත් වෙලා තිබෙනවා.
ලෝකයේ ඉන්න හැකර්වරුන්ගේ පාරාදීසය බවට ශ්‍රී ලංකාව පත් වුණා කියන එකෙන් වඩාත්ම තැති ගැන්වෙන්නේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කරලා ඉන්න, ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන ආයෝජකයෝයි. ඒ නිසා ඒ අය තමන්ගේ ආයෝජන හකුළාගෙන වෙනත් රටකට යන්න ඉඩ තියෙනවා. ලංකාවට එන්න ඉන්න ආයෝජකයා ශ්‍රී ලංකාව වෙනුවට වෙනත් විකල්ප රටක් තෝරාගන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ පරිගණක අපරාධකරුවන්ගේ පාරාදීසය බවට ශ්‍රී ලංකාව පත්වීම වැළැක්වීමට ආණ්ඩුව කටයුතු නොකළොත් ආයෝජන මණ්ඩලය කෙතරම් මුදල් වියදම් කළත්, කෙතරම් ප්‍රවර්ධන කටයුතු කළත්, කෙතරම් බදු සහන දිරිගැන්වීම් ලබා දුන්නත් ආයෝජකයෝ නම් ලංකාවට එන එකක් නැහැ.
ඒ වගේම හැකර්වරුන් ලංකාවට පැමිණෙන්නේ ලංකාවේ ආණ්ඩුව හැකර්වරුන්ගේ ආණ්ඩුවක් වුණු නිසාම නෙවෙයි, ලංකාවේ හැකර්වරුන්ට හිතකර වාතාවරණයක් තිබෙන නිසායි. ඇයි අපි එහෙම කියන්නේ? අද ලංකාවට ඕනෑම පුද්ගලයෙකුට හරි පහසුවෙන් ඇතුළු වෙන්න පුළුවන්. ලංකාවට එන ගමන්ම ඔන්ලයින් වීසා එකක් ගන්න පුළුවන් අන්තර්ජාලයෙන්. එහෙම නැත්නම් ලංකාවට පැමිණි විගස ඕනෑම විදේශිකයෙකුට දින 30ක වීසාවක් ලබා දෙනවා. ඒක මාස 9ක් දක්වා වරින් වර දීර්ඝ කරන්නත් පුළුවන්.
දැන් සමහරු කියන්න පුළුවන් "ඇයි ඉතින් සිංගප්පූරුවෙත් එහෙමනේ? සිංගප්පූරුවට ගිය ගමන් දින 30ක වීසා ලබා දෙනවානේ" කියලා. ඇත්ත. හැබැයි සිංගප්පූරුවේ ඉහළම තාක්ෂණය භාවිතා කරන අතිශයින් බලසම්පන්න බුද්ධි සේවාවක් තිබෙනවා. ඒ නිසා ලෝකයේ කොහේ හරි අපරාධයක් කරන අපරාධකරුවන් පිළිබඳ තොරතුරු ඔවුන්ගේ දත්ත බැංකුවේ යාවත්කාලීන කෙරෙනවා. ඔවුන්ගේ කළු ලැයිස්තුවක් තියෙනවා. ඒ කළු ලැයිස්තුවේ සඳහන් නමක් ගුවන්තොටුපොළට ආවොත් ඔවුන්ට වීසා ලබා නොදීමටයි ඔවුන් කටයුතු කරන්නේ. ඒ විතරක් නෙවෙයි, ඔවුන්ගේ පරිගණක පද්ධතියෙන් වීසා අවසන් වුණු වහාම අහවල් පුද්ගලයා වීසා නැතුව ඉන්නවාය කියන පණිවිඩය බලධාරීන්ට ලබා දෙනවා. එතකොට බලධාරීන් ගිහිල්ලා ඒ අය අත්අඩංගුවට අරගෙන රටින් පිටමන් කරනවා විතරක් නෙවෙයි, නැවත සිංගප්පූරුවට ඇතුළු වෙන්නත් ඉඩ දෙන්නේ නැහැ.
ඒ මුකුත් නැතුව අපි ඕනෑම කෙනෙකුට ශ්‍රී ලංකාවට ඇතුළු වෙන්න අවස්ථාව ලබා දීමෙන් වෙන්නේ පරිගණක වංචාකරුවන්ගේ තිප්පොළක් බවට ලංකාව පත් වෙනවා විතරක් නෙවෙයි, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පුරාවස්තු ජාවාරම්කරුවන්, ඒ වගේම මිනිස් ජාවාරම්කරුවන්, පාතාල කල්ලි නායකයන් වැනි ලෝකයේ විවිධ අපරාධකරුවන්ගේ පාරාදීසය බවට ශ්‍රී ලංකාව පත් වෙනවා.
ඒක නවත්වන්න නම් එක්කෝ ආණ්ඩුව රණවිරු දඩයම නතර කරලා බුද්ධි අංශ සවිමත් කිරීමට වහාම පියවර ගත යුතුයි. එහෙම නැත්නම් වීසා නිකුත් කිරීම පැරණි ක්‍රමයට යා යුතුයි. මේ දෙකෙන් එකක් වහාම නොකළොත් ශ්‍රී ලංකාව පරිගණක අපරාධකරුවන්ගේ පාරාදීසය බවට පත් වෙලා, ශ්‍රී ලංකාව තවත් එක් චිකාගෝවක් බවට පත් වෙන එක අපිට කාටවත්ම නතර කරන්න බැහැ.
ඒ වගේම පරිගණක අපරාධකරුවන් නීතියේ රැහැනට හසු කරගන්න අවශ්‍ය නීති පද්ධතියක් අපේ රටේ නැහැ. ඔය අත්අඩංගුවට ගන්නා පරිගණක අපරාධකරුවන්ට දැඩි දඬුවම් ලබා දීමට ඒ නිසාම බැරි වෙලා තිබෙනවා. එහෙනම් අපේ අධිකරණ ඇමතිතුමා දැන් කළ යුත්තේ අනෙක් බොරු වැඩ සියල්ල නතර කරලා වහාම පරිගණක අපරාධකරුවන්ට දැඩි දඬුවම් ලබා දෙන සවිමත් නීති පද්ධතියක් හඳුන්වා දීමයි. එහෙම නොකළොත් ශ්‍රී ලංකාවට ආයෝජකයන් පැමිණීම තවත් එක් සිහිනයක් පමණක් වන බව අපි මාලිමා ආණ්ඩුවට සිහිපත් කරනවා.

මොන බොරුද මාලිමා ආන්ඩුවේ හොරු භාණ්ඩාගාරය ඇතුලු රජයේ සියලු ආයතනවල සල්ලි අමු දවල් හොරකම් කරනවා, ඒ හොරකම් රටේ මිනිස්සු දැනගත්තාම අපි හොරකම් කලේ නැහැ හැකරු කොම්පියුටර් වරින් හොරකම් කරනවා කියලා බොරු පතුරනවා. මේවා පිටරට උන් දැනගත්තාම බය වෙනවා. ඇත්තටම බයවෙන්න ඕන වර්තමාන ආන්ඩුවට. උන් බලයේ ඉන්නකල් ආයෝජනය කරන්න ගේන සල්ලි නැතිවෙන්න තියන අවස්තාව වැඩියි.
ReplyDeleteHa hodai.. Aparade ube kale.. Gihin ubata puluwan deyak karapan..Mewage wadakata nathi dewal liya liya inne.. Barinam chu karala nida ganin
ReplyDeleteලංකාවේ බුද්ධි අංශ මර්ධනය කිරීමේ ප්‍රථිපල ඇස් ඉදිරිපිට.
ReplyDelete28 – 8583කැබ් රථය, RMV ගයනි කෞශල්‍යා විජේසිංහ හිරේ යාම ගැන රටටම කී කතාව
ReplyDeleteඔබ 28 – 8583 දරන කැබ් රථය දන්නවාද? යම් දිනෙක ඔබ එය පාරේ දැක තිබෙනවාද? මෙය ලංකාවේ පාරවල්වල කිලෝමීටර් දසහස් ගණනක් ගමන් කර තිබෙනවා. දිනෙක මෙය ඔබත් දැකලා ඇති. ඒ වාහනය තමන්ගේ එන්ජිම හඩනංවමින් ඔබට යමක් කියන්න තැත් කරන්නට ඇති. එහෙත් ඔබට එය කිසිදා වැටහෙන්න නැතිව ඇති.
අනෙක් අතට, රටේ මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයෙකු අත්අඩංගුවට පත් වන්නට මේ කැබ් රියේ අංක තහඩුව හේතු වනු ඇතැයි කිසිවෙක් නොසිතන්නට ඇති.
28 – 8583
මෙම කැබ් රථයේ කතාව ආරම්භ වන්නේ නීති විරෝධී ලෙස කොටස් එකලස් කිරීමකිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන පරිදි, මෙම රථය සඳහා අවශ්‍ය කොටස් නීති විරෝධී ලෙස ගෙන්වා හෝ ලබාගෙන එකලස් කර තිබෙනවා. එහෙත් මෙලෙස එකලස් කළ වාහනයක් පාරට දැමීමට නම් ලියාපදිංචි අංකයක් අවශ්‍ය වෙනවා. අප නම්බර් ප්ලේට් එක කියන්නේ එයටයි.
මෙසේ කිරිම සදහා රථයේ සැබෑ අනන්‍යතාවය සඟවා, එහි චැසි අංක වෙනස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන සකස් කර තිබෙනවා. අනතුරුව එම ලේඛන ඉදිරිපත් කර, වාහනයේ කාර්මික තත්ත්වය තහවුරු කරන බර සහතික වංචනික ලෙස ලබාගෙන තිබෙනවා. චැසි අංක සංශෝධනය කිරීමේදී පවත්වාගෙන යා යුතු නිල ගොනුව නීති විරෝධී ලෙස සඟවා තබමින් විමර්ශන මගහැරීමට කටයුතු කර තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සමස්ත පද්ධතිය ගැන විමර්ශනයක් සිදු කරමින් සිටිනවා. දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක වන ගයනි කෞෂල්‍යා විජේසිංහ මහත්මිය නීත්‍යානුකූල ලියාපදිංචියක් නොමැති වාහනවලට අංක තහඩු නිකුත් කිරීමේ චෝදනාව මත අප්‍රේල් 28 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඒ අනුවයි.
වලංගු මූලික ලියාපදිංචියක් නොමැති බවට වාර්තා වන වාහනයකට අංක තහඩු නිකුත් කිරීම හා සම්බන්ධ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. ඇය දැනට බත්තරමුල්ලේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියක ලෙස සේවය කරන බව වාර්තා වෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙතනින් බලන්න.