විදුලි ඒකක 180ට වැඩිය බාවිතා කරන ආයතන සදහා විදුලි බිල සියයට 18කින් වැඩි කිරිමත් සමග රටේ ආර්ථිකය කඩා වැටිමේ අවදානමකට ලක් විය හැකි බව සමස්ථ ලංකා ප්‍රගතිශිලි ජනතා පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.
එම පෙරමුණේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි.
මේ වන විට ඉන්දන මිල, විදුලි බිල, ගෑස් මිල වැඩිවිම් තුලින් මේ රටේ ජනතාව දැඩි දුෂ්කරථාවයන්ට පත්වෙලා ඉන්නේ එමෙන්ම මේ වන විට විදුලි ඒකක 180ට වැඩියෙන් බාවිතා කරන පිරිස් සදහා සියයට 18කි නැවත විදුලි බිල වැඩි විමක් සිදුව තියෙනවා මේ තුලින් මේ රටේ ආර්ථිකය කඩා වැටිමට ලක් වෙන්නත් පිලුවන්.
මොකද මේ රටේ කුඩා හා මහ පරිමාන ඇගළුම් කේෂත්රය ගත්තත් වෙනත් කාර්මාන්ත ගත්තත් එම සියළුම ආයතන මේ ඒකක 180ට ඉහල විදුලි බිලට හසු වෙනවා එම තත්වයන් මත එම ව්‍යාපාර නිසි ලෙස කර ගෙන යාමට නොහැකිව යම් හෙයකින් එම ආයතන වසා දැමිමකට ලක් වුවහොත් එහි සේවය කරන විශාල පිරිසකගේ රැකියා අහිමි විමෙන් එම අයගේ පවුල් පිටින් දැඩි දුෂ්කරථාවයන්ට පත් විමේ අවදානමක් පවතිනවා.
මේ රජය බලයට පත් වෙන්න පෙර මැතිවරණ වේදිකා දෙවනත් කරමින් මේ අය පැවසුවේ ඉන්දවලින් කාංචනට කොමිස් යනවා අරයාට අරකින් කොමිස් යනවා මෙයාට මෙකෙන් කොමිස් යනවා අපි බලයට පත්වුන විට එම කොමිස් ඉවත් කර ජනතාට ඉන්ද මිල අඩු කර දෙනවා විදුලි බිල අඩු කරනවා ගෑස් මිල අඩු කරනවා කියලා.
එසේ ලබා දුන් පොරෝන්දු මත ජනතාව මේ අයට බලය ලබා දුන්නා එත් අද ඉන්දන මිල ඉහල යනවා ගෑස් මිල ඉහල යනවා විදුලි බිල ඉහල යනවා මෙම තත්වයන් මත මේ රටේ ජනතාව දැඩි ලෙස දුෂ්කරථාවයන්ට පත් වෙනවා.
ඉන්දන, ගෑස්, විදුලිය මිල ඉහල යාමත් සමග පෝටෝ කොපිය, එලවළු ටික, කෑම පර්සලය මේ හැම දෙයකම මිල ඉහල ගිහින් තියෙන්නේ මෙම තත්වයන් මත ජනතාව පත්ව ඇති දුෂ්කරථාවයන් පිලිබදව මේ රජයේ අවදානය යොමු කරවිමට අදාල බලධාරින් පියවර ගත යුතු වෙනවා.
විදුලි බිල ඉහල යාමට ප්‍රධාන හේතුව ලෙස අද බොහෝ පිරිසක් පවසන්නේ බාල ගල් අගුරු හේතුවෙන් සමහර විදුලි බලාගාර සදහා ඩිසල් වැඩි වශයෙන් බාවිතා කිරිමට සිදුවිම බවයි මෙය සමහර විට වෙන්නත් පුලුවන් මොකද මේ බාල ගල් අගුරු ගෙන්විම අද මේ රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙන්නේ එම නිසා මෙම සිද්ධිය පිලිබදවත් මේ රජය මගින් නිසි පරික්ෂනයක් සිදු කර ජනතාව දැනුවත් කිරිමටත් පියවර ගත යුතුයි.
- මනුර සුදත් සෙල්ලහේවා

ජයවේවා ජනපතිදුනි සියලුදේට ඉහල මිලක් ලබා දුන් ඔබට
ReplyDeleteමෝඩ යක්කු තමන්ගෙ ජන්දටික තවත් හැලෙයි කියල සාමාන්‍ය මිනිස්සුන්ට නැතිව සියලු විදුලි පිරිවැය ව්‍යාපාර මත පැටෙව්ව. වැඩි කාලයක් යන්න කලින් ව්‍යාපාර ඉවරවෙනව. එතකොට මහජනයට මුහුදෙ පනින්නයි වෙන්නෙ.
ReplyDeleteකිසුදු ආර්ථික දැණුමක් නැති ඌරු රැලක්. රට ඉවරයි.
ඌර නං තම්බල හරි කන්ඩ පුළුවන්
Deleteඒත් මුන්?
තනිකරම ගූ
ඉස්සර වර්ජන තර්ජන වලින් කරපුව දැන් රාජ්‍ය බලයෙන්
ReplyDelete