කියුබා ජාතික වීරයාගේ ප‍්‍රතිමාව ටිල්වින් අතින් කොළඹ මහජන පුස්තකාල බිමේ විවෘත කරයි..


කියුබානු ජාතික වීරයකු, කවියකු, ලේඛකයකු, දාර්ශනිකයකු සහ මාධ්‍යවේදියකු වූ ජෝසේ මාර්ටි (José Martí) මහතාගේ අනුස්මරණ පිළිරුවක් කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී විවෘත කෙරිණි.

 1853 ජනවාරි 28 උපන් ඔහු කියුබාවේ සහ ලතින් ඇමරිකාවේ නිදහස වෙනුවෙන් දිවි පිදූ අතර, ඔහුගේ අනුස්මරණ දිනය මැයි 19 වන දිනට යෙදී තිබුණි.

​මෙම අවස්ථා අමතමින් ඇමති විජිත හේරත් මහතා පෙන්වා දුන්නේ පීඩිත ජන අයිතීන් වෙනුවෙන් නිර්භීතව සටන් කළ සොඳුරු මිනිසාගේ දර්ශනය සහ මතකය සදා අනුස්මරණීය බවයි.

කියුබානු තානාපතිනී පැට්‍රීසියා ලාසාරෝ පේගෝ ගුවේරා, ශ්‍රී ලංකා - කියුබා මිත්‍රත්ව සංගමයේ සම සභාපතිවරුන් වන ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ආචාර්ය තිලංග සුමතිපාල මෙන්ම කොළඹ නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් ද ජෝසේ මාටි පිළිබඳව විශේෂ දේශන පැවැත්වූහ.

​ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ කියුබානු තානාපතිනිය සමඟ ජෝසේ මාර්ටි මහතාගේ පිළිරුව විවෘත කිරීමට එක් විය.

​අනතුරුව ටිල්වින් සිල්වා මහතා, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා, කොළඹ උප නගරාධිපති සහ කියුබානු තානාපතිනිය ඇතුළු සම්භාවනීය පිරිස පිළිරුව වෙත මල් කලඹ තබා උපහාර දැක්වූහ.

​මෙම පිළිරුව ප්‍රවීණ මූර්ති ශිල්පී ඇන්ඩෲස් ගොන්සාලෙස් ගොන්සාලෙස්ගේ නිර්මාණයක් වන අතර, එහි සමස්ත සැලසුම්කරණය වාස්තුවිද්‍යාඥ කේෂාන් ද සිල්වා විසින් සිදුකර තිබේ.

13 Comments

  1. 😂😂😂😂😂😂 wena wadak tibilama nadda ban karanna

    ReplyDelete
    Replies
    1. මමත් ප්‍රංශය, එංගලන්තය සහ ස්වීඩන්වල වාසය කරලා තිබුණත්, Ph.D. උපාධි ලබා ලෝක ඉතිහාසය සහ සාහිත්‍ය ගැන පොත-පත කියවලා තිබුණත්, මේ කියුබා විප්ලවවාදියා (කැරලිකාරයා) ගැන අහලවත් තිබුණෙ නෑ. මේ වාගෙ නොසැලකිය හැකි තරම් සුලු මිනිසෙක්ව මෙහෙම සමරණවා කියන්නේ ජෙප්පො නම් නූගත්, කොමියුනිස්ට්වාදය කර පින්නා ගත් අමුම අමු ත්‍රස්තවාදියෝ කියන එකයි.

      Delete
    2. හොසේ හුලියන් මාටි
      PhD එකට උගන්නන්න නැතුව ඇති
      ලෙනින්ල ගැන විතරක් නෙවේ ලෝකෙ ඉතිහාසෙ ගැනත් ටිකක් වැඩිපුර හෙව්වනං හොසේ මාටි වත් හම්බුවෙන්න තිබුන

      Delete
    3. ජෝසේ මාර්ටි


      MU kawda ban, rawula thiyene pakxx

      Delete
    4. ජෝසේ නෙමෙයි හෝ(ඕ)සේ මාර්ටි. ස්පාඤ්ඤ භාෂාවේ "J" ශබ්ද කරන්නේ "හ" කියලා. උදා: ඇමරිකාවේ නගරයක් වන San Jose සන් ඕසේ. පණ්ඩිත කමට නෙමෙයි දැම්මේ දන්න දේ කියලා දෙන්න.

      Delete
  2. 🤪🤪🤪🤪🤪 wena wadak tibilama nadda ban karanna

    ReplyDelete
  3. These dickheads have no other business other than unveling every damn fuckers outside Sri lanka. What the fuck has that dickhead done for the country. Disgrace.

    ReplyDelete
  4. haiyoo ape army eke ekekge ekk hadnna ba munta
    ki deneek marunada uthure

    ReplyDelete
  5. සහෝදරයාMay 20, 2026 at 6:26 PM

    ටිල්වින්ලාගේ ප්‍රශ්නය තමයි, එයාලා තාම ලෙනින්ලා හදපු පැන්ටසිය ඇතුලේ, කියුබාවේ මිනිස්සුන්ටවත් නැති රැදාවක්, ඇයි මේ ගොල්ලන්ට බැරි විජේවීරගේ පිලිරුවක් හදන්න?

    ReplyDelete
    Replies
    1. tilviyage piliruwak hadamu

      TIN tin TIN

      Delete
  6. හෝසෙ මාටි (ස්පැනිෂ් භාෂාවෙන් එහෙමයි කියන්නෙ) ගැන අහපු නැති එවුන් ලොකුවට බිරුවට වැඩක් නෑ. කෝහොම වෙතත් ඔය පිළිමෙනං දැන් ටික කාලෙක හිටං ලයිබ්රරි එක ඉස්සරහ තිබුන. අළුතිං විවෘත කලේ මොකද්ද දන්නෙනෑ

    ReplyDelete
    Replies
    1. දෙවෙනි තට්ටුවට මුල්ගල තිබ්බ වගේ වැඩක් මේක.
      සිස්ටන් චේන්ජ් ලෙසටම

      Delete
  7. So, there is nothing wrong having a DA Rajapakske statue in Sri Lanka! Gota was blamed for making his father's statue.

    ReplyDelete
Previous Post Next Post