ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඉතිහාසයේ ප්‍රථම වතාවට අමෙරිකානු ඩොලර් 5000 සීමාව පසු කර ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
වත්මන් රජය බලයට පත්ව වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ මෙරට ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකි වී ඇති බව ඔහු එහිදී අවධාරණය කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන් පරිදි වත්මන් රජය පාලනය භාරගෙන වසරක් ඇතුළත ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය (GNP) අමෙරිකානු ඩොලර් බිලියන 109ක ආසන්න අගයක් දක්වා වර්ධනය වී ඇත.
මෙරට ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 ඉක්මවා ගොස් තිබේ.
පසුගිය පාලකයන් විසින් දශක ගණනාවක් තිස්සේ විනාශ කරන ලද අමාත්‍යාංශ සහ ආර්ථිකයක් සහිත රටක් තමන් භාරගත් බව ඔහු සිහිපත් කළේය.
රජයේ ක්‍රියාකලාපය "එල් බෝඩ්" ලෙස විවේචනය කරන පිරිස්වල දේශපාලන පක්ෂ මේ වන විට අස්ථාවර වී ඇති බවත්, ඔවුන්ගේ විවේචන පදනම් විරහිත බවත් ඔහු පැවසීය.
පවතින "එල් බෝඩ්" රජය විසින් වසර එකහමාරක් වැනි කෙටි කලකදී රටේ ආර්ථිකය යහපත් මාවතකට යොමු කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මූ නිකං ටෝක දෙන්නේ බින්දුවේ ඉඳන් පන්දාහ වෙනකන් වැඩි කරා වගේ.මේකත් නිකං හරියට කජු සීයා ඉතුරු කරල ගිය ඩොලර් මිලියන 6600 ට 400ක් එකතු කරලා ඩොලර් මිලියන හත්දාහක් කරලා අපි ඇවිල්ලා ඩොලර් බිලියන හතක සංචිතයක් හැදුවා කියල පම්පෝරි ගැහුව වගේ.මේ වෙනකොට දැන් ඒකත් නෑ තියෙන්නේ හයදාස් අටසීයයි
ReplyDeleteඒකයි මුන් අසවැසුම දෙපාරක් ගෙවන්නෙ 🤣
ReplyDeleteහරිනේ,
ReplyDeleteඇමටිලාගේ ඒක පුද්ගල ආදායම ඩොලර් පන්දාහ පැන්නුවා නේ.
ලාල් ගේ වඳුරු කුමාරගේ බිමල්ගේ නං ආදායම ඩොලර් මිලියන පන්දාහ පන්නල දැන්
Rata wasso apamanak preethiyen natathi gayathi rathi kreeda krathi.
ReplyDelete..
...
ඒක පුද්ගල ආදායම Rs 135 000 per month ?
Deleteලපයගෙය් උගෙ නරි රැලගෙයි වෙන්න් ඇති.
ReplyDeletePer capita GDP in the year 2022 is USD 3464, 2023-USD 3799, 2024-USD 4515 and 2025-USD 5003. Sri Lanka's per capita GDP has been going up for sometime and not because JVP came to power. What has JVP done to attract investors? Nothing much. If JVP had brought in more investors and developed industry there would have been a sharp rise in per capita GDP. Despite start of the financial crisis in the year 2022 to 2023 the per capita GDP has increased by USD 335. The buying power of rupee in the year 2022 was number of times higher than what it is now. So politicians must understand ad hoc citing figure without realizing how people live they gain negative mileage.
ReplyDeleteIndia's per capita GDP in the year 2025 reached around USD 2500/- and it was there in the press that India is nearing crossing of her poverty line. Can any top brass of our government could say that. In our case more and more middle class citizen fall under the poverty line thanks to people like one who has published this news item.
ඒක පුද්ගල ආදුයම වැඩි හින්දද පපෝ හිගන අස්වැසුම දෙපාර ගානේ ගෙවන්නේ ?
ReplyDeleteඩොලරය 325/=
ReplyDeleteවොව් වොව්
ReplyDeleteඅවුරුදු පහ යනකොට අපි 25000 පන්නනවා
ලේ වලින් දිවුරලා කියන්නේ