මුදල් අමාත්‍යාංශයෙන් අමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක් අහිමිවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් ලේකම්වරයා රජයේ මුදල් කාරක සභාව හමුවේ ලබා දුන් සාක්ෂි සහ ඒ හා සබැඳි වීඩියෝ දර්ශන වහාම ප්‍රසිද්ධියට පත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට අභියෝග කරයි.
විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ මහා භාණ්ඩාගාරයේ මුදල් ආරක්ෂා කිරීමට පවා වත්මන් පාලනය අපොහොසත් වී ඇති බවයි.
මුදල් අමාත්‍යාංශයේ ඩොලර් ලක්ෂ 25කට අමතරව තැපැල් දෙපාර්තමේන්තුවෙන් ද ඩොලර් ලක්ෂ 6ක් අතුරුදන් වී ඇති බව ඔහු හෙළි කළේය.
මුදල් කාරක සභාවේ තොරතුරු ජනතාවගෙන් වසන් කරන්නේ රජයේ අසාර්ථකත්වය වසා ගැනීමට බවට ඔහු චෝදනා කරයි.
IMF එකඟතා මත 2026 සිට 2029 දක්වා කාලය තුළ 'සෙස්' (Cess) සහ අනෙකුත් බදු ඉවත් කිරීම හරහා දේශීය කර්මාන්තකරුවන්ට සිදුවන අගතිය පිළිබඳව ඔහු අනතුරු ඇඟවීය.
පාස්පෝට් ගැටලුව සම්බන්ධයෙන් පෝලන්ත රජය යුරෝපා හවුලට පැමිණිලි කිරීමට සැරසෙන බවත්, ඒ පිළිබඳව වහාම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.
මුදල් කාරක සභාවේ වාර්තා ප්‍රසිද්ධ කිරීම මඟහැරීම හරහා රජයේ විනිවිදභාවය පිළිබඳව බරපතල සැකයක් ජනිත වන බව සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

තව තුන හමාරයි තියෙන්නේ ගහන ගැහිල්ලක් ගහන්න. මේ ගෙවිච්ච අවුරුදු එක හමාරට ලොවෙත් නැතිවෙන්න ගැහුවා. රටම හිස් කරලා යයි.
ReplyDeleteDuring Mahinda Ranil era,
Delete12 billion of debt money was missing
Still no single record 😂😁😁
1 billion = 1000 million
Dobi. Now the government is with you
Deletewhy chuti dobis like you come forward
While maha dobis are continuosly stealing (LOWETH NATHIWENNA)
Mekai ME game eke - 2.5M gahille inne Mudal lekami, President ui thawa Asi wala athi kawru hari , Ara nanda lalya uuth horane ?
ReplyDeleteoke recodings elidakwai lagadima ekath haker kenekma karai
ReplyDelete