උතුරට වෙන නීතියක්ද.. විමල් ගැන පොලිසිය දැමූ FB සටහනට දරුණු Comment ප‍්‍රහාර..


 ජාතික රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස සංවිධානය කර තිබූ පෙරහුරු කටයුතු වලට සහ රාජකාරියේ නිරත නිලධාරීන්ට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු 35 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකට එරෙහිව ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත ප්‍රධාන උත්සවයේ කටයුතු සහ පෙරහුරු මැයි 18 වනදා සිදු කෙරෙමින් පවතිද්දී, මෙම පිරිස අනවසරයෙන් එම භූමියට ඇතුළු වීමට උත්සාහ කර ඇති බවයි.

එහිදී ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම උත්සාහය ව්‍යර්ථ කර, රැඳී සිටි පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

පොලිසිය විසින් මේ පිළිබඳව තැබූ නිල සමාජ මාධ්‍ය සටහනත් සමඟ, ඊට ප්‍රතිචාර දක්වමින් මහජන විරෝධයක් සහ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.

පරිශීලකයන් රැසක් චෝදනා කරන්නේ පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීමේදී දකුණට සහ උතුරට පක්ෂග්‍රාහී ලෙස “ද්විත්ව ප්‍රතිපත්තියක්” අනුගමනය කරන බවයි.

යාපනය ඇතුළු උතුරු ප්‍රදේශවල මෑතකදී ආරක්ෂක හිස්වැසුම් (හෙල්මට්) රහිතව යතුරුපැදිවලින් ගමන් කරමින් කළ නොසන්සුන් හැසිරීම් සහ උත්සව මැඩපැවැත්වීමට පොලිසිය අසමත් වූ බවට ජනතාව චෝදනා කරති. බයිසිකල් අංක තහඩු පවා පැහැදිලිව පෙනෙන්නට තිබියදී උතුරේ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි ඔවුහු ප්‍රශ්න කරති.

පසුගිය දිනවල දකුණේ තරුණියන් පිරිසක් සහ කලාකරුවන් පිරිසක් හෙල්මට් නොමැතිව ගමන් ගත් වීඩියෝ පට උපයෝගී කරගෙන වහාම රුපියල් 20,000ක දඩ මුදල් නියම කිරීමට පොලිසිය කටයුතු කළ ආකාරය පෙන්වා දෙන පරිශීලකයන්, නීතිය සැමට සමාන විය යුතු බව අවධාරණය කර සිටිති.

නීතියේ ආධිපත්‍යය සැමට සමානව සුරැකීමට නම් උතුර දකුණ භේදයකින් තොරව පොලිසිය ක්‍රියා කළ යුතු බව සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ මතය වී ඇත.

9 Comments

  1. දැන් රටේ තියෙන්නේ මාලිමා ෂූ පොලිශ් එහෙම නැත්තං සපත්තු පොලිස්.

    ReplyDelete
    Replies
    1. Sirata ban

      Shoe POLICE ....

      Boot lickers

      Mun pukath dei rank eka wadikaraganna

      Delete
  2. වැල්ලවත්තේ ඇතුළු හැමතැනම සමරනවා, ඒවා හොදියි , කොන්ද පන නැති පාලකයෝ බිහිඋනාම වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ , ලාංකිකයන් නැවතත් එකතුවියයුතු කාලය පැමිණ ඇත.

    ReplyDelete
  3. ජාතික රණවිරු සැමරුම් දිනය වෙනුවෙන්වසර ගණනාවක් තිස්සේ මෙරට ක්‍රියාත්මක වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කිරීමට රජය තීරණය කර ඇත.

    එම තනතුරට අදාල පනත ඉවත් කිරීම සඳහා වන පනත් කෙටුම්පත ආරක්ෂක අමාත්‍යවරයාගේ නියෝග පරිදි සකස් කර දැනටමත් සකස් කර ඇති අතර මැයි මස 15 වැනි දින රජයේ ගැසට් පත්‍රයේද පළ කර ඇත.

    ReplyDelete
  4. ඔය අරගලයට ගිහින් නොමිලේ කැම කාපු ඔක්කොම ඵවුන් හිතාගන්න තියෙන්නේ ඕගොල්ලො ඔය කෑවේ බිව්වේ සතුටු වුනේ ඔයාලගේ අම්ම තාත්තා සහෝදර සහෝදරියන් හිත මිතුරන් ඥාතීන් අසල්වාසීන් ස්වාමීන් වහන්සේලා කැලි කැලි වලට කපලා කොටලා මරලා පුච්චපු ම්ලේච්ඡ ත්‍රස්තවාදී සංවිධානයේ අරමුදලෙන් කියන ඵක

    ReplyDelete
  5. උතුරේ අන්තවදියා අර්වු..
    දකුණේ විමලා

    ReplyDelete
    Replies
    1. මීට ඩයි මයි

      Delete
  6. මේ පඩංගු නිවුස් හොඳයි මොළේ මැරිච්ච වහල් බයියන්ටම. අඩේ මේවා ලියද්දි වත් තේරෙන්නෙ නැද්ද බං හෙන ගොං කියල?

    ReplyDelete
    Replies
    1. මීට හිච්චියා

      Delete
Previous Post Next Post