ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරික දෙකක් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ, මෙතෙක් ඉටු කර නොතිබූ කොන්දේසි දෙකක් ඉටු කිරීමට ලබා දුන් ලිඛිත පොරොන්දුවක් මත බව හිටපු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.
ලෝක වෙළෙඳපොළේ පවතින අගය සහ පිරිවැයට අනුකූලව මෙරට ඉන්ධන මිල තීරණය කිරීමට එහිදී එකඟතාව පළ කර ඇති බව හෙතෙම කියා සිටියේය.
ඒ අනුව, ඉදිරියේදී ඩීසල් ලීටරයක මිල රුපියල් 700කට ආසන්න මුදලක් දක්වා ඉහළ යා හැකි බවට තමන් වෙත තොරතුරු ලැබී ඇතැයි ද ඒ මහතා අනාවරණය කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු ආණ්ඩුකාරවරයා මෙම අදහස් පළ කළේය.

කොහෙද යකෝ imf කීමට වෙන්නේ ..ඩීසල් වරායට ගොඩබන්නෙත් 650 ට වැඩි ගානට
ReplyDeleteඅපි ඉන්න සින්ගප්පූරුවේ 1350 යි රුපියල්වලින් හැදුවොත්
එක එකාට හිතෙන හිතෙන දේවල් නිව්ස් හැටියට දාන්න පුළුවන්ද.මුන්ට හීනයක් දැක්කත් එකත් නිව්ස් හැටියට දානව.
ReplyDelete