LECO විදුලි සැපයුම අත්හිටුවයි.. පද්ධති බිද වැටීමක්..

 


පද්ධතියේ ඇති වූ අනපේක්ෂිත අසමතුලිතතාවයක් හේතුවෙන් ලංකා විදුලි පුද්ගලික සමාගමේ (LECO) බෙදාහැරීම් කලාපවලට අයත් ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම තාවකාලිකව අත්හිටුවා ඇති බව එම ආයතනය නිවේදනය කරයි.

තාක්ෂණික දෝෂය නිරාකරණය කර විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා පැය කිහිපයක කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පද්ධතියේ ඇති වී තිබෙන මෙම හදිසි තත්ත්වය හේතුවෙන් පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවය පිළිබඳව ලංකා විදුලි පුද්ගලික සමාගම (LECO) සිය කනගාටුව පළ කර සිටින අතර, විදුලි සැපයුම හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව දන්වා සිටී.

මේ අතර, ජාතික විදුලිබල පද්ධතියේ විශ්වසනීයත්වය සහ ස්ථාවර ක්‍රියාකාරීත්වය තහවුරු කිරීම සඳහා, වහළ මත සවිකර ඇති සූර්ය බලශක්ති පද්ධති අද (30) පස්වරු 3.00 දක්වා තාවකාලිකව ක්‍රියාවිරහිත කර තබන ලෙස ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම ද පාරිභෝගිකයින්ගෙන් මීට පෙර විශේෂ ඉල්ලීමක් කර තිබුණි.

Previous Post Next Post