පැලවත්ත ප්‍රදේශයේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලය තුළ මෑතකදී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. මෙම තත්ත්වයට මුල් වූයේ රජය විසින් ගන්නා ලද එක්තරා තීරණාත්මක පියවරකි.
ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයන්, ජාතික ජන බලවේගයේ නායකයන් මෙන්ම ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම අර්බුදය නිර්මාණය විය. එහිදී පක්ෂයේ පැරණි සාමාජිකයන් පිරිසක් තරයේ කියා සිටියේ විපක්ෂයේ සිටින කිසිදු දේශපාලනඥයෙකු රජයට බඳවා නොගත යුතු බවයි. කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර දැක්වූ තවත් පිරිසකගේ අදහස වූයේ වත්මන් පාලනය ස්ථාවරව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා එම පිරිස සම්බන්ධ කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවයි.
මෙම විශේෂ හමුව සඳහා ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, අමාත්‍යවරුන් වන බිමල් රත්නායක, සුනිල් වටගල සහ වසන්ත සමරසිංහ යන ප්රමුඛ පෙළේ දේශපාලනඥයන් රැසක් එක්ව සිටි අතර, එහිදී විවිධ අදහස් කරළියට පැමිණියේය. එහි සිටි බහුතරයකගේ ස්ථාවරය වූයේ මහජනතාව ඡන්දය ප්‍රකාශ කළේ මාලිමාවේ ප්‍රතිපත්ති වෙනුවෙන් බැවින්, එම මතවාදය තවදුරටත් දැඩිව ආරක්ෂා කළ යුතු බවයි. එහෙත් ඊට වෙනස් මතයක් දැරූ සුළු පිරිසක්ද එතැන සිටියහ. මෙම අදහස් ගැටීම අවසානයේ දැඩි වාග් ප්‍රහාර සහ නොසන්සුන්කාරී වාතාවරණයක් දක්වා දුරදිග ගියේය.
අවසානයේදී ආණ්ඩුව තුළ මාලිමාවේ බලය තහවුරු කළ යුතු යැයි තර්ක කළ පාර්ශවයේ අදහස බහුතර එකඟතාවයෙන් ස්ථිර වූ බව වාර්තා වේ. කෙසේ වුවද, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා දිගින් දිගටම අවධාරණය කළේ විපක්ෂයේ කිසිවෙකුටත් රජය තුළ ඉඩක් නොදිය යුතු බවයි. එහෙත් එදින රැස්ව සිටි පිරිසෙන් බහුතරයක් ඔහුගේ එම අදහස අනුමත නොකළහ. පාලනය සාර්ථකව පවත්වාගෙන යාමට නම් මෙවැනි තීන්දු ගැනීමට සිදුවන බවත්, පක්ෂයේ සාමාජිකයන්ට රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් ප්‍රායෝගික අත්දැකීම් නොමැති බවත් පරණ ජවිපෙ සාමාජිකයන් කිහිපදෙනෙකුම එහිදී පෙන්වා දී ඇත.
මෙම වාදවිවාද මැද ටිල්වින් සිල්වා මහතා ලාල් කාන්ත මහතා වෙත හැරෙමින්, ඔහුගේ නිවස සම්බන්ධයෙන් මතුවූ ගැටලු පක්ෂයේ ප්‍රතිරූපයට දැඩි හානියක් සිදුකළ බව ප්‍රකාශ කර තිබේ. ඉන් දැඩි ලෙස කෝපයට පත් ලාල් කාන්ත මහතා, "එතකොට ඔයා කරන දේවල් නිවැරදිද?" යනුවෙන් පෙරළා ප්‍රශ්න කර ඇත.
මේ අතරතුර රැස්වීමට සහභාගි වූ අයෙකු අසල තිබූ පුටුවකට පයින් ගැසීම හේතුවෙන් ඇතිවූ ශබ්දයට, පිටත ආරක්ෂාවට සිටි නිලධාරීන් ද ඇතුළට පැමිණ සිදුවන්නේ කුමක්දැයි සොයා බලා තිබේ. කෙසේ වෙතත්, මෙම මතභේදාත්මක තත්ත්වය තුළ කිසිදු පුද්ගලික පහරදීමක් සිදු වූ බවට තොරතුරු වාර්තා නොවේ.
මූලාශ්‍රය - ඉරිදා ලංකාදීප

එතකොට පහුගිය දවසක ඩයි සීය කිව්වේ විපක්ෂ කට්ටිය ගන්නවා කියලා දැන් මේ මොකක්ද?
ReplyDeleteFake news
DeleteJVP is doing good
SL has no opposition…
It will take 5 years to build brand new opposition party against the NPP
No it is not possible before next election
හොරා කකා බදු පිට බදු ගහන මෝලිමා ජෙප්පෝ මකබෑවෙලාම පල.
Deleteරනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ගෙන ජනාධිපති කරවීමේ හරිනිගේ සැළසුම
ReplyDeleteහොරා කකා බදු පිට බදු ගහන මෝලිමා ජෙප්පෝ මකබෑවෙලාම පල.
DeleteMe wage gon katha kawuda ban ganan ganne...JVP operate wenne ubala hithana widiyata newe...Boru chun ganilla
ReplyDeleteඑල් බොඅඩ් ජෙප්පො මදෑ ආන්ඩුවක් කරා, මුන් ඉගනෙගෙන කරනකොට රට ඉතුරු වෙලා තිබුනොත් ලොකු දෙයක් . මොනා උනත් මුන් දෙන ආතල් වලට වෙන කාටවත් ලොවෙත් සම කරන්න බෑ.
ReplyDeleteදෙයියන්ගේ hal කැවුනම ඔහොම තමයි.
ReplyDeleteපිස්සො රජ වෙලා රට විනාස වෙලා
ReplyDeleteඩෝබිලා තුශ්නිම්භූත වෙලා.........🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
ReplyDeleteThese are fake news
ReplyDeleteDon’t believe these 😂😂🙂🙂
පැලවත්තේ ඉන්න සීයට රට පාලනයට හොට දාන්න තියෙන සුදුසුකම මොකක්ද ? අඩුම තරමේ මාක්ස්වාදයවත් හරියට දන්නෙ නැති මහදැනමුත්තෙක් !
ReplyDeleteසිත නිවන කථා...!
ReplyDeleteටිල්විය ලාල්ගෙන් ගුටිකාපු එක්ක හංගන්ඩ පුටුවට පයින් ගැහුව කියල කතාව ප්‍රචාරය කරනව.
ReplyDeleteඑකඟයි. පුටුව කියල ජෙප්පො කෝඩ් ක්‍රමයට කියන්නෙ ටිල්වින් සිල්වට තමයි.
Deleteපුටුවට පයින් ගැව්වම ටිල්වින්ගේ බොරු කොන්ඩේ ගැලවුනේ කෙසේද සහෝදරවරුනි
ReplyDelete
ReplyDeleteඅපිට අසා හිතුන නේ නැගෙනහිරින් රට සංවර්ධනය කරල, ග්‍රැෆීන් අපනයනය කරල, උගන්ඩා කුමාරි එක්ක ගිහින් සල්ලි ගෙනත බිලියන 45 ණය එක අවුරුද්දෙන් ගෙවල, නැට්ට කැඩෙන්නේ නැති කෝලිකුට්ටු කාල, සල්ෆියුරික් බීල , උමා ඔයේ හිල වහල, V8 අපනයනය කරල ඉස්කෝල ටික අන්තර් ජාතික මට්ටමට දියුණු කරල, රු 150ට පැට්රල් ගහන් විට්ස් කාර් එකෙන් ගිහින්, සමලිංගික වෙලා, හොද ජෝක් ටිකක් බලල ආතල් එකේ ඉන්න.
පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මරු මාරයි එල එළකිරි එලපවුසි අම්මප
මෙම වාදවිවාද මැද ටිල්වින් සිල්වා මහතා ලාල් කාන්ත මහතා වෙත හැරෙමින්, ඔහුගේ නිවස සම්බන්ධයෙන් මතුවූ ගැටලු පක්ෂයේ ප්‍රතිරූපයට දැඩි හානියක් සිදුකළ බව ප්‍රකාශ කර තිබේ. ඉන් දැඩි ලෙස කෝපයට පත් ලාල් කාන්ත මහතා, "එතකොට ඔයා කරන දේවල් නිවැරදිද?" යනුවෙන් පෙරළා ප්‍රශ්න කර ඇත.
ReplyDeleteමේ අතරතුර රැස්වීමට සහභාගි වූ අයෙකු අසල තිබූ පුටුවකට පයින් ගැසීම හේතුවෙන් ඇතිවූ ශබ්දයට, පිටත ආරක්ෂාවට සිටි නිලධාරීන් ද ඇතුළට පැමිණ සිදුවන්නේ කුමක්දැයි සොයා බලා තිබේ. කෙසේ වෙතත්, මෙම මතභේදාත්මක තත්ත්වය තුළ කිසිදු පුද්ගලික පහරදීමක් සිදු වූ බවට තොරතුරු වාර්තා නොවේ.
HAHAHAHAHAHAHAHAHAHAHAHAHAHAHAHAHAHAHHA
මෙම මතභේදාත්මක තත්ත්වය තුළ කිසිදු පුද්ගලික පහරදීමක් සිදු වූ බවට තොරතුරු වාර්තා නොවේ.
Those who knows that knew the truth.....
Ranilta jayaweiwaa!!!
ReplyDeleteCome on JVp. Npp eka pukata pain gala elawanna one
ReplyDelete