NPP, SJB, UNP ජාතික ආණ්ඩුවක්..?


සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේ සිටින දක්ෂ පුද්ගලයින් ආණ්ඩුවට එක්කර ගනිමින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ සූදානමක් පවතින බව හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා අනාවරණය කරයි.

සිය යූටියුබ් නාලිකාව ඔස්සේ ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව මේ වන විට මුහුණ දී ඇති දැඩි අප්‍රසාදය හමුවේ මෙම තීරණය ගැනීමට උත්සාහ කරමින් සිටින බවයි.

වරුණ රාජපක්ෂ මහතා පවසන පරිදි, වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට සුවිශේෂී දායකත්වයක් ලබා දුන් ඉහළ මැදපන්තික සමාජ ස්ථරය තුළ ආණ්ඩුව මේ වන විට දැඩි ලෙස අප්‍රසාදයට ලක්ව ඇත.

මෙම පිරිස ආණ්ඩුව කෙරෙහි කලකිරීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ආණ්ඩුව "අසමත්" එකක් බවට පත්වීමයි.

රටේ ආර්ථිකය පිළිබඳ දත්ත සහ ඉලක්කම් සහිතව අවබෝධයක් ඇති මෙම සමාජ ස්ථරය දිනා ගැනීම සඳහා, ආණ්ඩුවට "සමත්" යැයි හඳුනාගත් පිරිසක් පිටතින් එක්කර ගැනීමේ උවමනාවක් පවතින බව ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන්ම ආණ්ඩුවේ අසමත්කම වඩාත් පෙනෙන්නට තිබෙන මුදල් අමාත්‍යාංශය සහ විදේශ අමාත්‍යාංශය වැනි තැන් සඳහා මෙලෙස විපක්ෂයේ පුද්ගලයන් ආදේශ කිරීමට උත්සාහයක් පවතින බව ඔහු සඳහන් කරයි.

මේ සඳහා විපක්ෂයෙන් එක් කරගන්නා බවට නම් කිහිපයක් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන බවත්, ඒ අතරින් එරාන් වික්‍රමරත්න මහතා දැනටමත් ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලය හරහා ආණ්ඩුවේ වගකීමක් භාරගෙන තිබීම හරහා ඔහු ආණ්ඩුව සමඟ එක්වීමේ තීරණය ගෙන ඇති බව පැහැදිලි වන බවත් රාජපක්ෂ මහතා පවසයි.

මීට අමතරව තවත් ප්‍රබල නම් කිහිපයක් පිළිබඳව අවධානය යොමුව ඇති අතර, ඉන් සමහරක් ජාත්‍යන්තර දේශපාලන ප්‍රවාහයන්ගේ බලපෑම මත ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම සඳහා සිදු කරන මෙහෙයුමක කොටසක් විය හැකි බව ඔහු සැක පළ කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳව අදහස් දක්වමින් වරුණ රාජපක්ෂ මහතා පවසන්නේ, සජිත් ප්‍රේමදාස මහතා මීට පෙර මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන ජනාධිපතිවරුන් කළ ආරාධනා පවා ප්‍රතික්ෂේප කළ අයෙකු බවයි. "නොපැහැදිලි පිටියක බැට් කිරීමට" ඔහු අකමැති බවත්, ජනාධිපතිවරයෙකු වීමේ අපේක්ෂාවෙන් පසුවන ඔහු මෙවැනි අවස්ථාවක ආණ්ඩුවට එක්වීමට ඇති ඉඩකඩ ඉතා අඩු බවත් ඔහු පෙන්වා දෙයි.

එසේම, රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් ජනාධිපතිවරයාට බලයට ඒමට මාවත විවර කර දුන්නද, පසුව ඔහුට එල්ල වූ අවඥාව සහ පහරදීම් හමුවේ ඔහු අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුව ගොඩනැගීමට සහය දෙනු ඇතැයි සිතිය නොහැකි බවත්, ඔහුගේ උත්සාහය විය හැක්කේ ආණ්ඩුව අවසන් කර දැමීම බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

මෙලෙස විපක්ෂයේ පිරිස් ආණ්ඩුවට එක්කර ගැනීම හරහා ආණ්ඩුව නිර්මාණය වීමට බලපෑ මූලික පදනම වූ "ප්‍රභූ-නිර්ප්‍රභූ" බෙදීම වෙනස් වන බව වරුණ රාජපක්ෂ මහතාගේ මතයයි.

 ගෝල්ෆේස් අරගලයෙන් පසු නිර්මාණය වූ ප්‍රභූ විරෝධී රැල්ල මත බලයට ආ ආණ්ඩුව, නැවතත් එම ප්‍රභූ පන්තියේම පිරිසක් ආණ්ඩුවට එක්කර ගැනීමෙන් එහි ජනවරමේ සුජාතභාවය අහිමි වීමට නියමිත බව ඔහු සිය විශ්ලේෂණය මගින් අවධාරණය කරයි.


3 Comments

  1. අගේන් ක්‍රිස්තියානි කොටි ඩයස්පෝරාව = NPP =SJB

    ReplyDelete
    Replies
    1. අගේන් කියලා දාලා තියෙන්නේ බෝන් අගේන් වෙන්න ඇති.

      ලංකාවේ බෝන් අගේන් ලොක්කිගේ නම මේරි ලූඩිස්. උඩින් දාගත්ත නම ශිරන්ති රාජපක්ශ.

      එයාගේ නෑදෑ ප්‍රමෝදය තමයි මුලින්ම ක්‍රිකට් වලට බෝන් අගේන් ගෙනාවේ.

      රෝහිත රාජපක්ශ විවාහ වුනේ බෝන් අගේන් පවුලකින්.

      ජෙරම් ලී ටට්‍යානා ගේ තාත්තා. බෝන් අගේන් පුරෝගාමියෙක්.

      රෝහිතගේ පුතා බෞතීස්ම කලේත් ඒ ආගමේ.

      වීඩියෝ, Photo, ලියකියවිලි, පත්තර වාර්තා, ඔක්කොම තියෙනවා.

      Delete
    2. අංරගෙ හිල -ප්‍රමිෂ්කා- බෝන් අගේන්

      Delete
Previous Post Next Post