දොස්තරලා හිගයි.. බදුල්ල ශික්ෂණ රෝහලේ SICU සහ MICU ඒකක ඒකාබද්ධ කෙරේ..


 බදුල්ල ශික්ෂණ රෝහලේ පවතින වෛද්‍ය නිලධාරීන්ගේ හිඟය හේතුවෙන්, දැනට වෙන වෙනම පවත්වාගෙන යනු ලබන දැඩි සත්කාර ඒකක දෙකක් තාවකාලිකව ඒකාබද්ධ කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත.  

ඒ අනුව මෙතෙක් වෙන වෙනම ක්‍රියාත්මක වූ ශල්‍ය දැඩි සත්කාර ඒකකය (SICU) සහ වෛද්‍ය දැඩි සත්කාර ඒකකය (MICU), මෙම මස 25 වන දින සිට එක් ඒකකයක් ලෙස SICU පරිශ්‍රය තුළ ඒකාබද්ධව ක්‍රියාත්මක වන බව බදුල්ල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය හිමාලි විජේගුණසේකර මහත්මිය පවසන්නීය.  

පවතින වෛද්‍ය හිඟයට විසඳුමක් ලෙස මෙම තීරණය ගෙන ඇති අතර, රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු අදාළ සියලුම අංශ මේ පිළිබඳව දැනුවත් කර තිබේ.  

කෙසේ වෙතත්, මෙය තාවකාලික පියවරක් පමණක් බව අවධාරණය කරන රෝහල් අධ්‍යක්ෂවරිය, වෛද්‍ය නිලධාරීන්ගේ හිඟය මඟහැරුණු වහාම මෙම දැඩි සත්කාර ඒකක දෙක පෙර පරිදිම වෙන වෙනම පවත්වාගෙන යාමට කටයුතු සූදානම් කරන බවද වැඩිදුරටත් සඳහන් කළාය.

9 Comments

  1. පතිරණ ගලප්පත්තිMay 29, 2026 at 6:11 AM

    තාවකාලිකයි. අදාල වෛද්‍යවරු ඉක්මණින්ම බඳවාගෙන පෙර පරිදිම ක්‍රියාත්මක වෙනවා නුදුරේදී ම, ඒක ලිපියේම තියෙනවා, හෙඩින්ග් එක පෙසිමිස්ටික්.

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිMay 29, 2026 at 7:51 AM

      අපි කොන්-දොස්තරලා ඉක්මනින්ම බඳව ගන්නවා. ඊට පස්සේ කොන් කපලා. උන්ව දොස්තර කරනවා. පිනා-ආචාර්ය වරු ගෙනත් පිනා කපලා ආචාර්ය කරලා අහු වුනාම ආචාර්ය කපලා පිනා කරා වගේ තමයි. 68 ලක්ශෙට නම් ඉතින් පශු වෛද්‍ය වරු උනත් හොඳයිනේ. මොකද පුන්නක්කුනේ කන්නේ.

      Delete
    2. අඩේ ඡන්ද දායකයන්ට ඔහොම කියන්න එපා බං පතිරණ.

      Delete
    3. පතිරණ ගලප්පත්තිMay 29, 2026 at 7:56 AM

      ඉතින් නැත්තන් ගහෙන් ගෙඩි එන්න වගේ දොස්තරලා කොහෙන් හොයන්නද? මාලිමාවේ ලස්සන ජීවිතයක් පොහොසත් රෙද්දක් බලලා දොස්තරලාට මුලින්ම තේරුනා එනපොට හොඳ නෑ කියලා. ඉතින් සල්ලිත් තියෙන නිසා උන් රට පැන්නා. රට හරක් ටිකයි දැන් ගියත් තේරුමක් නෑ කියල හිතෙන දොස්තරලා ටිකයි, ඉගෙන ගන්න ශිෂ්‍ය දොස්තරලයි ඇරුනම ඔක්කොම ගියා. මාලිමාව කරොත් එන්න හිතන් හිටපු රට ඉන්න දොස්තරලා මේ කෙරුවාවල් සහ හොරකම් දැකලා PR ගත්තා. රජයට ඒකට කරන්න දෙයක් නැහැනේ. පුලුවන් උපරිමෙන් තමා කරේ. කෙලවුනේ ගල් අඟුරු කේස් එක මාට්‍ටු වුන නිසා නේ.

      Delete
    4. පතිරණ ගලප්පත්තිMay 29, 2026 at 8:16 AM

      ඔහේ ආඬපාලි නන් දොඩවනවා, විලාප තියනවා, විස්සෝප වෙනවා, අනේ මේ රාජපස්ස ගුලිය ගහපු නනත්තාරයො සෙට් එකට වෙච්ච වින්නැහියක්, බේරේ වැවේ වතුර පෙවිලා කොළඹ කුඩ්ඩෝ ගංජ ගහලා වැසිකිලි ගියාම ඒවා හරවලා තියෙන බේරේ වැවේ ගිලිලා තෝන්තුව හැදිලා සිහි විකල්ලෙන් නන් දොඩවනවා. දාලා තියෙන ලිපියට කිසි ගැලපීමක් නැති නන්නත්තාර ගොන් කථා දොඩවනවා. ඒ මදිවට පතිරණ ගලප්පත්ති නාමයත් කොපි කරලා.

      Delete
  2. මිනීපෙට්ටි සාප්පු කාරයන්ට ජය වෙයි වගේ. පව් මුන්ව විශ්වාස කරපු මෝඩ මිනිස්සු ටික.

    ReplyDelete
  3. දොස්තරලා හිග උනාට අවුලක් නෑ. පොලිස් නිලධාරීන් වැඩි පිරිසක් badawagenaa ඔවුන්ගේ padi වැඩි කරන්න. ඉදිරියේදී උද්ඝෝෂණ මැඩපවත්වා ගන්නත් එපැයි.

    ReplyDelete
  4. පාලිත රාජපක්ෂ දොස්තර මහත්තයා හිටියා නම් මේවා මෙහෙම වෙන්නෑ අපේ හාමුදුරුවනේ

    ReplyDelete
  5. රාජපස්ස රාජපස්ස ජෙප්පද්දන්ගෙ එකම ගැලවීම...

    ReplyDelete
Previous Post Next Post