Singapore Platts ඩීසල් ලීටරය රු. 300යි... ලංකාවේ 720ක් වෙන මිල සූත‍්‍රය අබිරහසක්..


 සිංගප්පූරු වෙළඳපොල මිල අනුව ඩීසල් ලීටරයක පිරිවැය රුපියල් 300ක් පමණ වන පසුබිමක, ලංකාව තුළ එය රුපියල් 720කට අලෙවි කරන්නේ කෙසේදැයි හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා රජයෙන් ප්‍රශ්න කර සිටියි.

මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ, සිංගප්පූරු ප්ලට්ස් (Singapore Platts) දර්ශකයට අනුව ඩීසල් බැරලයක මිල රුපියල්වලින් ගණනය කළ විට ලීටරයක මිල රුපියල් 300ක් පමණ වන බවයි.

ඩීසල් මිල රුපියල් 720ක් පමණ වන බවට ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය පිළිබඳව ස්තූතිවන්ත වන බව පැවසූ රණවක මහතා, රුපියල් 300ක මිල 720ක් දක්වා ඉහළ යන්නේ කුමන පදනමකින්ද යන්න පිළිබඳව ජනාධිපතිවරයා රටට පැහැදිලි කළ යුතු බව අවධාරණය කළේය.

පසුගිය පාලන සමයන්හිදී ඉන්ධන මිල තීරණය වන මිල සූත්‍රය ප්‍රසිද්ධියට පත් කළද, වත්මන් රජය එම කරුණු යටපත් කරමින් මහජනතාවට වැරදි ප්‍රකාශ නිකුත් කරන බවට ඔහු චෝදනා කළේය.

"අද මේ ආණ්ඩුවේ ඔක්කොම යට ගහලා මහජනයාට විකෘති ප්‍රකාශ කරනවා," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

බලශක්ති අර්බුදය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා, නිසි කාලයට ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කරමින් ගල් අඟුරු ප්‍රසම්පාදනය නොකිරීමේ බරපතල තාක්ෂණික ප්‍රශ්න මතු වී ඇති බව පෙන්වා දුන්නේය.

මේ හේතුවෙන් ගල් අඟුරු නැව් දෙකක් ගොඩබා ගත නොහැකිව අතරමග නතර වී ඇති බවත්, පවතින වැසි සහිත කාලගුණයත් සමඟ එම කටයුතු තවත් අසීරු වී ඇති බවත් ඔහු අනාවරණය කළේය.

තම පාලන සමයේ ටෙන්ඩර් නොමැතිව ගල් අඟුරු ගෙනා බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ ඒ මහතා, තමාගේ නියෝග මත එවැනි ගනුදෙනු සිදුකළ අවස්ථා පෙන්වන ලෙස අභියෝග කළේය.

ඇතැම් පාර්ශවයන් බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීම වෙනුවට 2008 වසරේ සිදුවීම් ඇද ගනිමින් දේශපාලන මඩ ගැසීම්වල නිරත වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය

6 Comments

  1. මුං කරන්න හදන්නේ ජනතාව ගෙන් බොරු කියලා සල්ලි අරගෙන ඒ සල්ලි පෙන්නලා ජනතාව ආයෙත් වටය ක් රවටන්න " මෙන්න අපි මෙච්චර සල්ලි ඉතුරු කර "කියල. මුන්ගේ වැඩ අකුරක් අකුරක් ගානේ පච පට්ට බොරු ව මූන් කරන්නේ

    ReplyDelete
    Replies
    1. Rajaye aayathana kochchara salli hoyala 'records' thibbath Rupiyala 'baaldu' venavanam ewa kisivak vadak na. Aekavath munta therenne nathi gobbayo.

      Delete
    2. Singapore වේ ඩීසල් ලීටරය එකක් ලංකාවේ මුදලින් රු.1300 පමණ වන බව කාරුණික ගොන් බයියන් කියදෙන්න

      Delete
  2. ජේවීපී නැමැති කාලකණ්නි හොර කල්ලිය සහ අගුරු කුමාර දූශිතයා රට විනාස කරනව.

    ReplyDelete
  3. කිසිම අභිරහසක් නෑ............
    1980 ඉදන් හොරා කාපුවට වෙනම ගෙවනවා..........
    ණයට කාපුවාම වෙනම ගෙවනවා...........
    අසුවැසුම ,දේශපාලන පත්වීම වලට වැටුප් ගෙවනවා ඕක තමා අබිරහසක...........

    ගොඩක් උන් නිකන් අද ඉපදුනා වගේ කතාකරන්නේ.........

    ReplyDelete
  4. HORA KANAVA HORA KANAVA හොරා කනවා හොරා කනවා STEALING STEELING

    ReplyDelete
Previous Post Next Post