වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා සඳහන් කරන්නේ පවතින තත්ත්වය මත වාහනයක් ආනයනය කිරීමේ පිරිවැය 110% කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.
මූලාශ්‍ර වලට අනුව, මෑතකදී රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය රුපියල් 300 සිට 330 දක්වා පමණ ඉහළ යාම සහ නව බදු ගණනය කිරීම්වල වෙනස්කම් මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතු වී තිබේ.
මේ හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ වෙළඳපොළට එන වාහනවල මිල ගණන් පහත පරිදි ඉහළ යා හැකි බව ඔහු පෙන්වා දෙයි.
- Honda Vezel: මිල රුපියල් ලක්ෂ 12කින් පමණ ඉහළ යනු ඇත.
- Toyota Raize: රුපියල් ලක්ෂ 7ත් 10ත් අතර ප්‍රමාණයකින් මිල ඉහළ යාමට නියමිතය.
- Toyota Yaris: මිල රුපියල් ලක්ෂ 4ත් 5ත් අතර අගයකින් වැඩි වනු ඇත.
- Land Cruiser Jeep: බදු මුදල පමණක් ලක්ෂ 18කින් වැඩි වන අතර, මුළු මිල රුපියල් ලක්ෂ 30කින් පමණ ඉහළ යනු ඇතැයි ගණන් බලා තිබේ.
- Toyota Prado 250: රුපියල් ලක්ෂ 600ක්ව පැවති මිල රුපියල් ලක්ෂ 635 - 640 දක්වා ඉහළ යාමට නියමිතය.
මෙම තත්ත්වය හමුවේ අලුතින් වාහනයක් ආනයනය කිරීමට වඩා දැනට වෙළඳපොළේ පවතින වාහනයක් මිලදී ගැනීම පාරිභෝගිකයාට වාසිදායක වන බව මෙරෙන්චිගේ මහතා පවසයි.
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම, ගෝලීය යුදමය වාතාවරණය සහ විදේශ ප්‍රේෂණ ලැබීම සීමා වීම වැනි කරුණු ද මෙම ආර්ථික පීඩනයට බලපා ඇති බව පෙන්වා දෙන ඔහු, ඉදිරි සති දෙක තුන තුළ වාහන මිල තවදුරටත් ඉහළ යා හැකි බව අවධාරණය කළේය.
විශේෂයෙන්ම ජපානයෙන් ආනයනය කරන වාහන සඳහා ඩොලරය සහ යෙන් මුදල අතර පවතින අස්ථාවරත්වය හේතුවෙන් මීට පෙර පැවති වාසියද දැන් අහිමි වී ගොස් තිබේ

කාර් එකක් ලක්ශ 60ට ගන්න බෑ කියලා හොරෙක් එලෙව්වා 2015දී. දැන් ලක්ශ 150ට කාර් ගන්නවා.
ReplyDeleteSupiri kathawa.
Deleteඒකාලේ Aqua/fit අවේ 35 ට විතර,
Deleteඊට පස්සේ පෝනිල් අගමැති වෙලා CC එකට බද්දක් හඳුන්වලා දුන්නා. එදයින් පස්සෙ හොද car ගන්න හින ඉවරයි.
විට්ස් එකක් ලක්ෂ දොළහයි නේද
ReplyDeleteමේ ආණ්ඩුව makabawila ඵලයන්.
ReplyDeleteමේ ආණ්ඩුව makabawila ඵලයන්.
ReplyDelete