ඩෙංගු මඩිද්දී පාසල් ළමුන්ට බඹර ප්‍රහාරයක්.. 09ක් රෝහලට..


කොත්මලේ ගාමිණි දිසානායක ජාතික පාසලේ
(19) දින සිදු කල ඩෙංගු මර්ධන වැඩසටහනකදී පාසලේ ගසක බැද තිබූ බඹර කූඩුවක් ඇවිස්සී බඹරුන් පහර දීමෙන් පාසල් ළමුන් 07 දෙනෙකු සහ මව්වරුන් දෙදෙනෙකු කොත්මලේ ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කල බව කොත්මලේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඉන්දික ලලිත් මහතා පැවසීය.

පාසල් භූමිය තුල ශ්‍රමදාන කටයුත්තක් සංවිධානය කර තිබූ බවත්, එහිදි පාසලේ ගසක බැද තිබූ බඹර කුඩුවක් ඇවිස්සී ළමුන්ට සහ දෙමව්පියන්ට පහර දී ඇති බවත්, තුවාලකරුවන් 1990 සුවසැරිය මගින් රෝහල වෙත යොමු කල බවද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

කොත්මලේ පොලිසියේ නිළධාරින්, දෙමව්පියන්, පාසලේ ගුරුවරුන් එක්ව පාසල තුල ගිනිමළයක් දල්වා දුම් ගසා තත්වය පාලනය කල බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

රංජිත් රාජපක්ෂ  

Previous Post Next Post