රජයේ ඉඩම් ආඥාපනතේ 6(1) වගන්තියෙහි විධිවිධාන යටතේ දීමනා පත්‍රයක් මඟින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇති හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට මහ නගර සභා සීමාව තුළ පිහිටි කෑලියපුර ග්‍රාම නිලධාරි වසමේ හම්බන්තොට - ගොන්නෝරුව ප්‍රධාන මාර්ගයට මායිම්ව පිහිටා ඇති අක්කර 108 රූඩ් 03 පර්වස් 37.85ක ඉඩම් කොටස දැනට ප්‍රශස්ත භාවිතයකට යොදා ගෙන නොමැත.
එම ඉඩම් කොටස නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබ ඇති විසල් හම්බන්තොට සංවර්ධන සැලැස්මේ මධ්‍ය වාණිජ කලාපය තුළ පිහිටා තිබේ.
නාගරික සංවර්ධන අධිකාරිය සතු දැනට භාවිත කර නොමැති ඉඩම් වඩා සුදුසු සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරිමට පත් කරනු ලැබ ඇති විශේෂ කමිටුව විසින් එකී ඉඩම් කොටසේ කර්මාන්ත, බහාලුම් හා ඒ ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බවට නිර්දේශ කරනු ලැබ ඇත.
ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු ආයෝජකයින් වෙත අවුරුදු 50 ක බදු පදනම මත එම ඉඩම් කොටස බැහැර කිරීම සඳහා ජාත්‍යන්තර තරගකාරි ලංසු කැඳවීමේ ක්‍රම වේදය අනුගමනය කරමින් ආයෝජන යෝජනා කැඳවීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මහින්ද හිටියා නම් මෙතන හදන්නේ ලෝන්ච් පෑඩ් එකක්, අභ්‍යවකාෂෙට රොකට් යවන්ඩ, හම්බන්තොට නේ. චීනෙන් ගිණි පොළියට හැරෙන තැපෑලෙන් ලෝන් එකක් දා ගත්තා, හැදුවා සට සට ගාලා. ඊට පස්සේ යවන්ඩ රොකට් නැති නිසා හෙලිකොප්ටර් එනකම් බලන් ඉන්නවා සුද්දෙක් දෙන්නෙක් දාගෙන. ඒත් නැත්නම් සී ප්ලේන් එකක් එනකම් බලන් ඉන්නවා නිළියෙක් දෙන්නෙක් දාගෙන, රොකට් වෙනුවට අරින්ඩ.
ReplyDeleteඅනේ පලයන් do යන්න ආණ්ඩුව රට දුවන්න සල්ලි හොයාගන්න බැරුව රටේ සම්පත් ලැජ්ජ නැතිව විකුණන ව ඒක පිළිගනින් මේ ගැන එදා අනුර කුමාර හුන් දු ජනපති කිව්ව වීඩියෝ ඇති ඕනා තරම් "රටේ සම්පත් වටිනා ඉඩම් කොම්පැණි වලට විකුණලා මුදල් ගෙන්න කා ට බැරි ද කියල. මූ මේ සත්‍ය වහන්න මෙතන බොරු රොකට් කතා කියනවා නිකං පල do
Deleteකෝ අර පඬුකරඳ ගෑනි? දාපිය ඉස්සරහට
ReplyDeleteඅර හාල් කීයද, බත් කෑවද, කියල ගමේ බයියන්ගෙ ගොං සිංහලෙන් අහපු ඉඩං කොම්පැනිවලට දෙනව කියල මැරෙන්ඩ හදපු මහියංගනේ ගංකබරයාත් ඔය කැබිනට්නේ එකේ නේද ඉන්නෙ?
ReplyDelete