යුද සමයේදී කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවල ක්‍රියාත්මක වූ එල්.ටී.ටී.ඊ. කඳවුරු සහ ඒ අවට තිබී ශ්‍රී ලංකා යුද හමුදාව භාරයට ගත් ස්වර්ණාභරණ කිලෝග්‍රෑම් 150කට ආසන්න ප්‍රමාණයක් යළි භාර දීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගෙන් යුද හමුදාව කිසිදු අවස්ථාවක රන් ආභරණ ලබාගෙන නොමැති බව අවධාරණය කළ අමාත්‍යවරයා, මෙම ස්වර්ණාභරණ තොගය හමුවූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ගබඩා කර තිබියදී බව ප්‍රකාශ කළේය.
මෙම රන් ආභරණ නිදහස් කිරීමේ කටයුත්ත අතිශය සංකීර්ණ ක්‍රියාවලියක් බවත්, එය අධිකරණය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ ශ්‍රී ලංකා මහා බැංකුව යන ආයතනවල ඒකාබද්ධ සහභාගීත්වයෙන් සිදු කරන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
අදාළ ස්වර්ණාභරණ භාර දීමේ සමස්ත ක්‍රියාවලිය ඉදිරි මාස තුනක කාලය ඇතුළත සම්පූර්ණයෙන්ම නිම කිරීමට රජය බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය

banku master
ReplyDeleteබංකුවා කොටින්ට රත්තරන් බෙදන්න යන්නේ.
Deleteදැන් අර මාලිමාවට ඡන්දෙ දුන්න සොල්දාදුවන්ට මොනව හිතෙනව ඇද්ද.
පව් හැබැයි. උන්ට පුන්නක්කු ටිකක් වත් දෙන්න තිබුනේ.
අද කැරට් 22 රත්තරන් පවුමක් 350000යි.
Deleteපවුමක් කියන්නේ ග්‍රෑම් 8යි.
කිලෝවකට පවුම් 125යි. එතකොට මෙතන රත්තරං පවුම් 18750ක් තියෙනවා.
ඒවගේ වටිනාකම රුපියල් 6562500000යි.
ඒ කියන්නේ ලක්ශ 65625ක්, කෝටි 656ක්.
කොටි සිංහල ගම් වලට පැනලා ගම් පිටින් කපලා සිංහල උන්ගෙන් පැහැරගෙන ගියපු රත්තරං ආපහු කොටින්ට බෙදනවා. කොහොමද ඒක. ඡන්දෙ දුන්න 68 ලක්ශෙට දැන් සතුටුද.. ඔන්න උඹලා අරගල කරලා කොටින්ට රත්තරං බෙදනවා.
ජෙප්පොයි, යූ.එන්පී කාරයොයි ඒ කාලේ කිව්වා කොටින්ගේ රත්තරං රාජපක්ශලා හෙලිකොප්ටරෙන් ගෙනල්ලා ගෙදර ගබඩා කරා කිව්වා. ඒ රත්තරං වලින් රත්තරං අස්පයෙක් හැදුවා කිව්වා. ඉතුරු ඒවගෙන් පවුම් 90ක මාලයක් හදලා බල්ලගේ බෙල්ලෙ බැන්ද කිව්වා. දැන් කියනවා කිලෝ 150ක් රත්තරං තියෙනවලු. ඒවා කොටි රණවිරුවන්ට බෙදනවලු. උඹලට නෙමේ හෙන ගහන්න ඕන. උඹලට ඡන්දෙ දුන්න උන්ට.
Deleteඇති යන්තම් මීට වඩා තිබුන කියල කිව්ව නැති එක.
ReplyDeleteWIMAL GOTA PILLIYAN KARUNA. THEY MIGHT STOLEN THE GOLD
ReplyDeleteඔය රත්තරන් කොටි සින්හල මිනිස්සුන්ගෙන් පැහැර ගත්ත ඒවා. එතකොට එවා දෙන්න ඔනෙ කොටින්ටද?
ReplyDeleteජේවීපී පරයෝ කියුවේ රජපස්සල හොරකම් කල කියලනේ...එක පාරටම රත්රන් ටික ආරක්ෂක අමත්‍යංශය අදික්ෂනය් යටතේ බැංකුවල තිබිල දැන් ජෙවිප් හතිකරේට චන්දය ගහපු උතුරේ කොටි පවුල්වලට බෙදන්න යනවා සන්තෝෂම් හැටියට...
ReplyDeleteකොහොමද යකෝ යලි බෙදන්නේ? නම් ගම් ගහල තිබ්බද?
ReplyDeleteමේවට නඩු දාන්න එකෙක් නැද්ද?
එහෙම නම ගහල තියෙන්න ඕන නැහැනේ.
Deleteදැන් මේ රට පල්ලියෙන් පාලනය කරන්නේ.
කොටි මහවිරු පවුල් වල නම් පල්ලියෙන් අරගෙන, එයාලට තමයි බෙදල දෙන්නෙ.
ඇයි උඹට පාන්ද?
යකෝ සුරේස් සලේ වගේ ජෙනරාල්ලාට බල්ලොන්ට වගේ සලකන්න පුලුවන් බලයක් ආන්ඩුවට තියෙනවා. 159ක් මන්ත්‍රීලා ඉන්නවා. විධායක ජනාදිපති කෙනෙක් ඉන්නවා. ත්‍රස්ථවාදීන්ට බලය දීලා, වෙන මොනවද මෙවුන් බලාපොරොත්තු වෙන්නේ. කොටින්ට තමයි බෙදන්නේ.
Deleteඒක පුදුම වැඩක් නේ. සිල් රෙදි බෙදුවම හිරේ,
ReplyDeleteහැබැයි මුන්ට රත්තරන් බෙදන්න පුලුවන්. පුදුම නීතිනේ තියෙන්නේ.
පාහර වැඩ නොකර ඔය රත්තරං රජයට අරගෙන උතුරේ මිනිස්සුන්ට ඉස්පිරිතාලයක් හදලා දීපල්ලා. කොටි පිනවන්න ඔච්චර මහන්සි වෙන්න එපා.
කොටින්ගෙන් අහුවෙච්ච රත්තරන් වුනාට ඕවා කාටද අයිති කියලා මෙයාලා හොයා ගත්තේ කොහොමද? පුදුමාකාර වැඩ තියෙන්නේ මේ පාහර ආන්ඩුවේ.
ReplyDeleteරත්තරන් කිලෝ 150 කියන්නෙ පවුම් 18500 රපියල් කෝටි 750 විතර වටිනවා. හරක් පොන්සේකාගෙන් ඇහුවත් ඕක හරියටම හරි කියනවා. එහෙම කියන්නෙ දැන් ඔහු ආණ්ඩුවට කඩේ යන නිසා. හැබැයි ඉස්සර කිව්වෙ රත්තරන් කිලෝ 2000 ට්‍රක්, ලෝඩ් දෙකක් ආණ්ඩුවට බාර දුන්නා. ඒවාට රාජපක්ෂලා වැඩේ දුන්නා කියල.
ReplyDelete