16ට අඩු දරුවන්ට සමාජ ජාලා සීමා කරන්න පාර්ලිමේන්තුවට කෙටුම් පතක්..


 ශ්‍රී ලංකාව තුළ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය පරිශීලනය කිරීම සීමා කිරීම අරමුණු කරගත් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා විසින් ඉදිරිපත් කරන ලද "සමාජ මාධ්‍ය අවම වයස් සීමාව පිළිබඳ පනත් කෙටුම්පත" මඟින්, දරුවන් අන්තර්ජාලය ඔස්සේ හානිකර අන්තර්ගතයන්ට සහ ක්‍රියාකාරකම්වලට නිරාවරණය වීම වැළැක්වීම මෙන්ම සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල සේවා සපයන්නන් සඳහා නියාමනයන් හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ.

යෝජිත කෙටුම්පතට අනුව, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සමාජ මාධ්‍ය සේවා සපයන්නන් විසින් වයස අවුරුදු 16ට අඩු දරුවන්ට එම මාධ්‍ය වෙත ප්‍රවේශ වීම වැළැක්වීමට සහ වයස් සීමාවන්ට යටත් වන පරිශීලකයන් වෙනුවෙන් දැඩි සීමාවන් පැනවීමට පියවර ගත යුතු වේ.

එසේම, ඇතැම් අන්තර්ජාල සේවාවන් භාවිත කිරීමට දරුවන්ට ගත හැකි කාලය මෙන්ම ඔවුන්ට ප්‍රවේශ විය හැකි දවසේ වේලාවන් සීමා කිරීමට ද මෙම පනත මඟින් ප්‍රතිපාදන සැලසේ.

මෙම සීමාවන් බලාත්මක කිරීම සඳහා අන්තර්ජාල සේවා සපයන්නන්ට සහ සමාජ මාධ්‍ය ජාලවලට නියෝග නිකුත් කිරීමට අදාළ විෂයභාර අමාත්‍යවරයාට බලය පැවරේ.

මීට අමතරව, පනත ක්‍රියාත්මක කිරීම, පැමිණිලි භාරගැනීම, විමර්ශන පැවැත්වීම සහ පනතේ ප්‍රතිපාදන බලාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා ජාතික ළමා රක්ෂක අධිකාරිය යටතේ බලයලත් කොමසාරිස්වරයෙකු පත් කිරීමට ද මෙහි ප්‍රතිපාදන සලසා ඇත.

6 Comments

  1. ආණ්ඩුව ඕක අනිවාර්යෙන් විසි කරල දානව.
    ඇයි යකෝ එතකොට කොහොමද පොඩි උන්ට වැල බෙදාහරින්නේ.
    ආන්ඩුවේ උඩම තැන් වලින් සිලබස් එකට වැල දාපු එකේ ඕව නම් ජීවිතේට නවත්තන්නෙ නැහැ.

    ReplyDelete
  2. අපි ඒත් බැලුවා ආන්ඩුවට එකපාරම මෙහෙම සද්ගුණවත් අදහස් මතු වුනේ කොහොමද කියලා.
    බැලින්නම් විපක්ශෙ එකෙක් ඉදිරිපත් කරපු යෝජනාවක්.

    ReplyDelete
  3. මාලිමාවෙ සෙට් එක ලඟදිම රටටම සමාජ ජාලා කපාවි, බිකෝස්, උන්ට කෙල වේගෙන එන්නේ. ගුටි කන මට්ටමට සෙට් වෙලා තියෙන්නෙ දැනටමත්. හැබැයි ගම් පිටින් එකතුවෙලා ගහන මට්ටමට එනකොට අනිවාර්යෙන්ම තහනම් කරන්න වෙනවා. නැත්තන් සඳ බොඳ වෙන්න කන්න වෙන්නෙ. දැනටමත් අනුරාධපුර, පොලොන්නරුව, අම්පාර පැතිවල මන්ත්‍රීලා ගෙදර යන්න බැරුව ඉන්නේ. පොලොන්නරුවේ රාජ්‍ය නායකයාගෙ ඔ‍ටුන්න පලඳන්න බලන් ඉන්නෙ ගොවියො ටික.

    ReplyDelete
  4. boruwenma jeevath wena jepponge account thahanam karapiyau.. kari jeppo

    ReplyDelete
  5. එහෙම බෑ. ළමයින්ට වැල බලන්න දෙන්න ඕනේ. ඒකනේ පාසැල් පොතටම දාලා දුන්නේ. 😂😂

    ReplyDelete
  6. කූඨ බටහිර නියෝජිතයන්ගේ ක්‍රියාකාරකම් පිලිබඳව අවබෝධය, සහ සිදුකරනා කූඨ කෘෘර ක්‍රියාන්විතයන් පිලිබඳව සමස්ථ පුරවැසියන්ගේ දැඩි අවධානය,.!June 24, 2026 at 3:41 PM

    ''බිල් ගේට්'' විසින් දැවැන්ත අරමුදල් සපයා පවත්වාගෙන යන ''බයෝ ලැබ්'' මාරාන්තික මදුරැවන් බෝ කරනා අප්‍රිකානු සහ ඇතැම් ලතින් ඇමෙරිකානු රටවල ස්ථාපිත කර පවත්වාගෙන යනු ලබනා ජනඝාථක මදුරැ ෆාම්වල නව මදුරැ ප්‍රභේද රට තුලට ශූකෂමව රැගෙනවිත් මුදා හරිනා බවත්,. සියල්ල සූකෂම ලෙසට සංචාරක වේසයෙන් පැමිනෙනා බටහිර ඵ්ජන්තයන් විසින් සිදුකරනා බවත්, අති විශාල සංචාරක නිවාසහිමියන්, සංචාරක මගපෙන්වන්නන් සැකකටයුතු ක්‍රියාකාරකම් පිලිබඳව විශාල වශයෙන් වාර්තා කර සිටිනා අතර,.රෝග කාරක මදුරැවන් රටට පැමිනෙන ගුවන්යානා මගින්ද මුදාහරිනා බවට තොරතුරැ වාරථා පවතින අතර, මදුරැ ෆාම් තුල වැඩිදියුනු කරනා රෝගකාරක මදුරැවන්, බටහිරයන්ගේනවතම ජෙෙව අවිය බවට පත්වී ඇති බැවින්,.
    අප්‍රිකාව තුල ජෙෙව අවි ෆාම් තුල මාරාන්තිකලෙසට වැඩිදියුනුකර වරධනය කරනා, මදුරැ කීටයන් රටතුලට සූකෂමලෙසට රැගෙනවිත් රට තුලට මුදාහරිනා
    කූඨ බටහිර නියෝජිතයන්ගේ ක්‍රියාකාරකම් පිලිබඳව අවබෝධය, සහ සිදුකරනා කූඨ කෘෘර ක්‍රියාන්විතයන් පිලිබඳව සමස්ථ පුරවැසියන්ගේ දැඩි අවධානය,.!

    ReplyDelete
Previous Post Next Post