2026 වසරේ පළමු කාර්තුව තුළදී ශ්‍රී ලංකා රජය ඇමෙරිකානු ඩොලර් මිලියන 195ක විදේශ ණය ප්‍රමාණයක් ගෙවා දමා ඇති බව නිල දත්ත පෙන්වා දෙයි.
මෙම පියවීමත් සමඟ 2026 පළමු කාර්තුව අවසානයේදී රටේ සමස්ත බාහිර (විදේශ) ණය බර ඇමෙරිකානු ඩොලර් මිලියන 37,468ක් දක්වා පහත වැටී ඇත.
රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය (PDMO) විසින් නිකුත් කරන ලද 2026 මාර්තු ණය සංඛ්‍යාලේඛන වාර්තාවට අනුව, රටේ සමස්ත දළ රාජ්‍ය ණය ප්‍රමාණය අතුරින් මධ්‍යම රජයට අයත් ණය සංරචකය ඇමෙරිකානු ඩොලර් මිලියන 98,965ක් ලෙස සටහන්ව තිබේ.
එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ විදේශ ණය ව්‍යූහය තුළ තවදුරටත් බහුපාර්ශ්වික ණය ප්රමුඛස්ථානයක් ගන්නා අතර, එය සමස්ත විදේශ ණයවලින් සියයට 38කි. ඊට අමතරව වාණිජ ණය සියයට 34ක් සහ ද්විපාර්ශ්වික ණය සියයට 28ක් ලෙස පවතියි.
වාණිජ ණයවලින් ආසන්න වශයෙන් සියයට 81ක්ම සමන්විත වන්නේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) නිකුතුවලින් වන අතර, ඉතිරිය විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම් වේ.
ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ ලෝක බැංකුව ප්‍රධාන බහුපාර්ශ්වික ණය හිමියන් වන අතර, ඔවුන් සමස්ත බහුපාර්ශ්වික ණය තොගයෙන් සියයට 82කට වඩා වැඩි ප්‍රමාණයකට හිමිකම් කියයි.
ද්විපාර්ශ්වික ණය අංශයෙන් සියයට 59ක්ම පැරිස් සමාජයට අයත් නොවන රටවල් සතු වන අතර, එහි ප්‍රධානියා ලෙස චීනය පසුවෙයි. පැරිස් සමාජයට අයත් රටවල් සතු ණය ප්‍රතිශතය සියයට 41කි.

අවුරුදු 76 ක් ඇහුවෙ ණය ගන්න ආණ්ඩු ගැන. කොහොමද උන් අරං තියන ණය කන්ද? මෙහෙම හරි මේ රට කරගෙන යන එක ගැන සතුටු වෙන්න ඕන.
ReplyDelete
DeletePrasne naya argena ROI nathi proect wala invest karan eka., Naya gaththe nathuwa Mahaweliya haduwahakida
the cost is recovered only from electricity generation
Salli nasthikaraganna eka neme, galaguruwage
නය නැතිව ආණ්ඩුකරණ රටවල් තිබේද? ඇමෙරිකා එක්සත් ජනපදයේ ණය ප්‍රමාණය කොපමණද?
Delete