රුපියල සිව් වසරක අවම මට්ටමකට වැටෙමින්, පීඩනයකට ලක්වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය මැයි මාසය තුළ පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 211.3ක ශුද්ධ විදේශ විනිමය ප්‍රමාණයක් දේශීය වෙළෙඳපොළට විකුණා ඇති බව නිල දත්ත පෙන්වා දෙයි.
විදේශ විනිමය සංචිත ගොඩනැගීම සඳහා සාමාන්‍යයෙන් ඩොලර් මිලදී ගන්නා මහ බැංකුව, මෙවර එම පිළිවෙතින් බැහැර වෙමින් මැයි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 12ක් පමණක් මිලදී ගෙන, ඩොලර් මිලියන 223.3ක් විකිණීමට පියවර ගෙන තිබේ.
කෙසේ වුවද, පසුගිය වසරේදී මහ බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක ශුද්ධ මිලදී ගැනීමක් සිදුකර ඇති අතර, මේ වසරේ මුල් මාස පහ තුළ ද සමස්තයක් ලෙස ඩොලර් මිලියන 485.9ක ශුද්ධ මිලදී ගැනීම් සිදුකර ඇත.
නව වාහන ආනයනය සඳහා පවතින අඛණ්ඩ ඩොලර් ඉල්ලුම සහ ඉන්ධන ආනයන වියදම් අසාමාන්‍ය ලෙස ඉහළ යාම හේතුවෙන් පසුගිය මාසයේදී රුපියල මත දැඩි අවප්රීඩනයක් එල්ල විය. නිල දත්තවලට අනුව මැයි මාසය තුළ පමණක් රුපියලේ අගය සියයට 4කට වඩා වැඩි ප්‍රමාණයකින් අවප්‍රමාණය වී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ ඉලක්ක සපුරාලීම සඳහා සංචිත ගොඩනැගීමේ අරමුණින් දිගින් දිගටම ඩොලර් මිලදී ගත් මහ බැංකුව, මාස 22කට පසු ප්‍රථම වතාවට ඩොලර් අලෙවිකරුවෙකු බවට පත්වූයේ ඉකුත් අප්‍රේල් මාසයේදීය.
අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 13ක් ශුද්ධ පදනම මත අලෙවි කර තිබූ අතර, ඊට පෙර මහ බැංකුව මෙලෙස ශුද්ධ පදනමින් ඩොලර් අලෙවි කර තිබුණේ 2024 ජූනි මාසයේදීය. ඒ අනුව මැයි මාසය සනිටුහන් වන්නේ මහ බැංකුව අඛණ්ඩව ඩොලර් අලෙවි කළ දෙවැනි මාසය ලෙසයි.

ආණ්ඩුව ඉතාම දක්ශ ලෙස ආර්ථිකය වසුරුවමින් ඉන්නවා. කාලකණ්නි රාජපක්ස කල්ලිය රටේ නැති ප්‍රශ්න මවනවා. අපි මේ ආණ්ඩුව රකිමු.
ReplyDeletewhat lunatic is this? Undoubtedly a one paid by Pelawatta diaspora branch.
Deleteඅනේ ඩෝබි....මොකක්ද බං මේ ආන්ඩුව දක්ෂ ලෙස හසුරුවමින් ඉන්නෙ? රටේ ආර්ථිකය නම් නෙවෙයි. උනගෙ ආර්ථිකය ඩෝබි
Delete2022 ගෝට කලෙත් රැපියල බෙරගන්න, ඩොලර් විකුණපු එක. සති දෙකකට කලින් 500 යි දැන් 211 යි. ටික දවසකින් ගෝට හමුවෙයි.
ReplyDelete2022 ගෝට කලෙත් රැපියල බෙරගන්න, ඩොලර් විකුණපු එක. සති දෙකකට කලින් 500 යි දැන් 211 යි. ටික දවසකින් ගෝට හමුවෙයි.
ReplyDeleteNaaya yana kandakata podi mukkuwak gahuwata wedak thiyanawada?
ReplyDelete