ලෝක වෙළඳපොළේ තෙල් මිල පහත වැටී ඇති පසුබිමක, කිසිදු බදු අය කිරීමකින් තොරව පෙට්‍රල් ලීටරයක් රුපියල් 220කට සහ ඩීසල් ලීටරයක් රුපියල් 235කට කොළඹ වරායෙන් බාගත හැකි බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මාධ්‍ය අමතමින් ඒ මහතා රජයට අභියෝග කළේ එසේ ලබාදිය නොහැකි නම් රුපියල් 400 ඉක්මවූ මිල ගණන්වලට තවදුරටත් ඉන්ධන අලෙවි කරන සූත්‍රය රටට හෙළි කරන ලෙසයි.
පසුගිය අප්‍රේල් 08 වැනිදායින් පසු ලෝක වෙළඳපොළේ තෙල් මිලෙහි විශාල වැඩිවීමක් සිදුව නොමැති බව පෙන්වා දුන් රණවක මහතා, යුද්ධය ආරම්භ වූ අවස්ථාවේදී පැරණි තොග සඳහා ද වහාම මිල වැඩි කළ රජය, දැන් මිල අඩු කිරීමට මැළිකමක් දක්වන බවට චෝදනා කළේය.
"ට්‍රැෆිගුරා (Trafigura) ආයතනයට ඩීසල් ලීටරයකට රුපියල් 98ක් වැඩියෙන් ගෙවා තිබෙනවා. තවත් ආයතනයකට රුපියල් 120ක් වැඩියෙන් ගෙවා තිබෙනවා. මේවා මහා පරිමාණ වංචා. මේවා වසා ගැනීමට රජය දැන් ජනතාව පලිගනිමින් සිටිනවා" යැයි ඔහු සඳහන් කළේය.
රජයේ අසාර්ථකත්වය විවේචනය කරන පිරිස් මර්දනය කිරීමට සහ හිරගෙවල්වල දැමීමට රජය උත්සාහ කළ ද, තමන් ඊට බිය නොවන බව හිටපු අමාත්‍යවරයා අවධාරණය කළේය. ජාතික ජන බලවේගය ඉලක්ක කරගනිමින් අදහස් දැක්වූ ඔහු, ජනතාව මීට වසර 50කට පෙර ප්‍රතික්ෂේප කළ ‘හාල් පොත’ හෝ ‘සලාක ක්‍රමය’ වැනි පැරණි ක්‍රමවේද හරහා රටේ ප්‍රශ්න විසඳිය නොහැකි බව ද කියා සිටියේය.
රජය එක් නීතියක් තමන්ටත්, තවත් නීතියක් විරුද්ධ පක්ෂයටත් ක්‍රියාත්මක කරමින් සිටින බවත්, පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව තවදුරටත් මුළා නොකර සහන ලබාදීමට කටයුතු කළ යුතු බවත් චම්පික රණවක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආන්ඩුව කොහොමත් දැන් තෙල් මිල අඩුකරනවා.. තෙල් මිල අඩු වුනා කියල මිනිස්සුත් දන්නවා
ReplyDeleteචම්පුකත් දැන් නිකන් කයිවාරුකරයෙක් වෙලා
ලෝකේ හැම රටකම ගණන් අඩු කරලා
Deleteගලගුරු වංචාවේ පාඩුව, මහා බැංකු බඩුව කවර කරනකන් මුන් අඩුකරන්නේ නැහැ
ගල් අගුරු මිලියන 150-200 $ වගේ ගේන්නේ අවුරුද්දටම
DeletePetroleum මිලියන 2000-3000$ වගේ ගෙන්නාවා
THWAMA kanchana komis gannawa wage??????????
ReplyDeleteYES . we still have to pay debt of petroleum corporation
Deletewhy, due to purchase DIESEL for world record price?
Deleteචම්පික හරි. ජෙප්පො මිනිස්සුන්ව අන්තිම සතේට හූරනවා
ReplyDelete