සයිබර් අපරාධකරුවන්ගේ ප්‍රහාරයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට අහිමි වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල පියවීම සඳහා මුදල් අමාත්‍යාංශය මේ වන විට අදාළ ඕස්ට්‍රේලියානු බලධාරීන් සමඟ එක්ව කටයුතු කරමින් සිටින බව ඩේලි මිරර් පවසයි.
දෙපාර්ශවය එකඟ වූ ආපසු ගෙවීමේ කාලසටහනකට අනුව එම හිඟ මුදල පියවීමට පියවර ගනිමින් සිටින බව එම වාර්තාවේ සදහන්ය.
අලුතින් ස්ථාපිත කරන ලද රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයට එල්ල වූ මෙම සයිබර් සොරකම සිදුව ඇත්තේ, ඕස්ට්‍රේලියාවට ගෙවීමට නියමිතව තිබූ ස්වෛරී ණය ආපසු ගෙවීමක්, ක්රමානුකූල ඩිජිටල් ජාල බිඳවැටීමක් හරහා වෙනත් ගිණුමකට හරවා යැවීමෙනි.
ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ මෙම ණය මුදල මඟ හැරී යාමේ ප්‍රතිඵලයක් ලෙස, නව විදේශ ගෙවීම් හිඟයන් වළක්වා ගැනීමේ අඛණ්ඩ කාර්යසාධන නිර්ණායකය උල්ලංඝනය වී ඇති බැවින්, මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනට සෘජු බලපෑමක් ඇති කර ඇති බව මූල්‍ය අරමුදල පෙන්වා දී තිබේ.
එහි ප්‍රතිඵලයක් ලෙස, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අදාළ පස්වන සහ හයවන සමාලෝචන යටතේ අරමුදල් ලබා ගැනීම තහවුරු කර ගැනීම සඳහා, අදාළ කොන්දේසි කඩවීම සම්බන්ධයෙන් සහනයක් බා දෙන ලෙස ශ්‍රී ලංකා බලධාරීන් ඉල්ලා ඇත. අදාළ මඟ හැරුණු ගෙවීම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.002 ක් පමණක් වන බැවින් මෙම උල්ලංඝනය කිරීම සුළු එකක් බවත්, මේ වන විටත් ඒ සඳහා නිවැරදි කිරීමේ පියවර ගෙන ඇති බවත් බලධාරීන් එහිදී පෙන්වා දී තිබේ.
මේ අතර, අදාළ මුදල පියවීම සඳහා මුදල් අමාත්‍යාංශය නව විධිවිධාන යොදමින් සිටින බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගයක් සඳහන් කළේය. "ඉදිරි මාස කිහිපය තුළ මෙම ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳෙනු ඇත. ශ්‍රී ලංකාවේ අනෙකුත් සැලසුම් කළ ණය ආපසු ගෙවීම් සුපුරුදු පරිදි බාධාවකින් තොරව සිදුවෙමින් පවතී," යනුවෙන් එම ආරංචි මාර්ගය වැඩිදුරටත් පැවසීය.
මෙම සයිබර් සොරකම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් මේ වන විට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ ද සහාය ඇතිව පුළුල් පරීක්ෂණයක් පවත්වමින් සිටී.
ව්‍යාජ ලෙස බැංකු ගිණුම් විස්තර වෙනස් කරමින්, ඉන්දියාවට ගෙවීමට නියමිතව තිබූ තවත් මුදලක් වෙනත් ගිණුමකට හරවා යැවීමට අපරාධකරුවන් උත්සාහ කිරීමත් සමඟ ඇති වූ සැකය මත මෙම දැවැන්ත සයිබර් සොරකමේ සම්පූර්ණ ස්වභාවය අනාවරණය කර ගැනීමට හැකි වූ බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

❤️ dunnu vote eka gana hamadama adambarai 😝😝😝😝😝
ReplyDeleteකියලා වැඩක් නැහැ. ලංකාවේ බත් කන අම්බරුවන් ලක්ෂ 68ක් සිටිනා බව ඔප්පු කර පෙන්වූ ආණ්ඩුවට අපගේ ප්‍රණාමය.
DeleteA brainwashed useless fellow. A disgrace to human intelligence.
DeleteApe dobi malli , akke , nagi , brother , mame , punchiamme, pls me news eka poddak wash karala denna pls pls
ReplyDeleteApe dobi malli , akke , nagi , brother , mame , punchiamme, pls me news eka poddak wash karala denna pls pls
ReplyDeleteNPP 🥰🥰🥰🥰🥰
ReplyDelete50% nathuwa ohomanam???
ReplyDelete