‘අපි නෙමෙයි මහ බැංකුව.. අපි නෙමෙයි භාණ්ඩාගාරය..’ - ඩොලර් මිලියන 2.5ට මහ බැංකුව, භාණ්ඩාගාරය බෝල පාස් කරති...


ඔස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් ලක්ෂ 25 ක ණය වාරිකයක් වංචනික පිරිසකගේ ගිණුමකට බැරවීමේ සිද්ධියේ වගකීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය එකිනෙකාට චෝදනා කරගනිමින් සිටින බව වාර්තා වේ.

මේ හේතුවෙන් ආයතන ද්විත්වය අතර මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයක් පැන නැඟී ඇත. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් සකස් කරන ලද වාර්තාව මඟින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත සෘජුවම චෝදනා එල්ල කර ඇති අතර , මහ බැංකුව එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර සිටියි.

හිතාමතා සිදුකළ හැකර් ප්‍රහාරයක්  ලෙස සැකකෙරෙන මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් සකස් කරන ලද වාර්තාව පසුගියදා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව වෙත භාර දෙනු ලැබීය.

එම වාර්තාව පසුගිය 08 වැනිදා මුදල් කාරක සභාවේ විමර්ශනයට ලක්වූ අතර , ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මහ භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන් ද කැඳවා තිබිණි.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින්, සිද්ධිය සම්බන්ධයෙන් සතියක් ඇතුළත විශේෂ වාර්තාවක් භාර දෙන ලෙස මුදල් කාරක සභාව විසින් මහ බැංකු අධිපතිවරයාට නියෝග කර ඇත.

මහ බැංකුව විසින් සකස් කරනු ලබන මෙම වාර්තාව (15) සඳුදා දින රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට භාර දීමට නියමිතය.

ඉන් අනතුරුව, මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ වාර්තා ද්විත්වයම ගැඹුරින් අධ්‍යයනය කර මුදල් කාරක සභාව විසින් සිද්ධිය පිළිබඳ අවසන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇත. 

මෙවැනි මූල්‍ය වංචාවන් සහ අක්‍රමිකතා ඉදිරියේදී සිදුවීම වැළැක්වීම සඳහා වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයට සහ ශ්‍රී ලංකා මහ බැංකුවට මේ වන විටත් දැඩි ලෙස නියෝග කර තිබේ

7 Comments

  1. Obathumanla ek ekkenata bole pass karanakota thuwala wenne mahajanathawage bola bawa hangeemak nedda?

    ReplyDelete
  2. Api appudi gahamu gee gayamu natamu.

    ReplyDelete
  3. ඔය ආයතන දෙකම වෙන රටකට අයත් ඒවා වෙන්න බැරිද?

    ReplyDelete
  4. ඔය ආයතන දෙකම වෙන රටකට අයත් ඒවා වෙන්න බැරිද?

    ReplyDelete
  5. Eka ne swadeena karala theyenne. Eke swadeena rajiyak. Mudal lankikayange unata lankawata aithi nethi ayathanayak wage thamai penenna thiyaenne.

    ReplyDelete
  6. Welawaka mun degollangema ata set eka marau karanawa mama

    ReplyDelete
  7. පොඩ්ඩක් ස_ම උස්සලා බලන්න, හැකරා ඇතුලෙම ඇති

    ReplyDelete
Previous Post Next Post