බොරතෙල් බැරලයක් ඩොලර් 329ට අරන්..


රජයේ වැරදි තීන්දු තීරණ සහ දුර්වල කළමනාකාරීත්වය හේතුවෙන් ඇති වී තිබෙන අර්බුදවල සමස්ත බර ජනතාව මත පැටවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා චෝදනා කරයි.

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යම් ප්‍රමාණයකින් පහළ ගොස් තිබුණද, එහි වාසිය මෙරට ජනතාවට ලබා දීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ඒ වෙනුවට රජය ඉතා අධික මිල ගණන් යටතේ බොරතෙල් සහ ඉන්ධන මිලදී ගෙන ඇති බවත්, එක් අවස්ථාවකදී බොරතෙල් බැරලයක් ඩොලර් 329ක තරම් අධික මුදලකට මිලදී ගෙන ඇති බවත් ඔහු අනාවරණය කළේය. මෙතරම් විශාල මුදලකට ඉන්ධන මිලදී ගැනීමට හේතුව කුමක්දැයි ඔහු මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, බාල ගල්අඟුරු මෙරටට ගෙන්වීම හේතුවෙන් විදුලිය උත්පාදනය සඳහා විශාල වශයෙන් ඩීසල් දහනය කිරීමට සිදුව ඇති බව ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන් ජනතාවගේ පරිභෝජනය සඳහා ගෙන එන ලද ඩීසල් තොග විදුලි බල මණ්ඩලය වෙත ලබා දීමට රජයට සිදුව ඇති බවත්, මෙය ආණ්ඩුව සිදුකළ බරපතල වරදක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ වසර තුළ පමණක් හය වතාවකට වඩා ඉන්ධන මිල ඉහළ දමා ඇති පසුබිමක, විෂය භාර අමාත්‍යවරුන්ගේ සහ ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයාගේ ප්‍රකාශ දෙස බැලීමේදී ඉදිරියේදී නැවත වතාවක් ඉන්ධන මිල ඉහළ යාමේ ලකුණු පෙනෙන්නට තිබෙන බවද රහුමාන් මහතා අනතුරු ඇඟවීය.

මෙවැනි වැරදි කළමනාකාරීත්වයක් තුළ ලෝක වෙළඳපොළේ මිල අඩුවීමේ වාසිය පවා ජනතාවට අහිමි වී ඇති බව ඔහු අවධාරණය කළේය

8 Comments

  1. අඩුකුලේ ජෙප්පාJune 4, 2026 at 3:46 AM

    බොරතෙල් බැරලයක් ඩොලර් 329ක් නෙමේ 1000ට ගියත් අපේ මුලු පවුලම මාලිමාවට.

    ReplyDelete
    Replies
    1. ගෑනු අපිත් එක මිටට..

      Delete
    2. Apinam thummulle wimaleta

      Delete
  2. ලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්

    ReplyDelete
  3. Keeyata hari thel thiyanawane polin nathuwa. Gota wageda Anura mahaththaya monawahari karala wade karanawane. Hora boru wancha nathuwa.

    ReplyDelete
    Replies
    1. Ratey thel vanchavak vuney nadda halo, naththan aekath Koti Sirasa kiyana vidihata Ekabadda Vipakshe 'boruvakda'?

      Delete
  4. Eda thel oney tharam thibuna. Mun set eka avith davasata litre 20kata adu karala dan janathavata kela vela. Chandayak thiyapiyaw ponnayini thopey keruvaava maninna.

    ReplyDelete
  5. බොරතෙල් බැරලයක් ඩොලර් 329ක් නෙමේ 1000ට ගියත් අපේ මුලු පවුලම මාලිමාවට. ගෑනු අපිත් එක මිටට..

    ReplyDelete
Previous Post Next Post