දිට්වා සුළි කුණාටුවෙන් නුවරඑලිය යුනික්විව් ප්‍රදේශයේ අවතැන් වූ පවුල් 35ක් වෙනුවෙන් සිනෙසිටා ක්‍රීඩාංගණයේ ක්‍රීඩාව සදහා භාවිතයට නොගන්නා එක් පසක තාවකාලික නිවාස 35ක් ඉදි කරමින් පවතින බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසීය.
එම නිවාස ඉදි කිරිම සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍යවල පලවන තොරතුරු අසත්‍ය බවත්, එම නිවාස ඉදිරි කිරිම තුලින් නුවරඑලිය සිනෙසිටා ක්‍රීඩාංගණයටද කිසිදු හානියක් සිදු නොවන බවයි දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි (24) දින මාධ්‍ය හමුවක් කැදවමින් දිස්ත්‍රික් ලේකම්වරිය ඒ බව පැවසීය.
එහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ, නුවරඑලිය සිනෙසිටා ක්‍රීඩාංගණය පහුගිය දවස්වල කතාබහට ලක් වුණා. එතන ආපදාවට ලක් වු පවුල් පිලිබදව. නුවරඑළියේ තියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 10ම වගේ විශාල ලෙස දිට්වා ආපදාවෙන් හානියට ලක් වුණා, අවතැන් වුනා. ඒ වගේම තමයි මේ වන විට අපිට පවුල් 2500ක් පමණ දිස්ත්‍රික්කය තුල නැවත පදිංචි කිරිම සදහා අපි සුදානමින් ඉන්නේ. ඉතින් අපි හැකි ඉක්මනටම කරේ, කදවුරු අවසන් කරන එක. මොකද කදවුරක මිනිස්සු ඉන්නවයි කියන්නේ, ඒ ගොල්ලන්ගේ පවුල් ජීවිතයක් නැහැ. ඔක්කෝමලා එකට ඉන්නේ.
දැන් මාස 6කුත් ගතවෙලා තියෙන්නේ දිට්වා ඇවිල්ලා. ඒවගේම තමා මේ කදවුරුවල ඉගෙන ගන්න ළමයිට, ඕලෙවල් කරන ළමයි ඉන්නවා, ඒලෙවල් කරන ළමයි ඉන්නවා, ශිෂත්වය කරන ළමයි ඉන්නවා. ඉතින් මේ ළමයිට ඉගෙන ගැනීමේදි අපහසුතාවයට පත් වන්නට ඉඩ තියෙනවා. නමුත් මේ සිනෙසිටා ශාලාවේ හිටපු ළමයි ඕලෙවල්, ඒලෙවල් කරා, ඒ ළමයි හොද ප්‍රථිඵල කරා ළගා වෙමින් සිටියා.
ඉතින් ඒ නිසා තමයි අපි හිතුවේ පුළුවන් තරම් කට්ටියක් අපි යැව්වා කුලි නිවාසවලට. රජයෙන් කුලිය ගෙව්වා. ඒ වගේම තමයි සමහර අය ඥාති නිවාසවල පදිංචි කරා. ඒ වගේම තව පවුල් 35ක් ඉන්නවා මේ ගෘහස්ත ක්‍රීඩාංගණය තුල. ඉතින් ඒ පවුල්වලට අපිට මේ නුවරඑළිය මේ තියන සංචාරක ආකර්ෂණයත් එක්ක මේ සුදුසු නිවාසයක් හොයා ගැනීමේ අපහසුතාවයක් ඇති වුණා. ඒ නිසා තමයි මේ පවුල් 35 මෙතන තියලා අපි ඒගොල්ලන්ව රැක බලා ගනිමින් කටයුතු කරන්නේ.
ඉතින් පසුගිය දවසක ජාතික මානව හිමිකම් සංවිධානය යැයි කියන සංවිධානයක් මගේ ගාවට ආවා සංදේශයක් භාර දෙන්න. මුලින්ම කිව්වේ මේ ටවුන් එකේ ග්‍රවුන්ඩ එක මැද්දේ මේ තාවකාලික නිවාස 35ක් හදනවා, ඉතින් ඒ ඉන්නේ කුඩු ගහන, හොරකම් කරන, කුඩු විකුණන එහෙම මිනිස්සු කියලා. ඉතින් ඇත්තටම අපි අපේ රමේ මිනිස්සුන්ට එහෙම නම් කරනවා නම්, එතනම ඒ මිනිස්සුන්ගේ පවුල් 35ක මානව හිමිකම කැඩෙනවා. ඒවගේම එතන ඉන්නවා කුඩා දරුවෝ. ඒ දරුවන්ගේ අනාගතයට මොකද වෙන්නේ?. ඒ නිසා අපි ඇත්තටම ඒ ගොල්ලන් කාටවත් මාධ්‍ය ආවරණයක් කරන්න අවස්ථාවක් දුන්නේ නැ. නැත්නම් මාධ්‍ය ඒකට හවුල් වෙනවා.
මින් කොහොම වුනත් අපිට ඕනි, පවුල් 35 ඇතුලුව නුවරඑලිය ප්‍රාදේශීය ලෙක්ම් කොට්ඨාශයේ පවුල් 334ක් විතර ඉන්නවා. ඉතින් මේ ගොල්ලන්ට ලස්සන ජීවිතයක් හදලා දෙන්න, මේ ගොල්ලන්ට ඉක්මනයට ඒ ගොල්ලන්ගේම කියලා නිවසක් හදලා දෙන්න, රජයේ ප්‍රතිපාදන හදලා දීලා තියනවා. ඉතින් අපිට ඔන ඉක්මනයට ඒ ගොල්ලන්ව පදිංචි කරන්න.
ඇත්තටම
මේ සිනෙසිටා ක්‍රීඩාංගණයේ,
කොතනකවත්
නෙවෙයි මේ ගහලා තියෙන්නේ මේ
ගෙවල් ටික,
ක්‍රීඩාංගණයට
පහළින් තියෙන්නේ.
ෆොටෝ
ගන්න කොට ඒක එක ක්‍රිඩාංගණයක්.
ක්‍රිඩාංගණයේ
මැද වගේ පෙනුනට.
එහෙම
දෙයක් වෙන්නැ.
ක්‍රීඩාවට
කිසිම බාධාවක් වෙන්නෙත් නෑ.
ඒ
වගේම තමයි IOMඑක,
UNICEF
එක,
නාවික
හමුදාව මේ සියලු දෙනාගෙම ආදාර
උපකාර,
රජය,
අපි
සියලු දෙනාගේම ආදාර උපකාරත්
එක්ක තමයි ඒ ගෙවල් 35
හැදෙන්නේ.
ඒ
ගෙවල් 35
ඉක්මනටම,
සති
දෙකක් වගේ ඇතුලත අපි උත්සහ
කරන්නේ හදලා මේ මිනිස්සුන්ට
තමන්ගේ කියලා ජීවිතයක් ගත
කරන්න,
දරුවන්ට
තමන්ගේ කියලා නිවාසයක තාවකාලිකව
හරි ඉදලා පාඩම් කරලා තමන්ගේ
අධ්‍යාපන අභියෝග ජයගන්න,
අවස්ථාව
හදලා දෙන්න තමයි අපි
උත්සහ
කරන්නේ.
ඒ
තාවකාලික වශයෙන්.
දීර්ඝ
වශයෙන් අපි ඒ ගොල්ලන්ට ඒ
ගොල්ලන්ගේම කියලා ස්තීර
නිවාසයකට යවන්න එකන ජීවත්
වෙන්නත් කටයුතු කරමින් පවතිනවා.
කොත්මලේ නැගෙනහිර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ තමයි වැවන්ඩන් කියන ගම්මානය තියෙන්නේ. ඉතින් වැවන්ඩන් එකේ තියන ප්‍රශ්නය සහ කොත්මලේ තියන ප්‍රශ්නය තමයි, කොත්මලේ හැම තැනකටම වගේ හානි සිදු වුණා. ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විශාල තැනකට හානි සිදු වුනා. රම්බොඩ ගම මුළු ගමම වගේ මේ දිට්වා නිසා ආපදාවට ලක් වුණා. ඒ වගේම තමයි අනිත්පැත්තෙන් අඹලියද්ද ඒ පැත්ත ගත්තහම ඒ පැත්ත හානි වුණා. කොත්මලේ බටහිරට හානි වුණා. ඉතින් කොත්මලේ අපිට සුදුසු ස්ථානයක් සොයා ගැනීම ඉතාම දුෂ්කර වෙලා තියනවා. නමුත් දැන් අපි වැවන්ඩන් ඉන්න පවුල් 58ක් පමණ ඉන්නවා. ඒ ගොල්ලන් සදහාත් නිවාස හදන්න ප්‍රාදේශීය ලේකම්තුමා සහ ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණායතනය දෙගොල්ලන් එකතු වෙලා ඒ ගොල්ල්න් දැන් පරික්ෂන කරලා ඉන්න සුදුසුයි කියන, NBRO එකෙන් සුදුසුයි කියන ඉඩම් දෙක් විතර මේ වන විට සොයාගෙන තියනවා. ඉතින් අපි උත්සහ කරන්නේ, ඒ වැවන්ඩන් ඉන්න කණ්ඩායමේ ඒ ආශ්‍රිතව, කොත්මලේ යම් තැනක හෝ පදිංචි කරන්න ඉඩම් අත්පත් කර ගැනිමේ කටයුතු මේවන විට සිද්ද කරමින් පවතිනවා. යනුවෙන් පැවසීය.
මෙම මාධ්‍ය හමුවේදි අදහස් දැක්වූ, නුවරඑලිය ප්‍රාදේශීය ලේකම්.ඩී.ඒ.පී. දන්නසූරිය මහතා කියා සිටියේ,
සිනෙසිටා ක්‍රීඩාංගණයේ මේ දිනවල ඉදි වන තාවකාලික නිවාස සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වල විවිධ දේවලි පල වෙනවා. ඒවා කරුණු අවබෝධයකින් තොරව තමයි පල කරලා තියෙන්නේ. ඒ දිට්වා සුළිකුණාටුවෙන් පිඩාවට පත් පවුල් 35ක් පමණ සිනෙසිටා ක්‍රීඩාංගණයේ සුරැකුම් මධ්‍යස්ථානයේ තාවකාලිකව රැදී සිටිනවා. අපි උත්සහ කලා එම අවතැන් වූවන් කුලි නිවාසවල පදිංචි කරන්න.
ඒත් නුවරඑලිය ප්‍රදේශයේ කුලී පදනම මත නිවසක් සොයා ගැනීම දැඩි අපහසුයි ඒ අනුව අපි නානුඔය ප්‍රදේශයේ අක්කර 16ක ඉඩමක් හදුනාගෙන තියනවා. අවුරුදු 7ක් තිස්සේ තිබුණු ගැටළුවක් තමයි ඉඩම් සොයා ගැනීම, එම අභියෝගයට අපි මුහුණ දිලා අපි මේ වන විට එහි මැණීම් කටයුතු මිනින්දොරු දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා කරගෙන යනවා. අපි එතන සිනෙසිටා ක්‍රිඩාංගණයේ අවතැන් වූවන් සදහා එතන නිවාස ඉදි කරලා ඔවුන්ව එතනට රැගෙන යනවා. යනුවෙන් පැවසීය.
මෙහිදි මාධ්‍යට අදහස් දැක්වූ නුවරඑලිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කම්ටුවේ සභාපති සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා කියා සටියේ,
සිනෙසිටා ක්‍රීඩාංගණයේ භාවිතයට නොගන්නා කොටසක මෙම තාවකාලික නිවසා ඉදි කරමින් පවතින බවත්, එහි සිනෙසිටා ක්‍රීඩංගණයේ අවතැන් වූවන් සදහා නානුඔය ප්‍රදේශයේ ස්ථිර නිවාස ඉදි කිරිමට අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇති බවයි.
එම නිවාස යෝජනා ක්‍රමයේ දෙමහල් නිවාස යෝජනා ක්‍රමයක් වශයෙන් ඉදි කිරිම් කටයුතු සිදු කරන බවත්, එහි ඉදි කිරිම් කටයුතු මේ වසර අවසාන වන විට සිදු කර අවතැන් වුවන් එහි පදිංචි කරන බවයි මංජුල සුරවීරආරච්චි මහතා කියා සිටියේ.
- රංජිත් රාජපක්ෂ

APURUY MAME
ReplyDeleteumbala owa eewithta iwath karanne naha
වැලිකොට්ට පුනරුදේ වගේ තමයි.
ReplyDeleteකවුද සූර පප්පද හදන්නේ?
නිවාසද මේ? මම හිතුවේ සති පොලක් හදනව කියලා.
ReplyDeleteහපොයි දෙයියනේ.
කෝ අර තහඩුවක් ගියත් දෙන ලක්ශ 10?
ගෙයක් කැඩුනොත් දෙන ලක්ෂ 50?
පවුල් 30000ක් අවතැන්. තවම ගෙවල් වලට සල්ලි දීල තියෙන්නේ 1700යි.
ඊයෙ නිලධාරීන් සෙට් එකක් මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වෙ.
Ka tin ti tin tin tin tin puruddata kiyawanawa
Deleteකෝ අර තහඩුවක් ගියත් දෙන ලක්ශ 10?
ගෙයක් කැඩුනොත් දෙන ලක්ෂ 50
They have given government sponsored aid to 20,000 JVP Supporting families and those were not recorded.
Deleteවැවන්ඩන් දෙමළු. නුවරඑලිය මැද්දටම ගෙනල්ලා. දෙවියනේ!
ReplyDelete