භාණ්ඩාගාර ශේෂය රු.බි. 500 ට වඩා පහත වැටේ..


 ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

භාණ්ඩාගාර ශේෂය රු.බි. 500 ට වඩා පහත වැටේ.. 

2026 ජනවාරි 1 දින ට රු.බි. 915 ක් වූ භාණ්ඩාගාරයේ මුදල් ශේෂය, 2026 ජූනි 11 (බ්‍රහස්පතින්දා) දෛනික ව්‍යාපාර කටයුතු අවසන් වන විට රු.බි. 500 ටත් වඩා අඩු ප්‍රමාණයකට පහත වැටී තිබේ. අප රට සෙමින් නමුත් ස්ථිර ලෙසම ආර්ථික අර්බුදයක් කරා ගමන් කරන බව භාණ්ඩාගාරයේ මුදල් තත්වය පහත වැටීමෙන් පෙන්නුම් කෙරේ. 

පසුගිය සතියේ දී මහා භාණ්ඩාගාරය රු. බි. 140 ක භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කළ අතර, එයින් ඉහළ පොලියට අලෙවි වූයේ රු. බි. 71 ක බිල්පත් (51%) පමණී. රු. බි. 150 ක භාණ්ඩාගාර බැඳුම්කර ඉදිරිපත් කරනු ලැබූ නමුත් එයින් ද අලෙවි වූයේ රු. බි. 92 ක (61%) ක බැඳුම්කර පමණී.

භාණ්ඩාගාරයට අවශ්‍ය මුදල් ඉහළම පොලියට සපයා ගැනීමට උත්සහ කළ ද එය ද මේ වන විට අසාර්ථවීම භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.බි. 500 ටත් වඩා පහත වැටීමට හේතුවී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. 

2022 ජනවාරි මස 8.63% ක් ද, පෙබරවාරි මස 9.05% ක් ද, මාර්තු මස 13.83% ක් ද වූ භාණ්ඩාගාර බිල්පත් පොලිය 2022 අප්‍රේල් මස 23.53% දක්වා ඉහල ගියේය. 2022 සැප්තෑම්බර් මස එය 31 % දක්වා ද, ඔක්තෝබර් මස 32.33 % දක්වා ද ඉහළ ගියේය. භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර පොලිය එලෙසම නැවතවරක් ඉහළ යාමේ අවදානමක් මතුවෙමින් ඇත. 

ඒ භාණ්ඩාගාරයේ මුදල් ශේෂය කැපී පෙනෙන ලෙස පහත වැටීම හේතුවෙන් භාණ්ඩාගාරය දැවැන්ත මුල්‍ය හිඟයකට මුහුණ දී සිටින බව ව්‍යාපාරික ප්‍රජාව අවබෝධ කර ගනී. රජයට මුදල් ණයට ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බැවින්, ජූනි 15 දිනෙන් ආරම්භ වන සතියේ දී පොලී අනුපාත තීව්ර ලෙස ඉහළයාම නොවැලැක්විය හැකි වනු ඇත. 

2026 අය වැය ඉදිරිපත් කරන විට භාණ්ඩාගාර ශේෂය රුපියල් ට්‍රිලියනක් හෙවත් කෝටි ලක්ෂයක් ලෙස පැවති අතර, ආචාර්ය හර්ෂ ද සිල්වා විවාදය ආරම්භ කළේ ඒ බව පවසමිනි. මාස 5 ක් තුල රු.බි. 915.83 සිට එය රු.බි. 620 දක්වා පහත වැටුණි. ඊයේ (ජූනි 11) එය බි. 500 සීමාවට වඩා පහත වැටීම මුල්‍ය කලමණාකරණයේ පැහැදිලි දුර්වලතාවයකි. (දිත්වා අරමුදල් ලෙස ලැබුණු රු.බි. 10 ද මෙම රු.බි. 500 ට ඇතුලත් ය.) 

භාණ්ඩාගාර මුදල් ශේෂය මෙලෙස ඉතා පහත මට්ටමකට වැටී ඇත්තේ ඊට පෙර වර්ෂවල නොතිබූ රු.බි. 900 කට වැඩි මුදලක් වාහන ආනයනය කිරීමෙන් ලබාගත් බදු මුදල් සහ ආදායම් ලබන දෙපාර්තමේන්තුවල කටයුතු ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව 2024 වසරට සාපේක්ෂව 2025 වසරේ දී 40%ක පමණ අමතර රාජ්‍ය ආදායමක් ද උපයාගත් වටපිටාවක වීම විශේෂයකි. 

රටේ ප්‍රාග්ධන වියදම් රු. බිලියන 1,719 න් පළමු කාර්තුවේ දී වැය කර ඇත්තේ බි. 106 (7.5%) කි. 2026 ජූනි 1 දිනට වැය කර ඇත්තේ 230 (13.4%) කි. ප්‍රාග්ධන වියදම් සිදු නොකර රටක ආර්ථික වර්ධනයක් සිදු කළ නොහැකිය. 

මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය ආර්ථික අර්බුදය සැඟවීමට විවිධ උත්සහ දරමින් සිටින නමුත් අර්බුදය වලක්වා ගැනීමට ප්‍රමාණවත් සාධනීය පියවරක් ගැනීමට අසමත්වී ඇත. 

2022 දී ජූලි මස වන විට භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදලේ ශේෂය රු. බිලියන සෘණ 800 ක් වු අතර 2023 දී එය සෘණ 84 දක්වා අඩු කර ගැනීමට හැකි විය. වත්මන් රජය බලයට පත් වන විට එය රු.බි. 800 දක්වා ඉහළ ගොස් තුබූ අතර, 2026 ජනවාරි රු.බි. 915 ක්වා ඉහළ නංවා ගැනීමට හැකිවූ ඒකාබද්ධ අරමුදලේ ශේෂය, මාස 6 ක් තුල රු. බිලියන 500 ට වඩා පහතට වැටී ඇත. 

ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීමට නිසි පියවර නොගන්නේ නම්, ලබන සැප්තෑම්බර් මස වන විට නැවත වරක් භාණ්ඩාගාරයේ ශේෂය සෘණ අගයක් බවට පත්වීමේ අවදානම බැහැර කළ නොහැකි වනු ඇත. 

16 Comments

  1. මුත්තරබල්ලේ මේව්වාට ඉල්කකම් හදන ආයතනය බයිල නට නට ඉන්නවා, හරි දැක්මක් ඇති නායකයෙක් නැහැ, නායකයා පාලනය කරන්නේ වෙන්ට හිතන් ඉන්න නායකයා. ඉත්තෝ අදිනවා, අකමැති අයට දැන්නම ෂොට් එක දෙන්න හදනවා බලලුන් ලවා, කැමති අයගේ ලිස්ට් දැන්ම හදලා, පත්කරගෙන හොරෙන්ම, සෙට් ගොඩකට මාරුවිම්, හෝ දඩුවම් ලියුම්, මාර ධර්මය, හැමදාම ජෝගියක්, උපහාර උලෙලක්, විශ්‍රමා යෑමක්, දර්ම දෙසුමක්, ක්‍රීඩා උත්සවයක්. වෙසක් කුඩු තරගයක්, ක්‍රිකට් තරගයක්, රියැලිටි ස්ටාර්, වැඩකරන්න වෙලාවක් නැහැ, දැන් තෙල් නැති වේලාවේ ලංකාවේ හැම පලාතෙන්ම අය වාහන වලින් ගෙන්න ගෙන පිරිත් කියන්න අදහස. පිරිත් කීම වැරදි බවට මෙයින් අදහස් නොකරමු, මේවා ජානාධිපති යටතේ තියන ආයතන, එතුමාටත් හොද නැහැ, මේකේ ලොක්කො හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්, හොරකම් කරපුවා ගැනත් හොයන්න, හා කියමු බලන්න පිරිත් කියන්න නිමිත්ත,

    ReplyDelete
    Replies
    1. ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන මාලිමාවට ජයවේවා !

      ♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි

      Delete
    2. පිරිත් ගැන නෙමේ හුත්තො කතාව. පුංචම්මගෙ වාහෙගෙ ආණ්ඩුව භාණ්ඩාගාර ශේෂය රු.බි. 500 ට වඩා පහත වට්ටල කියල. 

      Delete
  2. මුන් එකෙක්ටවත් රටින්න්පිට වෙන්න දෙන්න නරකයි. හොරා කනවා ලෙසටම. සාලයා කිලෝවක් 1200. බෙහෙත් ආහාර අහස උසට.

    ReplyDelete
  3. ට්‍රිලියනයෙන් බාගයක් ඉවරයි

    ReplyDelete
  4. No this is wrong:
    see below by Kradinal


    https://www.youtube.com/watch?v=8JKUpjQjZrw

    ReplyDelete
  5. Dan munmane ban kiwwe wiyadak karan na kiyala

    ReplyDelete
    Replies
    1. ඔව් බං මට නම් පේන්නේ හොරකම් කරලා වගේ..
      වියදමක් කියලා කරපු වැදගත් දෙයක් පේන්නත් නෑ මුන්ගේ!

      Delete
    2. වැලිකොට්ට ගහන්ටම පමණක් කොපමණ විශාල මුදලක් වැයවුනාද මයෙ පුතා
      මෙවුන්දල නොදන්නවාට එව්වත් සල්ලි නොවේද අපෙ අප්පච්චි

      Delete
  6. ඕකත් මහ කජ්ජක් ද?

    ReplyDelete
  7. Mey kiyana vidiyata kelwenna yana seen ekak thiyenne.

    ReplyDelete
  8. පතිරණ ගලප්පත්තිJune 15, 2026 at 11:40 PM

    මානව හිමිකම් කේන්ද්‍රයේ එකාලා දන්න එකවුන්ටින්ග් බං. මුන්ගේ බයිලා වැඩක් නෑ, මහ බැංකු වාර්ථා අරන් බලපන්, හරි දත්ත තියෙන්නේ ඒකේ. ආර්ථික අර්බුධයක් නෑ. එන්නෙත් නෑ, අසත්‍ය ප්‍රචාර වලට රැවටිලා පැණික් වෙන්ඩ එපා. සන්තෝසෙන් ඉන්ඩ.

    ReplyDelete
    Replies
    1. පැණික් නොවී ඉන්ට කියන්ට මෙවුන්දැ ළඟ ටූල්ස් තියේද මයෙ පුතා

      Delete
    2. කටානායකJune 16, 2026 at 1:10 AM

      මා ගාව තියෙනව ගල්කපන කටුවක්.

      Delete
    3. මහ බැංකුවේ මගුලක් බලන්න අවශ්‍ය නැහැ, පොලිය වැඩිවන විදියට උඹට තෙරෙනේ නැද්ද අස්ථාවර වීගෙන යනවා කියලා? ඒවා තේරුම් ගන්න උඹලට කොහෙද මොලයක් ඉතින්. අනික බඩු මිල අහස උසට යනවා කෙළවරක් නැතුව. යුද්දෙ පිට දාලා ඒකෙන් බේරෙන්න හැදුවට, ගල් අඟුරු වංචාව වගේ හොරකම් නිසා තමයි මේ ආර්ථිකය පසු බසින්නෙ. 76 වසරක සාපය බලයට ගෙනාවම මෙයිට වැඩිය මොනවා බලාපොරොත්තු වෙන්න ද ඉතින්?

      Delete
  9. These JVP/NPP IDIOTS will lose all future elections. No mercy for lying Basterds.

    ReplyDelete
Previous Post Next Post