ලංගම ඩිපෝ 80ක පඩි ගෙවා නෑ...

 


එෆ්.අස්ලම් / ගයාත්‍රි ගීගනආරච්චි 

ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ 107 න් ඩිපෝ 80 ක පමණ සේවකයන්ට පසුගිය මාසයට අදාළ වැටුප මෙතෙක් ලැබී නොමැති බව එම මණ්ඩලයේ ආරංචි මාර්ග පවසයි.

ලංගම රියැදුරු කොන්දොස්තර හා කාර්මිකයන් සඳහා ලබාදෙන වැටුප් මෙතෙක් ලැබී නොමැති බවද එම මණ්ඩලයේ සේවකයෝ සඳහන් කරති.

ඉන්ධන මිල ඉහළ යාම හා ඩිපෝවල ආදායම් ඊට සාපේක්ෂව අඩුවී වියදම් වැඩි වීම මත මෙම තත්ත්වය උද්ගතවී තිබෙන බව එම මණ්ඩලයේ උසස් නිලධාරියකු සඳහන් කළේය.

බස්නාහිර පළාතේ ඇතැම් ඩිපෝවලට දිනකට රුපියල් ලක්ෂ විසි හයක ඉන්ධන වියදමක් පවතින බවත් ඩිපෝවලින් යොදවන බස්වලින් ලැබෙන දෛනික ආදායම ලක්ෂ දහයකටත් වඩා අඩු බවත් එම නිලධාරියා සඳහන් කළේය.

ලංගම රියැදුරු කොන්දොස්තර හා කාර්මිකයන් සඳහා සෑම මසකම අට වැනිදා වැටුප් ගෙවන බවද ලංගම සෙසු කාර්ය මණ්ඩල සඳහා මාසයේ 26 වැනිදාට වැටුප ගෙවන බවද සඳහන් කළ එම නිලධාරියා මෙමස අට වැනිදා සිට මේ දක්වාම බොහෝ ඩිපෝවල රියැදුරු කොන්දොස්තර හා කාර්මිකයන් සඳහා වැටුප් ගෙවීමට නොහැකි වී ඇති බවද කීවේය.

මේ සම්බන්ධයෙන් ලංගම සභාපතිවරයා ඇතුළු පාලනාධිකාරියේ නිලධාරීන්ගෙන් විමසීමට ඊයේ උත්සහා කළද එම නිලධාරීන්ගේ දුරකථන ක්‍රියාවිරහිතව පැවතිණි.

7 Comments

  1. කෝ අර තට්ට දොස්තරයා?

    ReplyDelete
    Replies
    1. එතුමා වැලි කොට්ට තාක්සනේ උගන්නන්න ඇමරිකාවට හිගිං නොවැ මයෙ පුතා

      Delete
  2. පව් අනේ පහුගිය ජනාධිපතිවරණය වෙලාවේ බස් ටිකට් එකක් ගන්න කොටත් අනුරයගේ ගුණ වාර්ණනා කරපු කට්ටිය.

    ReplyDelete
  3. ඇයි පාර්ලිමේන්තුවේ ප්‍රින්සිබල් නැතෙයි?

    ReplyDelete
    Replies
    1. කොන්ටෙනර් ටැංකි පන්නන්න ගොහිං හිටං පිංසිබොල් තුමාගෙ රෙද්දෙ රෙවිල නොවැ මයෙ අප්පච්චි


      Delete
  4. හොද වැඩේ රෙද්ද උස්සගෙන ඡන්ද දීලා ලප කොටාව බලයට ගෙනාවාට ලැබෙන දඩුවම්

    ReplyDelete
  5. කොහොමද මාලිමා ආණ්ඩුවේ වැඩ. වෙන ආණ්ඩුවක්නම් මෙලහකට බස් විතරක් නෙවෙයි කෝච්චි , ඉස්පිරිතාල ඔක්කොම වර්ජනේ. දැන් මීක් කියනවද...

    ReplyDelete
Previous Post Next Post