ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂ ලේඛනවල "දෝෂ සහ අතපසුවීම්" යටතේ සටහන් වී ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 808 ක දැවැන්ත විෂමතාවය, හුදු "සංඛ්‍යානමය දෝෂයක්" හෝ දත්ත වාර්තාගත වීමේ "කාලීන ප්‍රමාදයක්" ලෙස සලකා බැහැර නොකරන ලෙස ‘දිනන දකුණ සාමූහිකය’ මූල්‍ය බලධාරීන්ගෙන් සහ රජයෙන් ඉල්ලා සිටී.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මෑතකදී ලබා දුන් තාක්ෂණික පැහැදිලි කිරීම් පිළිබඳව සිය දැඩි කනස්සල්ල පළ කරන එම සාමූහිකය, මේ පිළිබඳව සමාජය, පාර්ලිමේන්තුව සහ මූල්‍ය බලධාරීන් දැඩි ලෙස අවධානයෙන් පසුවිය යුතු බවට මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් අනතුරු අඟවා ඇත.
"දෝෂ සහ අතපසුවීම්" යනු දත්ත ගැලපීමේදී සිදුවන නොගැලපීම් සමනය කිරීම සඳහා ජාත්‍යන්තරව භාවිතා වන සම්මත ගිණුම්කරණ පියවීම් ක්‍රමවේදයක් වුවද, මෙතරම් විශාල වටිනාකමකින් යුත් සෘණ අගයක් හුදෙක් තාක්ෂණික පාදක සටහනක් ලෙස සලකා බැහැර කළ නොහැකි බව එම සාමූහිකය පෙන්වා දෙයි.
මෙම සෘණ පරතරය මඟින් රටේ සාර්ව ආර්ථිකයෙන් ඉතා බරපතල ලෙස මුදල් කාන්දු වීම්, දත්ත ඌන-වාර්තාකරණය, වැරදි වාර්තාකරණය හෝ නීති විරෝධී ලෙස ප්රාග්ධනය රටින් පිටවීම සක්‍රීයව සිදුවන බවට රතු එළියක් නිකුත් කරන බවද ඔවුහු අවධාරණය කරති.
මෙම බරපතල මූල්‍ය ගැටලුව සුළු කොට තැකීමට හෝ වසා දැමීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලමින් දිනන දකුණ සාමූහිකය, පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වෙත විවෘත ඉල්ලීමක් සෘජුවම යොමු කර තිබේ.



❤️ dunnu vote eka gana hari adambarai hamadama
ReplyDelete❤️ dunnu vote eka gana hari adambarai hamadama
ReplyDeleteDollar miliyana 808k kajakda?
ReplyDeleteමට කොහෙද මාලිගා තියෙන්නේ.. මං කොහෙන් ආවද කියන එක කවුරුත් ප්‍රශ්නයක් කරගත යුතු නෑ..- ලාල් කාන්ත
ReplyDelete