ශ්‍රී ලංකාවේ වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා ආසියානු සංවර්ධන බැංකුව (ADB) මගින් සැපයීමට නියමිත ප්‍රතිපත්ති පාදක ණය මුදල තවත් ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
2026 වසර වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 380 ක ප්‍රතිපත්ති පාදක ණයක් ලබාගැනීම සඳහා 2026 මාර්තු 16 වැනිදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මුලින්ම අනුමැතිය ලබා දී තිබුණි.
එකී සමස්ත මුදලින් ඩොලර් මිලියන 100 ක් වෙන් කර තිබුණේ "වෙළෙඳ, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධන වැඩසටහනේ" පළමු උප වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහාය.
වත්මන් මැදපෙරදිග කලාපීය නොසන්සුන්තාව සහ දේශගුණික විපර්යාසයන් නිසා ඇති වන ආර්ථික අවිනිශ්චිතතාවන්ට මුහුණ දීම පිණිස, අදාළ උප වැඩසටහන සඳහා වෙන් කළ මුදල තවත් ඩොලර් මිලියන 100 ක අතිරේක මූල්‍ය පැකේජයක් මගින් සමස්තය ඩොලර් මිලියන 200 දක්වා වැඩිකර දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟත්වය පළ කර ඇත.

❤️ aanduwata dunnu puka gana mara adambarai ban
ReplyDeleteණය අරගෙන වැඩ කරන්න ඕනම කෙනෙකු ට පුළුවන්..විශේෂයෙන් පිටකොටුවේ මුදලාලි කෙනෙකු ට.. ඒකට ජනතාවාදී ආණ්ඩුවක් ඕන නැහැ.
ReplyDeleteණය අරගෙන වැඩ කරන්න ඕනම කෙනෙකු ට පුළුවන්..විශේෂයෙන් පිටකොටුවේ මුදලාලි කෙනෙකු ට.. ඒකට ජනතාවාදී ආණ්ඩුවක් ඕන නැහැ.
ReplyDeleteලංකාව තුල රුප්යල් නය ගන්නව කියන්නේ සංසරණයට අලුත් මුදල් නිර්මාණය වන බවයි .එය හානි පූරණයට බැඳුම් කර හරහා මුදල් අච්චු ගැසිය යුතුය .එහි විනිමය වටිනාකම පූරණයට ජනතාවට බදු බර වැඩිවේ .එම නිසා තනි තනි පුගලයන් සුකොපගී වාහන සඳහා ඒවා අත්පිට මුදලටම ලබගීමට පමණක් අවසර ලැබිය යුතුය .නැතිනම් කෙනෙකුගේ මනෝ මූලික ප්‍රීතියට වන්දි ගෙවිය යුත්තේ බහුතර ජනතාවයි.ඉතිරියෙන් ආයෝජනය බුදුදහමේ පණිවුඩයයි.මෙනිසා තනි පුද්ගලයකිගේ සපත වෙනුවෙන් බහුතරයක් වන්දි ගෙවීම කොතරම් දුරට සාදාරන දැයි පාලකයින් සිතිය යුතුය .තවද දේශීය නවනිමාන කරුවන් සඳ හා පමණක් නය භාවිත කලයුතුය .මන්ද එයින් රටේ විදේශ නය අඩුවන නිසාය .ඔය අරගන්න ජාත්‍යන්තර නය සියාල්ල ලංකාවේ දුපත් අහිංසකයින් ගේ රීරි මාංශ සුරාකමක් පමණි.ජන පති තුමනි ඔබ නවනිර්මාන කරුවන්ගේ දෙපාමුලට යායුතුය .නැතිනම් ඔබ නව නිර්මාණයක් ඔබ විසින් ජානතාවෙනුවෙන් සිදුකල යුතුය .පුවත් පත්වල ලිපිවලට පමණක් සීමාවන නවනිර්මානකරුවන්ගේ කෙදවාචකය විසඳන පැහැදිලි වුවමනාවක් ඔබ සතුව ඇති විශ්වාසයක් නැත .එය තහවරු කිරීම හෝ නොකිරීම ඔබට බාරය .
Delete