කොටස් වෙලදපල ජාවාරමක් හෙලි කරයි..


 විදේශීය කොටස් වෙළෙඳපොළේ මුදල් ආයෝජනය කිරීමේ ව්‍යාජ ජාවාරමක අලුත්ම තොරතුරු ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) විසින් හෙළිදරව් කර තිබේ.

මේ පිළිබඳව මහජනතාව වෙත විශේෂ අවවාදයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් තුෂාර ජයරත්න මහතා ප්‍රකාශ කරන්නේ, පෙර අවස්ථාවලදී 'Copreus' සහ 'Gladius' යන වෙළෙඳ නාමයන්ගෙන් පෙනී සිටිමින් වංචනික ලෙස මුදල් උපයන ලද කණ්ඩායමම, වර්තමානයේදී 'Evolute' යන නව නාමයෙන් වෙනත් ස්ථානයක සිට සිය මෙහෙයුම් නැවත ආරම්භ කර ඇති බවයි.

"නොහඳුනන පාර්ශ්වයන්ගෙන් ලැබෙන මෙවැනි දුරකතන ඇමතුම් විශ්වාස කර මුදල් ආයෝජනය කිරීමෙන් වළකින්න. එසේ කිරීමෙන් සිදුවන්නේ ඔබේ ධනය විනාශ වීම පමණි. එම නිසා, ලැබෙන ඇමතුම් පිළිබඳව දැඩි ලෙස සෝදිසි කර බලා, ඒවායේ නීත්‍යානුකූලභාවය ප්‍රශ්න කිරීමට කටයුතු කරන්න." 

ශ්‍රී ලාංකිකයන්ට ජාත්‍යන්තර කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කිරීමට අවස්ථාව සලසා දෙන බව පවසමින්, මෙම පිරිස දුරකතන ඇමතුම් මාර්ගයෙන් සිවිල් වැසියන් පොළඹවා ගැනීමට උත්සාහ කරති.

මෙහි පිටුපස සිටින්නේ කලින් කලට විවිධ වෙළෙඳ නාම සහ ස්වරූපයන් භාවිත කරමින් මහජනයා මුලා කළ එකම කණ්ඩායමකි.

මෙරට පුරවැසියන්ට විදේශීය කොටස් වෙළෙඳපොළවල ආයෝජනය කිරීමට පහසුකම් සැපයීම සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අනුමැතිය හෝ ලියාපදිංචිය ලැබූ කිසිදු ආයතනයක් ලංකාව තුළ ක්‍රියාත්මක නොවේ.

1 Comments

  1. එය කල හැක්කේ කෙසේද?

    ReplyDelete
Previous Post Next Post