AI, Deep fake තාක්‍ෂණයෙන් ජනාධිපති බොරු කියන වීඩියෝ හදලා..


 කෘතිම බුද්ධිය (AI) සහ 'ඩීප් ෆේක්' (Deep fake) තාක්ෂණය අවභාවිත කරමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය ඇතුළු සමාජයේ කැපී පෙනෙන පුද්ගලයන්ගේ රුව රැගත් ව්‍යාජ වීඩියෝ පට රැසක් අන්තර්ජාලයට මුදාහැර ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) නිවේදනය කරයි.

මෙම ව්‍යාජ වීඩියෝ දර්ශන උපයෝගී කරගනිමින් මහා පරිමාණ මූල්‍ය වංචාවක් ක්‍රියාත්මක වන බවට ආයතනය වෙත පැමිණිලි ලැබී තිබේ.

ශ්‍රී ලංකා සර්ට් ආයතනය පෙන්වා දෙන්නේ විවිධ ව්‍යාපාරවල මුදල් ආයෝජනය කර මාසිකව ඉහළ ප්‍රතිලාභ ලබාගන්නා ලෙස ජනාධිපතිවරයා, අගමැතිනිය මෙන්ම ප්‍රසිද්ධ ක්‍රීඩකයන් සහ විශේෂ පුද්ගලයන් ඉල්ලීම් කරන ආකාරයෙන් මෙම වීඩියෝ සකසා ඇති බවයි.

මීට අමතරව රටේ ආර්ථිකය, බදු ප්‍රතිපත්ති සහ විවිධ රැකියා අවස්ථා සම්බන්ධයෙන් ද මෙලෙස ව්‍යාජ පුවත් නිර්මාණය කර බෙදාහරිමින් පවතී.

මෙම වීඩියෝ සමඟ පළ කර ඇති සබැඳි (Links) වෙත පිවිස මුදල් ආයෝජනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව සර්ට් ආයතනය සඳහන් කරයි.

එවැනි සබැඳි ඔස්සේ පරිශීලකයන් ව්‍යාජ වෙබ් අඩවි වෙත යොමු කරවා, ඔවුන්ගේ පුද්ගලික රහස්‍ය තොරතුරු සහ මුදල් සොරාගැනීමේ දැඩි අවදානමක් පවතින බවට ද එම ආයතනය අනතුරු අඟවයි.

අන්තර්ජාලය තුළ සංසරණය වන මෙවැනි ව්‍යාජ සහ නොමඟ යවන සුළු වීඩියෝ දර්ශන පිළිබඳව දැඩි සැලකිල්ලකින් සහ විමසිල්ලකින් පසුවන ලෙස ශ්‍රී ලංකා සර්ට් ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම, එවැනි සැකකටයුතු සබැඳි (Links) වෙත පිවිසීමෙන් වැළකී සිටින ලෙසත්, තමන්ගේ වටිනා පෞද්ගලික දත්ත වංචනිකයන් අතට පත් වීමට ඉඩ නොතබා මෙවැනි මූල්‍ය වංචාවලට ගොදුරු නොවන ලෙසත් ශ්‍රී ලංකා සර්ට් ආයතනය සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

9 Comments

  1. ලැජ්ජා නැද්ද, ජේ. ආර්.ගේ ව්‍යවස්ථාවෙන් බලය ඇරං 1006 මහින්ද කාලෙ හදපු පරිගණක අපරාධ නීතිවලට මුවා වෙලා දූෂණ වහගන්න.

    ReplyDelete
    Replies
    1. 2006 මහින්ද හදපු

      Delete
  2. ජනාධිපති ඇතුළු ආණ්ඩුව හැමෝම කට ඇරියොත් කියන්නේ බොරුනේ.අලෙවිකරණයේ තියෙනවා අවස්ථාව කියල එකක්.උන් ඒක ප්‍රයෝජනයට ගන්නවා.

    ReplyDelete
  3. එහෙම විශේෂයෙන් මහන්සි වෙලා ඒවා හදන ගොනා කවුද, ඔය ඕන තරම් පච කියාපුවා තියෙද්දි.
    ඕවා හදන උන්ට සල්ලි වැඩියි වගේ නම් මගේ ගිණුමට දාපම්.

    ReplyDelete
  4. විශේෂ විමර්ශණයක් කරන්න ඕන වෙන එකක් නැහැ.
    මොකද දැන් මිනිස්සු ඕකුන් කියන කිසිම දෙයක් සත පහකට ගනන් ගන්නේ නැහැ.

    ReplyDelete
  5. අපි කාළයක් තිස්සේ ලංකාවේ ඉන්න මිනිස්සු. මං දන්න විදිහට එහෙම බොරු හදන්න ඕන නෑ. ලොරි ගනන් බොරු කියාපු මිනිස්සු තමයි මේ. හැබැයි ඒවා දැන් ඇහෙන කොට විලිලැජ්ජ ඇති.

    ReplyDelete
  6. They are natural born liers. No need of AI or deep fake

    ReplyDelete
  7. Lying and making false promises is a political strategy to get votes. Practiced by all parties. It is the people who believe are at fault.

    ReplyDelete
  8. ලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්. පච කොටා ජනතාවගේ සල්ලි හොරාකාලා ලැට්වියාවේ (ලැට් එකේ) හන්ගනවලු #srilanka #theft #accountability #transparency #change #WeNeedNewGovernment #Elections

    ReplyDelete
Previous Post Next Post