පර්සියානු බොක්ක කලාපයේ ඉරාන ගුවන් සීමාව උල්ලංඝනය කරමින් ඇතුළු වූ, ඇමෙරිකානු හමුදාවට අයත් 'MQ-1 Predator' වර්ගයේ ඔත්තු බැලීමේ ඩ්‍රෝන යානයක් හඳුනාගෙන බිම හෙළීමට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) ගුවන් ආරක්ෂක ඒකක සමත්ව තිබේ.
ඉරාන ගුවන් සීමාවට ඇතුළු වූ මෙම බහුකාර්ය සහ දිගුකාලීන පියාසර හැකියාවන්ගෙන් යුත් දුරස්ථ පාලක නියමු රහිත යානය, තම ගුවන් ආරක්ෂක පද්ධති මඟින් ක්ෂණිකව නිරීක්ෂණය කර, උසස් මතුපිට සිට ගුවනට විදින මිසයිල ප්‍රහාර මඟින් විනාශ කළ බව IRGC මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
තම දේශසීමා මුහුදු සීමාවට ඉහළින් ඇති ගුවන් සීමාව ඉරාන ගුවන් ආරක්ෂක ඒකකවල පූර්ණ පාලනය යටතේ පවතින බව අවධාරණය කරන IRGC බලකාය, ඕනෑම ආකාරයක අනවසර ඇතුළුවීමකට දැඩි ප්‍රතිචාර දක්වන බවට ද අනතුරු අඟවා ඇත.
මෙම සිදුවීමට පෙර දින, එනම් සෙනසුරාදා, ඉරාන හමුදාවේ ගුවන් ආරක්ෂක ඒකක විසින් කේෂ්ම් දූපතට ඉහළින් පියාසර කළ "US-Zionist" සතුරන්ට අයත් බව කියන 'Orbiter' වර්ගයේ කුඩා ප්‍රමාණයේ ඩ්‍රෝන යානයක් ද සාර්ථකව හඳුනාගෙන විනාශ කර තිබුණි.
එම යානය රටේ ඒකාබද්ධ ගුවන් ආරක්ෂක මූලස්ථාන ජාලය යටතේ ක්‍රියාත්මක වන ආරක්ෂක පද්ධති මඟින් බිම හෙළූ බව ඉරාන හමුදා මාධ්‍ය අංශය තහවුරු කළේය.

ඇමරිකාවෙ ප්‍රධාන අරමුණ වූ BRICS කන්ඩායම විනාශ කරන්න තමා මේ යුද්ධය දිගටම කරගෙන යන්නේ. චීනය සහ රුසියාව එකතුවී මේ ඊශ්‍රායල් ඇමරිකානු කුමන්ත්‍රණය පරාජය කොට දැම්මේ නැතිනම් ඉදිරියටත් මොවුන් මේ අන්ත අසාධාරණ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරනු ඇති.
ReplyDeleteThis is not Iran technology they don't have such brains this is Chinese and Russian technology it's time to cut their supply chain .Us.need to take drastic actions this soft approach doesn't work
ReplyDeleteane nikan playan yanna hipatuwa, kosatayak badan kapan moda baiya. uba hituwada lankwe gobbyo wage kiyala unuth. wheel barrowaka hadaganna ba lonthya
Delete