තෙල් මිල දැන් තියෙන මිලටත් වඩා උඩට යන්න ඕනේ.. ඒත් අපි බැලන්ස් කරලා තියෙන්නේ..


 වර්තමාන ලෝක වෙළඳපොළ තත්ත්වයන් සැලකිල්ලට ගත් කල මෙරට ඉන්ධන මිල දැනට පවතින මට්ටමට වඩා ඉහළ අගයක පැවතිය යුතු වුවද, රජය විශේෂ පිළිවෙතක් අනුගමනය කරමින් එම මිල පාලනය කර පවත්වාගෙන යන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.

පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ, රජය ඉන්ධන මිලදී ගැනීමේදී ලෝක වෙළඳපොළේ පවතින ඉහළම මිල ගණන් වලට නොව, ඉතාම විමසිලිමත්ව අඩුම මිල ගණන් යටතේ ඉන්ධන ලබා ගැනීමට කටයුතු කරන බවයි.

ඉන්දියාව සහ පකිස්ථානය වැනි රටවල් ලෝක බොරතෙල් මිල පහළ යාමේ සහනය ජනතාවට ලබා දුන්නද, මෙරට තුළ එම තත්ත්වය කළමනාකරණය කරන්නේ රජයේ විශේෂ වැඩපිළිවෙළක් යටතේ බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එමෙන්ම, මෙරට කෘෂිකාර්මික අර්බුදය සහ සහල් මාෆියාව පිළිබඳවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළේය. ගොවියාට ලැබෙන මිල සහ නිෂ්පාදන පිරිවැය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ, ඇතැම් වී වර්ග කීරි සම්බා වැනි නිෂ්පාදනය කිරීමේදී රුපියල් 41ක පමණ ලාභයක් ගොවියාට හිමිවන බවයි.

සහල් මාෆියාව මැඬලීමට රජය ගෙන යන වැඩපිළිවෙළ යටතේ රජයේ වී ගබඩා විවෘත කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සහ ක්‍රියාවලිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

සපුගස්කන්ද පිරිපහදුව වසා තැබීම සහ කෘෂිකාර්මික නිෂ්පාදන සම්බන්ධයෙන් පවතින ගැටලුවලට රජය කඩිනමින් විසඳුම් ලබා දීමට කටයුතු කරන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් සහතික විය

2 Comments

  1. ඔහොම බැලන්ස් එකේම යමු

    ReplyDelete
  2. හුත්තෝ ලෝකෙ පුරාම තෙල් මිල අඩු වෙනවා. ජේවීපී පකයො තෙල් වලින් පුකේ අරිනවා

    ReplyDelete
Previous Post Next Post